IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නව මන්ත්‍රීවරු තුනක් දිවුරති

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාලිත තෙවරප්පෙරුම හා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බිමල් රත්නායක යන මහත්වරු අද (22) පාර්ලිමේන්තුවේදී කතානායත කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඌව මහ ඇමැති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ චාමර සම්පත් දසනායක මහතා තේරී පත්වීම නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව මීට පෙර පැවැති පාර්ලිමේන්තු සැසියේදී ඉල්ලා අස්වූ සරත් මායාදුන්නේ මහතා වෙනුවට බිමල් රත්නායක මහතා අද දිවුරුම් දුන්නේය.

පාලිත තෙවරප්පෙරුම කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහුගේ පුතාගේ මරණය හේතුවෙන් දිවුරුම් දීම පමාවිය.



අදහස් (0)

නව මන්ත්‍රීවරු තුනක් දිවුරති

ධර්ම ජයවික්‍රම Wednesday, 23 September 2015 05:54 AM

බිමල් රත්නායක සහෝදරයාට අපේ උණුසුම් ආචාරය.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site