ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස අමාත්‍ය පීටර් කෙනමන් මහතාගේ 97 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ මරදාන එල්ෆිනිස්ටන් රඟහල ඉදිරිපිට කෙනමන් පිළිරුවට අද(12) පුෂ්පෝහාර දැක්විණි.
පීටර් කෙනමන් සැමරුම් සංසදය,පීටර් කෙනමන් මහතාගේ බිරිය වීඩා කෙනමන් මහත්මිය පිළිමයට ප්‍රථමයෙන් පුෂ්පෝහාර දැක්වුවාය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්වන මහාචාර්ය තිස්ස විතාරණ .ඒ එච්.එම් ෆවුසි,අමාත්‍ය රාජිත සේනාරත්න ,කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති ටයිටස් පෙරේරා මහතාද සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම සැබෑ තරුවක්ග(හේ)
රතුපාටට කැමති ජේ . වී . පි කාරයෙක් වත් නැහැනේ එතන . අනේ අම්මප එයාල වැදගත් මිනිසුන්ට ගරුකරන හැටි (අ)
පීටර් කේනමන් මහතා නිවාස හා ඉදිකිරීම් ඇමති වරයෙක් වශයෙන් ඉතා මත් සත් භාවයෙන් තම කාර්ය භාරය ඉටුකළ අවංක ඇමති වරයෙක්. මාලිගා වත්තේ ,ස්ලෙව් අයිලන්ඩ් තට්ටු නිවාස සංකීර්ණ හා චිත්තප්පලම් ගාඩිනර් මාවතේ දැනට ඇති ජ.නි.සං. අධිකාරියේ ප්‍රධාන ගොඩනැගිල්ල අහසට පෙනෙන විට දෑකැත්ත හා මිටියේ හැඩයට ඉදිකළ එතුමාගේ නිර්මාණයන්ය. එතුමාට මොක් සැප !! (නදී)
එතුමා නිහඬ වීරයෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
දැන් මේ පක්ෂයේ සිටින්නේ කවුරුන්ද? (නි)
ඔබතුමා සැමදා අමරණීය වීරයෙක් (නි)
ශ්රී ලංකාවේ පීඩිත දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් කළ, සේවය කළ ගරු පීටර් කේනමන් මැතිතුමාව මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ නිවැසියන් වෙනුවෙන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. (නි)