නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (14) කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ බාරගත්තේය.
ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
1982 මාර්තු 5 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු ජයම්පති මහතා 1985 දී පයිලට් ඔෆිසර් නිලයට පත්විය. 2005 සිට 2008 දක්වා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ජයම්පති මහතා පසුව ලංකාවට පැමිණ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී සහ බණ්ඩාරනායක ගුවන් තොටුපළේ නිලලත් ආරක්ෂක භාර නිලධාරී ලෙස ද කටයුතු කළේය. 2009 සිට 2011 දක්වා චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පීඨාධිපති වූ කපිල ජයම්පති මහතා කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ සැපයුම් අධ්‍යක්ෂ ලෙස 2011 – 2014 දක්වාද ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස 2014 දක්වාද රාජකාරී කළේය.
ඒ මහතා 2011 නොවැම්බර් 2 වැනිදා එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කැරුණු අතර මේ වන විට වීර වික්‍රම විභූෂණ, රණ ශූර, රණ වික්‍රම ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝසයි නිසි පුද්ගලයන්ට නිසි තැන ලැබෙන එකට. (අ)
හොද ගතිගුණ තියන මගේ පාසලේ හොද ගති ඇති වැදගත් නිහතමානී මහත්මයෙක්. මේවගේ උත්තමයන් අපේ මව් බිමට අවශ්‍ය මොහොතක්. (ර)
කීර්තිමත් නාමය රැකගන්න, ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. (ර)
ඔබතුමාට බාරගත් හමුදාව අඩියකින් හරි ඉදිරියට ගෙනියන්න හැකිවේවා කියා අපි සුබ පතමු මගේ රටට දළදා හිමි සරණයි (බ)
යමක් වේනම් එය සුදුස්සාටම වේ.ඔබට ජය ..!!! (අ)