අස්ගිරි මහා නායක පදවියට පත් වූ වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැකීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගොස් ආශිර්වාද ලබාගත්තේය.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපති කියා සිටියේ බෞද්ධාගමිකයන් මෙන්ම අනෙකුත් සියලු ජාතීන් හා ආගමික පිරිස් එකතු කරගෙන ඔවුන් අතර සාමය සංහිඳියාව ඇති කරමින් යහපත් රටක් ගොඩනැගීම තම බලාපොරොත්තුව බවයි.
මහානායක හිමියෝ සෙත් පිරිත් සජ්ජායනා කර ජනපතිට අශිර්වාද පළ කළහ.
මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නාහිමියන් බැහැදැකීමටද ජනපති ගියේය.
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
ජනපති එහි පැමිණි අවස්ථාවේ එය ආවරණය නොකරන ලෙස මාධ්‍යවේදින්ට ජනපති ආරක්ෂක අංශ නිලධාරින් පවසා සිටි අතර අවසන් මොහොතේ එම අවස්ථාව ආවරණය කිරිම සඳහා අවස්ථාව ලබාදුන්නද ඇතැම් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ගිලිහිණි.
අස්ගිරි මහා නායක හිමියන් ජනපතිට පිරිත් නුල් ගැට ගසා පිරිත් සඤ්ජායනා කිරිමේ අවස්ථාව ආවරණයට මාධ්‍යවේදින්ට ඉඩ නොලැබුණු අතර එහි ආරක්ෂක නිලධාරියෙක් මාධ්‍යවේදියකු තල්ලු කළේය..
ඡනපති මාධ්‍ය හමුවේ අදහස් දැක්විම සඳහා පැමිණි අවස්ථාවේදි ආරක්ෂක නිලධාරියා මාධ්‍යවේදීන් අතරින් යාමට සැරසෙද්දි ජනපති ඔහු ඉවත් කළේය.
මාධ්‍යවේදීන් වැළැක්වීම සම්බන්ධයෙන් ජනපතිට පැවසූ විට ජනපතිවරයා එසේ කළේ කවුදැයි විමසා සිටියේය.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතු, සුදුස්සාට සුදුසු තැන ලැබීම ඔබටත් මටවත් වැළැක්විය නොහැක (නි)
මේ සිංහල රටේ සිංහල බෞද්ද අයිතිය වැනසෙන හැටි බලා සිටින දෙශපාලකයන්ට සතුන්ගේ නම් වලින් හදුන්වමින් එසතුන්ට අවමන් කිරීම හොඳ නැහැ. සිංහල කම වෙනුවෙන් බොදු අයිතිය එනුවෙන් හඬ නඟන භික්ෂුන් වහන්සේලාට ,ගිනිහයන්ට දොස් පවරන මේ බහු බහු වාදීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ , අපිට උපදෙස් දීමට පෙර තමන්ගේ දරුවන්ට තබා ඇති වාසගම වෙනස් කර අල්ලපු ගෙදර මිනිහගේ හෝ වෙනත් අයෙකුගේ වාසගමක් තබන ලෙසය. මම පළාත් පාලනයේ රැකියාවක් කල අයෙකු බැවින් දෙමල අන්තවාදය කුමක්ද, මුස්ලිම් අන්තවාදය කුමක්ද, යන්න හොදින්ම දනිමි.දේසපාලන බල පෙරේත කමට වර්තමාන පාලනය යටතේත් සිංහල බෞද්ද විරෝදී වැඩ ඕනා තරම් සිදුවේ. මගේ එකම පැතුම සිංහලකමට, බොදු අයිතියට වචනයකින් හෝ වේවා වින කරන හැම එකෙකුගෙන්ම පලිගැනීමට මරණින් පසු යක්ෂ ආත්මයක් හෝ ලැබේවා යන්නය. මව, මව්බිම බිල්ලට දී රජසැප විදීමෙන් හෝ එවැනි වද කරන එවුන්ට මෛත්‍රී කර දෙව් ලොව යාමට කිසිම බලාපොරොත්තුවක් නැත.(අ)
ජනතාව පත් කළ රටෙි නායකයාට තලගෙයා මැක්කා වැනි සත්තුන්ගේ නම් කියන්ට තරම් පිරිහුනු සංඝයාවහන්සේලා අැති රටක බුදුදහමට කවර කලද? (බ)
බුදු දහම චිරාත් කාලයක් වැජඹේවා. (බ)
නුවන්, බුදුදහම වැජඹේවා කියලා විතරක් වැඩක් නැහැ. වචනයට පමණක් සීමා නොකර පිරිහී අැති ධර්මය සඟරුවන යහමඟට පත්කිරිමට වැඩ කරන්න. (නි)
බුදුරජාණන් වහන්සේගේ දේශනාවටම අනුව සියල්ල සිදුවේවි. (නි)
ඔවු ප්‍රනාන්දෝ මහත්තයෝ, නුසුදුස්සන්ට තැන ලැබීමත් වළවන්න ඒ වගේම බැරි බව පාර්ලිමේන්තුව ගැන හිතපුවහම පේනවා නේද? (නි)
හාමුදුරුවනේ, රට බලාගන්න. නායකයින් ඉන්නවා තමයි. ඒ අයට බැහැ ශාසනයයි රටයි දෙකම රකින්න. කොළඹ ඉන්න සමහර හාමුදුරුවන්ට දැඩි නීති ගෙන එන්න. පොඩි හාමුදුරුවන්ව රැකගන්න (නි)
ජයතු, ඔබේ අදහසට මාගේ ප්‍රණාමය! (නි)
ජයතු මොනවා කියනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
හැමදාම ඉතින් අලුත් රජය කතා කිය කියා ඉන්නවා. එච්චර තමයි (නි)
අපේ හාමුදුරුවනේ පුළුවන් ඉක්මනින් ධර්ම සංඝායනාවක් පවත්වල දුෂ්ශිලයෝ ටික පන්නල දාල ශාසනය රැක දෙන්න ,, ඔබ වහන්සේ මතු ආත්මයක බුදු වෙනවා නියතයි ,(කෞ)
මහා නායක හාමුදුරුවරුන්ටත් අවවාද අනුසාසන දෙන අයනේ මෙතන ඉන්නේ. මේ අයව ඉක්මනින් පිස්සන් කොටුවට ගිහින් දමන්න වේවි. (කෞ)
ඉස්සර ගිහියෝ පැවිද්දන්ගෙන් අවවාද අනුසාසන ගත්තා. දැන් පස්කම් සැප විදින ගිහියෝ පැවිද්දන්ට, මහානයකලට කරන්න ඕන දේ කියනවා. මේක සමාජයේ පිරිහීම පෙන්වනවා.(කෞ)
හාමුදුරුවරුන්ට අවවාද දෙන්න කලින් පැවිදි වෙලා ඉන්න. කරන්න තියන ජරා වැඩ ඔක්කොම කරන ගමන් හාමුදුරුවරුන්ට අවවාද දෙන එක සුදුසු නැහැ (කෞ)