මහ බැංකුවේ නව අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
ඔහු මහ බැංකුවේ විශ්වාසය වැඩි කිරීම පිණිස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ගුණවර්ධන මහතා පවසයි.
මීට පෙර පොලිස්පති සහ නීතිපති ඇතුළු තනතුරු පත් කරද්දී පොදු විපක්ෂය විරුද්ධ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු විපක්ෂ කණ්ඩායම අර්ජුන් මහේන්ද්‍රන් හරහා ආණ්ඩුව පෙරළීමට සිහින දැක්කා. අර්ථසාධක අරමුදලේ දායක මුදල් රුපියල් කෝටි 2800ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කොට විනාශ කළ අයට එරෙහිව ඔබ එදා ගොලුව සිටියා. නමුත් අද...? (නි)
පිළිගත්තත් නැතත් දැන් කරන්න දෙයක් නැහැනේ (නි)
කෝ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණලාභී, ඩයස්පෝරා චක්‍රවර්තී, දේශප්‍රේමී මාරාන්තික උපවාසලාභී එක්කෙනා? මොකුත් ප්‍රකාශයක් නැද්ද? (නි)
නව මහ බැංකු අධිපතිවරයා ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන් වන සාකච්ඡාවන්හිදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගිවන පුද්ගලයෙකුද කියා දැනගැනීමට කැමතියි. එය එසේනම් හේතු පාඨ ලියන්න ඕනෑ නැහැනේ. තේරුම් ගන්න පුළුවන්නේ. (නි)
සුජීව, ඔබගේ කතාවත් එක්ක මම එකඟ වෙනවා. (නි)
මෙයාලා කැමති වුණත් නැතත් වැඩක් නැහැ, අපි කැමති නම් තමා වැදගත්. මේ පත්වීම ඉහළින්ම අගයමු. වඩාත් විශ්වාසදායක සේවයක් කිරීමට ශක්තිය ලැබේවා! (නි)
රෝයල් එකේ එකට හිටපු හින්ද වෙන්න ඇති නේද ? (බ)
අර්ථසාධක අරමුදලේ දායක මුදල් රුපියල් කෝටි 2800ක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කොට විනාශ කළා විතරක් නෙමෙයි නාගරික සංවර්ධනයට මුවා වෙලා රුපියල් කෝටි ලක්ෂ ගානක් ලංකාවේ සියලුම බැංකු විසින් ලබා දීලත් තිබුණා (බ)
හිටපු ඒකාධිපතියාගේ කාලේදී කබ්රාල්ව පත් කර ගන්නකොට විරුද්ධ වුනාද?මෙහෙව් පට්ට සමාජවාදියෝ කියා ගන්න අයව පොල් පිත්තක් ගත්තම සියයක් විතර කපන්න පුළුවනි. (බ)
පියා සහ පුතු අතර වෙනස , බොරලුගොඩ සිංහයා , පුතා බොරලුගොඩ ....(බ)
මොහු එට්කා ගිවිසුමේ උපදේශකයෙක්. අගමැතිගේ එහෙයියෙක්. කොටි හිතවාදී රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයෙක්. කොටි හිතවාදී පස්කරලින්ගම්ගේ උපදෙස් මත ක්‍රියා කරන්නෙක්. මේ රජයේ ආර්ථික උපදේශක මණ්ඩලයේ ව්‍යුහය වෙනස් නොකොට කරන ඇස්බැන්දුම් වලින් රට අවුලෙන් අවුලට යනු ඇත. යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් පන් මල්ල නොබලාම වීසිකරපන් කිව්වලු! (බ)
මතකනේ මෙයාගේ කාලයේ ,සිටපු පි බි ජයසුන්දර , උසවියෙනුත් පන්නපු කෙනා , අනිකා කබ්රාල් , මේ දෙන්නත් මේ සිටි මහේන්ද්‍රන් ට සමාන අය , ආපු කෙනා කෙසේද කියන්න තව කාලයක් යනවා (බ)
සෑම්, ඔච්චර වචන නාස්ති කරන්න ඕනෑ නැහැ . පළමුවෙනි වචන දෙකෙන්ම ඕනෑම කෙනෙක් දන්නවා ඔයා කා ගැනද කියන්නේ කියලා (බ)
කබ්රාල් කියන්නේ අපේම උගත් මිනිසෙක් (බ)
ඔබතුමන්ගේ උත්සාහයක ප්‍රතිපලයක් මේක ඒ ගෞරවය ඒකාබද්ධ විපක්ෂයට ලැබේවා (බ)
දෙන්නම රෝයල් එකේ හිටපු හින්ද වෙන්න ඇති කැමැත්ත (බ)
ඇති යාන්තම්... (නි)
ඔබතුමන්ලාගෙන් මෙවැන්නක් අසන්න ලැබීම සතුටට කරුණකි. ටික දවසක් හරි ජනතාවගේ කන්වලට පහසුවක් දැනෙනු ඇත. සමහරු කළුවතින් රෝහල්වලට ගිය එකේ ප්‍රතිඵල කියන්නත් පුළුවන්. ඊළඟට කාරණයක් සොයාදීම යහපාලනයේ හැකියාව මත සිදුවේ. (නි)
ඔබලාගේ කාලයේ කබ්රාල් පත්කරද්දී ප්‍රතික්ෂේප කරන්න හිතුනේ නැද්ද? (නි)
කලින් එක්කෙනත් රෝයල් නේද? හැබැයි ඉතින් වැඩ දුන්නෙත් රෝයල් විදිහටම තමයි. (නි)
දිනේෂ් මැතිතුමනි, ඔබගේ පියාත් මේ වගේ දේශපාලන න්‍යාය ධර්ම වල සිටියා. නමුත් අවසානයට තෝරාගත් දේශපාලන දර්ශනය හොඳට සිතට ගන්න. අද මා සඳහන් කළා කියලා හිතාගන්න. ඔබ තව අවුරුදු 05 කින් ඔබ සිතාගන්න බැරි දේශපාලන තීන්දුවකට යනවා. යථාර්ථය එය වේ (නි)
එ්ක ඇත්ත. කෙනෙක් පත්වුණ ගමන් දොස් කියන්න හොඳ නැහැ. වැඩ කර පෙන්වීමට ඔහුට කාලයක් දියයුතු වෙනවා. අපි බලමු ඔහු රටේ විශ්වාසය දිනාගන්නා හැටි. ඔබට සුබ පතනවා අපේ මේ රට ඉදිරියට ගෙනයන්නට වැඩ කරන්නට. (නි)
කාළගුණ දෙපාර්තමේන්තව මොකද දන්නේ අද හවස ගැන කිවුවේ? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී, ජනතාවට හිතකර, හොරකම් වංචා වලට එරෙහි තීරණ රජයක් විසින් ගනු ලබනවිට ඒ තීරණ වලට කවුරුත් එකඟ වියයුත්තේමය. (නි)
මහින්දත් කැමතිද? අනෙක් අය මොනවා කියයිද? (නි)
සතුටුයි හැමෝගෙම එකඟතාවය ඇතිවුණ එකට. (නි)
මේගොල්ලෝ එච්චර ඉහළින් පිළිගන්නවා කියන්නේ අපිට මොන ගිනිගෙඩියක් ඊළඟට පාත්වෙයිද දන්නේ නැහැ. (නි)
දෙන්නා යාලුවොද කියලා අපි දන්නෙ නැහැනේ (නි)
අවංකවමද? මොකද ඉස්සර කෙනා ගැන ඕගොල්ලො කට වහගෙන හිටියෙ බයටද? මේක තමයි සම්මුතිවාදය කියන්නෙ. දැක්කද වෙනස? (නි)
තව සතියකින් විතර මොනවාහරි වරදක් අල්ලාගනීවි. අපි නොදන්නා කට්ටිය? (නි)
පිළිනොගත්තත් ඇති ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයාලා තමයි කබ්රාල් ගෙනාවෙත්. එ්ත් මේ පත්කිරීම ශ්‍රී ලංකා ආර්ථික ක්ෂේත්‍රයේ විශාල පිම්මකට හේතු වෙයි. අතිදැවැන්ත සංවර්ධනයකට සහ මුල්‍ය පරිපාලනයකට යටත්ව දියුණු වෙයි. මේ පත්වීම ශ්‍රේෂ්ඨ එකක් ලෙස මම දකිනවා. අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් අපේ උපහාරය. (නි)
දැන් මෙයාලා පිළිනොගත්තා නම් මොකද, නව අධිපතිට වැඩකරන්න බැරිද? (නි)
දැන්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි ඉවසලා බලමු (නි)
අපිත් මේ පත්කිරීමට කැමතියි (නි)
ඔබතුමා පිළිගත්තත් නැතත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති පත්කරන අය ජනතාව පිළිගන්නවා. පුදුමයි! මෙහෙම කතාවක් හරි කිව්වා. හැමදාම කළේ කකුලෙන් අදින එකනේ (නි)