නව මහ බැංකු අධිපති ලෙස නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලබා ගත්තේය.
ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක් විය.
ඔහු 1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාස නිලධාරියකු ලෙස සේවය කර තිබේ.
1990 සිට 2008 දක්වා බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම්වරයාගේ කාර්යාලයයේ නියෝජ්‍ය අධ්‍යක්ෂණ ලෙස ද කටයුතු කර ඇත.
කොළඹ රාජකීය විද්‍යාලයයෙන් හා බ්‍රිතාන්‍යයේ හැරෝ විද්‍යාලයයෙන් අධ්‍යාපනය හැදෑරූ කුමාරස්වාමි මහතා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයයෙන් මූලික උපාධිය ලබා සසෙක්ස් විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
කරන කාර්යය හරියට ඉටු කරන්න.(හේ)
ගරු ජනාධිපතිතුමනි, මහ බැංකුවෙන් කඩා මුදල් අමාත්‍යාංශයට දුන් කෑලි දෙකත් ආපසු මෙතුමාට දුන්නොත් හොඳයි කියලා අපට හිතෙනවා. අපි හරි බයයි අමාත්‍යංශයට. (නි)
දැන් ඉතින් අර වාෂ්පවුණු කෙනා ගැනත් හොයලා බැලුවොත් නේද හොඳ? (නි)
පළමුව ඔබතුමාට සුභාශිංසනය පුදමි. ගෞරවනීය සේවය සඳහා හෘද සාක්ෂිය පෙරටුකරගන්න. එය ඔබතුමාගේ මෙතෙක් ගෙන ආ අතීතයෙන් පෙන්නුම්කර ඇත. අනාගතය උදෙසා එයම උපකාර වේවි. අපගේ පැවැත්මට එම ආදර්ශයම මහෝපකාරී වේවා. ස්තුතියි! (නි)
අපි කෙනෙකුගේ දක්ෂතාවයත්, අවංක භාවයත් මනින්නේ ඔහුගේ ක්‍රියා කලාපය මඟිනි. සෑම රජයක්ම බලයට පත්කිරීමට ධනපති ව්‍යාපාරික පංතියක් වගේම ව්‍යාපාරික දේශපාලකයන් පිරිසක් කැප වෙනවා ඇත. ඔවුන් රජයක බලයක් නිර්මාණය කර ගැනීම කවදත් අප දැක ඇත. ආණ්ඩු ගෙදර යවන්නෙත් රාජ්‍ය පාලනය ජනතාවගේ අප්‍රසාදයට පත් කරන්නෙත් මේ පිරිසය. තිරය පිටුපස සිටින මේ පිරිස යටපත් කර ගනිමින් රටේ අවශතාවය ඉදිරියට ගෙන යන රාජ්‍ය නිලධාරියා රටට වාසනාවකි. රටේ යහපත සඳහා කැප වෙන අවංක නිලධාරියෙක් වෙනුවෙන් අපි සුබ පතන්නෙමු. (අ)
මොහු දක්ෂ නිලධරයෙක්.(හේ)