ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18) දින පස්වරු තුනට කතානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.
එහිදී ප්‍රධාන වශයෙන්ම නව පොලිස්පති පත් කිරිම පිළිබඳව ජනාධිපති විසින් යොමු කැරුණු නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුව එක් නමක් නිර්දේශ කැර ජනාධිපති වෙත දන්වා යැවිමට නියමිතය.
ව්‍යවස්ථා සභාවේ සාමාජික පාඨලි චම්පික ඇමැති නව පොලිස්පති තෝරා ගැනීමේ රැස්වීමට සහභාගී නොවිය යුතු යැයි එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. රණවක ඇමැති රිය අනතුරකට සම්බන්ධ වී යැයි කියන සිද්ධියක් ඇති හෙයින් මිළඟ පොලිස්පති තෝරා ගැනීමට ඔහු හවුල් නොවිය යුතු බව එකාබද්ධ විපක්ෂය කියයි. බන්දුල ගුණවර්ධන හා වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරු ඇමැති රණවකට එරෙහි ලිපියට අත්සන් කර ඇත්තාහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත්කළත්, කොන්ද පණ ඇති සමාජ සාධාරණය උදෙසා කැපවෙන කෙනෙක් පත්කෙරේවා! (නි)
පුජිත් ජයසුන්දර මහතා මම යෝජනා කරනවා (නි)
නියම සුදුස්සා පුජිත් ජයසුන්දර තමයි... (නි)
රටේ යහපත සඳහා නව පොලිස්පති ධූරයට පුජීත ජයසුන්දර මහතා සුදුසුකම් ලබනවා නම් සතුටුයි (නි)