ඉතාලියේ නව ශ්‍රි ලංකා තානාපතිවශයෙන් නාවලගේ බෙනට් කුරේ මහතා මාසයකින් පමණ වැඩ බාර ගැනීමට නියමිතය. ඔහු දැනට පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිය. ඉතාලි රජයේ අනුමැතිය ලත් ලිපිය අද දින ලැබුණු බව ඔහු පැවැසීය. රෝමතානාපති කාර්යාලය පිලිබදව එසැණින් පළවන පුවත් දකින බවද එයින් යම්වැටහිමක් ලබාගෙන ඇති බවත් රෝමයට පැමිණෙන සෑම දෙනාගේම සහයෝගයෙන් විධිමත් තානාපතිසෙවයක් ලබා දිමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකවේ තානාපති කෙනෙක් හැටියට කෙනෙකු පත්වීම ලබා එන්නේ තානාපති සේවය ගෙන කොහෙත්ම අවබෝදයක් නැති රජයේ මැති ඇමති වරුන්ගේ පවුල වල උදවිය හෝ ලංගම මිතුරු මිතුරියන්ය. ඔවුන් ආවත් ඉන්න අවුරුදු කීපයේ උපරිම මුදල් සපයා ගැනීමත් තම දරුවන් ලංකාවේ රජයේ මුදලින් ඒ කියන්නේ මහජන මුදලින් නඩත්තු කිරීමත් පමණි. විදේශ කටයුතු අමාක්‍යංශයේ පළපුරුදු නිලදාරීන් වයසට ගොස් ලංකාවේම විශ්‍රාම යති. මොන රජයක් ආවත් මෙය වෙනස් වන්නේ නැත.(නදී)
මේ උදවිය දිනුවත් දිනුම්.. පෙරදුනත් දිනුම් ! (අ)
උගත් විදේශ සේවා වෘතිකයින්ට පරිබාහිරව රජයේ ලොකු තැන් වලට හිතවත් අය මෙම තනතුරු වලට දැමීම ඉගෙන ගන්න අයට කරන බලවත් අසාධාරණයක්.(ස)
ඉතාලිය කියන්නේ ලොකු රටක්. අඩු ගානේ තානාපති කාර්යාල 3ක් වත් ඕනෑ.බලන්නකෝ දැන් බෙල්ජියම්,නෙදර්ලන්ඩ් කියන පොඩි රටවල් වල තානාපතිවරු ඉන්නවා ,සේවකයෝත් ඉන්නවා හුගක්. (නි)
අල්ලන්නද එන්නේ? (අ)
පිටිගල මිලානෝ ඔබගේ අදහස් හරියටම හරි. විදේශ සේවා වෘත්තියත් අනිත් වෘර්තින් වගේ ඉගෙනීමේ සහ අත්දැකීම් මත පදනම් උන දෙයක්. වෘත්තීය පිලිබදව කිසිම දැනීමක් නැති පුද්ගලයන් එකපාරටම තානාපති වරුන් ලෙස පත්කර යැවීමෙන් එම වෘත්තියේ යෙදෙන අවරුදු ගානක පලපුරුද්ද සහ දැනුම ඇති පුද්ගලයන්ට කරන අසාධාරණයක් මෙන්ම රටට කරන විනාශයක්. එම නිසා අපේ තානාපති සේවය දුර්වලයි. යුරෝපෙයේ කොටි හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වැඩියි. සෞදි වැනි රටවලදී අපේ පුරවැසියන් දුක්විදින්නේ මේ නිසයි.(නදී)
මම කවි කියන්නේ නැහැ ඔබ තුමා එනකම් හොදේ.(නදී)
අම්මෝ... අයියෝ...(අ)
අපි එතුමාට සුභ ප්‍රාර්තනා කරමු හැම දෙයක්ම හොඳින් කරන්න හැකිවේවා කියලා (අ)
සුබ පතමි (අ)