
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වශයෙන් බලගැන්වීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.
අමෙම තත්වය යටතේ එම කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට සක්‍රීයව මැදිහත්වීමේ හැකියාව අහිමිව ඇතැයි කියති.
අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් වශයෙන් බල ගැන්වීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලගැන්වීම සඳහා කැබිනට් තීන්දුව ගැනීම ප්‍රමාදවීම හේතුවෙන් එහි ඉදිරි වැඩකටයුතු විධිමත් කිරීමේ ප්‍රමාදයක් මතුව ඇතැයි දැනගන්නට ඇත.
කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස බල නොගැන්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශ්ව ගණනාවක් රජයට පසුගිය කාලයේ නොයෙක් වර කරුණු පෙන්වා දී තිබිණ.
මේ අතර කොමිෂන් සභාව ප්‍රතිව්‍යුහගත කිරීමේ නව සැලැස්ම ඇතුළු වැඩපිළිවෙළ ඉකුත් ජූලි මාසය අවසානයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාට යවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුම පුදුම නීති? ලංකාවේ විතරයි මෙවැනි නීති දකින්නට ලැබෙන්නේ..!!!
හිටපු අයගෙන් කොයි කෙනා ඕකට කැමැති වෙයිද කියන්න බලන්න...?