නාගරික සංවර්ධන අධිකාරියට අයත් පහත් බිම් ගොඩකිරීමේ මණ්ඩලයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි නවයක වංචාව ගැන කොල්ලුපිටියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකය අද (14) හිටපු රාජක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පිටව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු වරද ඔප්පුවෙයිද කියලා (නි)
එතකොට වංචා දූෂණ විතරමද කර ඇත්තේ ......(ම)
කවුරුහරි වරදක් කරලා තියනවා නම් දඬුවම් දෙන්න ඕනෑ. විශේෂයෙන් දේශපාලකයෝ.නමුත් හිතලා බලන්න මේ රටේ බලයට ආ මොනම රජයකින්වත් වැරදි කළා කියලා කාටවත් දඬුවම් දීලා තියනවද? පිළිතුර නැහැ කියන එකයි. එහෙම කරන්නේ නැත්තේ මේ ඔක්කොම අය එකම කාසියක දෙපැත්ත නිසා. (නි)
හොයනවා හොයනවා හොයනවා හොයාගත් දෙයක් තමව නැහැ හරියට පතල් හාරනවා වගේ (අ)
බොරු බයිලා මෙතුමාගේ සේවය රටට ලබාගෙන රට සංවර්ධනය කරන්න සහය ලබාගන්න ඔක්කොමල එකතුවෙලා ඩීල් දාගෙන අපිව ගොනාට අන්දවන එක තමා කරන්නේ (බ)
හොයන්න බැරි විදියටනේ ගේම ගහන්නේ (අ)
මේ අයට රුපියල් කෝටි 9 යක් කියන්නේ කජු ඇට කොස් ඇට වගේ.(හේ)
හැමදාම ප්‍රශ්න කරනවා විතරයි.(හේ)
හරියට ගොනා බැදී කරත්තය පසු පස එනවා වගේ,කරපු අපරාධ පස්සෙන් එනවා.මල් වට්ටියට ඒවා නතර කරන්න බැහැ.(හේ)
මේ හැම දෙයක්ම කරන්නේ බයට...බලාගෙන ගියාම ඇති දෙයක් නැහැ .දාපු නඩුවත් විසිකරලා දැම්ම බොරුවක් කියල.. (බ)
මෙයාලට ගරුනම්බු දීලා කතාකරන්නත් ලැජ්ජයි. තවම ඔප්පු වුණේ නැහැ. ඔප්පු වුණාම බලමු. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මේ රටේ සියළු දේශපාලඥයින්ගේ වත්කම් හොයාබලන්න කියලයි මමත් කියන්නේ (නි)
මාධ්‍ය සංදර්ශන නවතා දක්ෂයින්ගෙන් රටට වැඩක් ගතයුතුයි. (නි)