අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිම අප්‍රේල් 7 වැනිදා සවස 4ට සිදුකිරීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය කැරිණි. අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරයේදි මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී අපවත් වී වදාළ ගලගම අත්ථදස්සී නාහිමියන්ගේ ගුණ සිහිපත් කිරීමක්ද සිදු විය.
අස්ගිරි මහනායක පත්කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් අද
අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් තෝරාගැනිමේ පළමු සාකච්ඡාවක් අද (20) පස්වරු 4.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වෙන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ කියති.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක වරකාගොඩ ශ්‍රි ගුණරතන නාහිමියන් සහ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අස්ගිරි මහාවිහාරිය කාරක සංඝ සභාව රැස් වි අස්ගිරි මහනායක ගලගම අත්ථදස්සි මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්දව සංවේගය පළ කර ඉන් පසු උන් වහන්සේ කළ සේවාව ඇගයීමට ද කටයුතු යොදා ඇත.
පුරප්පාඩු වු අස්ගිරි පාර්ශවයේ නව මහනායක ධුරය සදහා හිමිනමක් පත් කර ගැනිම සඳහා දිනයක් යොදා ගැනිම ද අද සිදු කිරීමට නියමිත බවත් ආනන්ද හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ හිටපු අස්ගිරි මල්වතු නායක හාමුදුරුවරු කවුරුවත් බලයේ ඉන්න දේශපාලක බලවතුන්ව වැඩිය විවේචනය කළේ නැහැ. සෝම හාමුදුරුවනේ, සෝභිත හාමුදුරුවනේ, ඔබ නැති අඩුපාඩුව අපිට හොඳටම දැනෙනවා (නි)
කැප්පෙටිපොල මහතාණෙනි, ඔබගේ කාලෝචිත අදහසට මමත් එකඟවෙමි. (නි)
රටේ දුක්විඳින පීඩිත ජනතාව ගැන සිතා කටයුතු කරන, උගත් සිල්වත් හිමිනමක් පත්වන්නේ නම් රටටම සෙතක් වනු ඇත. (නි)
දේශපාලන පත්වීමක් නොවී බහුශ්‍රැත, සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් පත්වේවායි පතමි (නි)
කවුරු ආවත් ශාසනේ විනාශයෙන් බේරා ගන්න බවක් නම් අපට පේන්නේ නැහැ. (බ)
රට, ජාතිය සහ බුද්ධ සාසනය විනාශ කරන දුෂිත දේශපාලකයන්ට තදින්ම අවවාද කළහැකි, කෙලින් වැඩකරන සිල්වත් හිමි නමක් නායක තනතුරට පත් කීරිම යුගයේ අවශ්‍යතාවයයි අපේ හාමුදුරුවනේ (බ)
ඥානසාර හිමිගේ නම යෝජනා කරනවා (බ)
දළඳා මාළිගාව අසල මාර්ගය වසා තැබීමෙන් පීඩාවට පත්වන ජනතාවගේ දුක අවබෝධ වෙන උගත් සිල්වත් ගුණවත් හිමිනමක් ගරු පදවිය ලබත්වා (බ)
බහුශ්‍රුත, සිල්වත්, රට ලෝකය ගැන මනා අවබෝධයක් ඇති පූජනීය වේඩරුවේ උපාලි අනුනායක ස්වාමීන්වහන්සේ මහානායක පදවියට පත්වනු ඇති සිතමි. (ර)