(සුජිත් හේවාජූලිගේ)
අලුතින් පත් කෙරුණු තවත් තානාපතිවරුන් දෙදෙනෙකුගේ හා සංස්ථා ප්‍රධානියකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙසේ සුදුසුකම් පරීක්ෂා කර බැලෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතාගේ, බෙල්ජියම බ්රයල්ස් නුවර හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් නම්කරන ලද ග්‍රේස් ආසිර්වාදම් මහත්මියගේ හා සීමාසහිත මහවැලි සත්තව ව්‍යාපාරික සංගමේ සභාපති වශයෙන් පත් කරන ලද ජේ. ඒ. බුද්ධික විජිත සෙනෙවිරත්න මහතාගේ ය.
රොඩ්නි පෙරේරා මහතාගේ පත්වීම සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 7 වැනි දාට පෙරත් ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය හා විජිත සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 12 වැනි දාට හෝ ඊට පෙරත් ඒවා යොමු කරන්නැයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රටවල සිසුන් විදේශ සේවය කියලා විෂයයක් විශ්ව විද්‍යාලේ අවුරුදු 4-5 හදාරලා උපාධියක් ගන්නවා.. ඊට පස්සේ ඔවුන් එම රටවල විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරනවා. ඊට පස්සේ ඔවුන් තානාපති කාර්යාලවල පහළ නිලධාරීන් වශයෙන් සේවය කරමින් අත්දැකීම් රැස් කරනවා. අපේ රාජ්‍ය සේවයේ වගේ ඔවුන්ට විභාග තිබෙනවා. ශ්‍රේණි තිබෙනවා. ඔවුන් එම විභාග වලින් පෙන්වන දක්ෂතා, පළපුරුද්ද සහ සේවයේ දක්වන විශේෂ දක්ෂතා අනුව ඔවුන්ට එම සේවාවේ ශ්‍රේණිවල උසස්වීම් ලැබෙනවා. තානාපති කෙනෙක් වෙන්න අවම ශ්‍රේණි එම රටවල නීතිගත කරලා තිබෙනවා.. එම නිසා එම රටවල තානාපතිවරු වෘත්තීය දැනුම අතින් ඉහළම පුද්ගලයන්, නමුත් අපි කරන්නේ විශ්‍රාමික දේශපාලකයන්, හමුදා නිලධාරීන්, වැනි පුද්ගලයන් තානාපතිවරු වශයෙන් පත්කර යවන එක, එහෙම කළාම අපේ තානාපති සේවය හැමදාම වලපල්ලට යන එක අරුමයක්ද? දැනට පවතින ආණ්ඩුව සහ පසුගිය කාලේ සෑම ආණ්ඩුවක්ම කලේ මේ දේ තමයි...
සුදුසුකම් පරීක්ෂා කර බැලීම කල යුත්තේ පත් කිරීමට පෙර නේද? අැයි මේක කලින් කලේ නැත්තේ?
අග සිට මුලට යන රැලක්.. සෑහෙන කලක සිට බලයට පත්වූ මෙම අසීලාචාර පක්ෂ දෙකෙන්ම විදේශ සේවයට ගියේ තම තමන්ගේ ඇම්බැට්ටයන් මෙන්ම බෝල කාරයින්ය. වැඩිදෙනෙකුට වෙනත් භාෂාවක් වත් හසුරුවා ගැනීමට අපහසු අය වීම වඩාත් කණගාටුවට කාරණයකි.
මේ දෙදෙනාම ශ්‍රී ලංකා විදේශ සේවයේ පළපුරුදු නිලධාරීන් කියල තමයි අපි දන්නේ....