නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න, පාලිත තෙවරප්පෙරුම හා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බිමල් රත්නායක යන මහත්වරු අද (22) පාර්ලිමේන්තුවේදී කතානායත කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඌව මහ ඇමැති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ චාමර සම්පත් දසනායක මහතා තේරී පත්වීම නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා දිවුරුම් දුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්ව මීට පෙර පැවැති පාර්ලිමේන්තු සැසියේදී ඉල්ලා අස්වූ සරත් මායාදුන්නේ මහතා වෙනුවට බිමල් රත්නායක මහතා අද දිවුරුම් දුන්නේය.
පාලිත තෙවරප්පෙරුම කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහුගේ පුතාගේ මරණය හේතුවෙන් දිවුරුම් දීම පමාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිමල් රත්නායක සහෝදරයාට අපේ උණුසුම් ආචාරය.(ම)