ප්‍රමාණවත් නින්දක් නොලැබීම සිසුන්ගේ ගණිත හා විද්‍යා හැකියාවන් මොට කරන බව මෑතක කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ. රූපවාහිනිජංගම දුරකතන හා පරිගණකවලට ඇබ්බැහිවී සිටින සිසුනට වැඩි වශයෙන් නින්ද ප්‍රමාණවත්ව නොලැබෙන බවත් ඇමරිකාවේ එම පිරිස ඉතා ඉහළ බවත් එම පර්යේෂණය පෙන්වා දෙයි.
ඇමරිකාවේ වයස අවුරුදු 9-10 ත් අතර සිසුන්ගෙන් සියයට 73කට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවත් වයස 13-14ත් අතර සිසුන්ගෙන් සියයට 30කට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවත් එම පර්යේෂණ හෙළිකරයි.
ඇමරිකාවට අමතරව නවසීලන්තය සෞදි අරාබිය එංගලන්තය අයර්ලන්තය පින්ලන්තය සහ ප්‍රංශය යන රටවල සිසුහු මෙම නින්ද ප්‍රමාණවත් නොවීමේ තත්ත්වයට මුහුණ පාති. අසර්බයිජානය කසකස්ථානය චෙක් ජනරජය මෝල්ටෝවා සහ ජපානයේ සිසුන් ප්‍රමාණවත් නින්දක් ලැබීම නිසා ගණිත සහ විද්‍යා ප්‍රතිපල වැඩි වශයෙන් පෙන්වන රටවල් බවත් ආසියාවද හොඳ තත්ත්වයේ පසුවන බවත් එම පර්යේෂකයන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්ෂනය වැරදී විදියට පාවිච්චි කළහම ඔහොම තමයි. ෆේස් බුක් එකේ ස්කයිප්, යාහු එකට වෙලා කෙල්ලෝ කොල්ලෝ චැට් කරනවා, එළිවෙනකම්. නිදි නැහැ. දෙමව්පියන් හිතන්නේ ඒ ගොල්ලෝ කොම්පියුටර් එකේ නව තාක්ෂණය එක්ක ඉගෙන ගන්නවා කියලා (නි)
අපේ අය ඉස්සරහට ලෝකෙන්ම කප් ගහයි, ලයිට් බිල වැඩි නිසා කලින්ම නිදාගෙන (නි)
ඉතින් අන්තර්ජාලයේ සැරිසරණකොට වෙලාව යනවා තේරෙන්නෙ නැහැනේ. ඉතින් නිදියන්න කෝ වෙලාවක් ? (නි)
සනත්ගෙ කතාව හරි. අපි ඉදිරියට හොඳ තැනක ඉඳීවි (නි)
අනේ විදේශීය රටවල් වල තියෙනවා නම් මරාලයක් වුනත් කමක් නැහැ, අපිත් අනුගමනය කරමු. (නි)
මෙම ප්‍රශ්නය ලංකාවේ නාගරික පරිසරයට ටිකක් බලපානවා. ගම්බද දෙමව්පියන්ට පරිගණක,රුපවාහිනී,ජංගම දුරකථන තියා ,විදුලිය ගන්නවත් මුදල් නැහැ.විදුලිය ගත්තා කියමුකෝ. දිනකට දෙතුන් වතාවක් විසන්ධි වෙනවා. වැස්සොත් ඇත්තෙම නැහැ.භූමිතෙල් බෝතලයක් ගන්න මුදල් නැහැ.දරුවන් ගොරව..ගොරව නිදාගන්නවා !! (නි)
නින්ද අතින් අපේ රට කපු ගහලා ඉවරයි. බස් එකේ ගියත්, බණ මඩුවකට ගියත්, කොහේ ගියත් නින්දම තමයි (නි)
සෞදියේ අයට නම් ඉතින් නිදාගන්න තියා වෙන වැඩක්වත් කරන්න වෙලාවක් නැතුව ඇති. දවසට පස් වතාවක් වඳින්න යනවනේ (නි)
සෞදියේ අය වෙන වැඩක් නොකර දවසට පස් වතාවක් පල්ලි ගියත් මේ රට ඉතා වේගයෙන් දියුණු වෙනවා. මාසෙකට එක සැරයක් පෝයටවත් පන්සල් නොයන අපි එදාටත් ගෙරි මස් කකා අරක්කු බිබී දවසින් දවස හිඟන්නෝ වෙනවා. කාටද ආඩම්බර? (නි)
අවුරුදු 80 කින් අවුරුදු 26 ක්ම නිදි තමයි. ( දවසට පය 8 ගානේ ) කොහොමද නින්ද? (නි)