(විමුක්ති එස් රුද්‍රිගු)

වියට්නාමය සහ පිලිපීනය අතර මුහුදේ ගිලෙමින් තිබූ 'ලේඩි ආර් 3' නැවේ මුදවා ගෙන වියට්නාමයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 302 ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ශ්‍රී ලාංකිකයන් 152 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා රජය නිල වශයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය ශ්‍රී ලාංකිකයන් 302 ට සහාය වීම පිළිබඳව ස්තුතිවන්ත වන බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.