ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන පිරිස බිහිකරන්න යන පක්ෂය කවදාමත්ම නොපිපෙන පොහොට්ටුවක් බවත් මෙය පොහොට්ටුවක්ම පමණක් බවත් ජාතික මැතිවරණ දෙකක් ජයගත් එජාපෙට මෙය කිසිසේත්ම අභියෝගයක් නොවන බවත් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල අද (7) තෙල්දෙණියේදී පැවසීය.
‘රට ආර්ථික පිම්මක් පනින්නට දැන් සූදානම් වෙමින් සිටිනවා. වසර 20 ක් පුරා ගරා වැටුණු ආර්ථිකයක් වසර 1 1/2 කින් ආපසු හැරවීමට කිසිවකුටත් ලෙහෙසියෙන් කරන්න බෑ. පසුගිය වසර පුරා රජය කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීම‘ යැයි ද ඔහු කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාල පිම්ම පැන්නේ මහා බැංකු හොරකමෙන් ආයිත් කොහෙන්ද පාරක් (බ)
ලකිය දැන්මම බයවෙලා.....!! පොහොට්ටුව පිපෙනවිට තවත් පොහොට්ටු ගොඩාක් එනවා. උසස් අධ්‍යාපන ඇමති ඒගැන දන්නේ නැතිව ඇති. පොහොට්ටුවට ජය පතමු....!! පොහොට්ටුවට අතදෙමු....!! සදා ජය...! (බ)
පොහොට්ටු තමයි මල් වෙන්නේ. මොකද දැම්මම බයවෙලා. (බ)
‘පසුගිය වසර පුරා රජය කළේ ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රියා කිරීමයි‘ දේශීය ජනතාවගේ හිත දිනා ගන්න තිබුන ඉඩකඩ ඉන් අහුරා ගැනීමයි. අපේ ගැමියෝ කිව්වේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල (බ)
මොකද තරහ ගිහිල්ලද (බ)
අනේ මෙහෙමත් මිනිස්සු. (අ)
චතුරිලා වගේ අය නොහිටින්න ලංකාවත් දැන් හොඳ තැනක! (බ)
2015 ඡන්දෙට දාන්න කෙනෙක් යූ.ඇන්. පී. එකට හිටියද? (අ)
පක්ෂයට කෙසේවෙතත් මෙතුමාගේ ක්‍රියාකලාපයට නම් ජනතාව කැමති නැහැ. උපදේසකයන් පනහක් තියාගෙන එහෙම කලේ සහයෝගය දුන්න අයට උපකාර කරන්න කියල කිව්වේ මෙතුමා තමා. පක්ෂයට තියන නියම අභියෝගය මෙවැනි අය කියලයි මට හිතෙන්නේ.(අ)
මේ මල් පොහොට්ටු අයිති වැලිකඩ මල් පාත්තිවල ගස් වලටයි.(ම)
ඕනෑම කෙනෙකුට අැමති කෙනෙක් වෙන්නත් පුලුවන්නේ. (නි)
මේ දවස්වල පොහොට්ටුව ජීවම් කරනවා මෝඩයින්ව වශී කරගන්න. කම්බ හොරු කොතැනද, මෝඩ රැලත් එතන. (නි)
මේ පක්ෂය හොඳ ඉදිරි ගමනක් යන බව සහතිකයි (නි)
ඕනෑම ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් වගේම ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්නත් පුලුවන් (නි)
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. (නි)
අපි නම් පොහොට්ටුවට අපේ මනාපය දෙනවා (නි)
බලාගෙන ඉන්න ජනතාව පොහොට්ටුව පුබුදුවනකන්. ගියපාර නම් අවුරුදු දෙකකටත් කලින්ම පොහොට්ටුව පිබිදුව බව අමතකද? (නි)
හා හා කවදාද ඔයගොල්ලෝ මැතිවරණ ජය ගත්තේ? පස්ස දොරක් තිබුන නිසා හොඳයි. අපි අද ඊයේ ඉපදුන අය නොවෙයි (නි)
මල් පොහොට්ටුවේ සභාපති ගැන නම් අපේ කිසිම පැහැදීමක් නැහැ (නි)
මෙයාලා නේද කිවුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ කිසි වැරැද්දක් නැහැ කියලා. (නි)
නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් වුවද තර්ක වල ඇති බොළඳ බව තුළින් බොහෝ දේ පැහැදිලි වෙනවා. (නි)
මෙය "නොපිපෙන පොහොට්ටුවක්" කියලා බැලු බැල්මටම කියනවා නම් වෙනත් ලකුණු ගැන මෙහෙමත් කියන්න පුළුවන් නේද? "වැඩ නොකරන අතක්", "කම්මැලි අලියෙක්", "නාද නැති සීනුවක්", "හඬ නැති හක්ගෙඩියක්" කියල. අනුන් විවේචනය කරමින් අලුත් වැඩක් නොකරන අයටට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. (නි)
වාර්තාවක් තියන්න තරමට පැරදුන අය ඉන්නෙත් ඔබතුමාලගේ පක්ෂයේ නේද? (නි)
පිපිලා පරවෙලා යනවට වඩා හොදයි පොහොට්ටුවක් විදියටම තියෙනවා නම්..ඒ වගේම පිපෙන්න පිපෙන්න තව තව පොහොට්ටු එන එකත් අමතක කරන්න එපා මහත්තයෝ..(අ)
ඔය පොහොට්ටුව ගැන ඇහුවම දැන් හැමෝම කියනවා අපි දන්නේ නැතිලු. අන්තිමට අර ජි එල් පිරිස් මහත්තයව බිල්ලට දීල කවුරුවත් සද්දේ නැහැ . අනේ පොහොට්ටුව පිපෙන්න ඕන ඊට පස්සේ හොරු ටික පරවෙන හැටි අපිට හොදට බලාගන්න පුළුවන් (අ)
චතුරි නම් මන්තරකාරියක් ද කොහෙද? හැම වෙලාවෙම වාසි ගැනයි ජීවම් ගැනයි කියන්නේ (බ)
මේ කතා වලට කොහෙන් හිනාවෙන්නද මන්දා (බ)
පොහොට්ටුවට අපි මනාපය.. (ම)