
(අංජුල මහික වීරරත්න)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නව අධ්‍යාපන ප්රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා.
මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව එකී විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය , සවුන්දර්යය කරපු මිනිස්සු රටේ ඕනේ තරම් ඉන්නවා ඔවුන් උද්ගෝෂණය කරනවා රැකියා නැතිව , අපට අවශ්‍ය පුහුණු , කෝකියෝ , මේසන්වරු , වඩු කාර්මිකයෝ , මෝටර් කාර්මිකයෝ වැනි වුර්තින් , අපොස සා පෙලින් පසු අර ජෙර්මන් ටෙක් එකේ කෙරෙන ආකරයට උසස් ගණයේ වසර 3 ක වුර්තිය පුහුණුවක් දෙන්න කටයුතු කරන්න , විශ්ව විද්‍යාලවල ඉඩ තිබෙන ප්‍රමාණය සොයා බලලා එම ප්‍රමාණයට ගැලපෙන සිසුන් ප්‍රමාණයකට පමණක් අපොස උසස්පෙළ කරන්න ඉඩ දෙන්න , අනෙක් පුද්ගලයන්ට වුර්තිය පුහුණුවක් දෙන්න , ස්තුති
අර නරිමෝලා කෑගහනවනේ නෝනෙ. මාලිමා ආණ්ඩුවෙන් ඌට මස්කට්ටක් ලැබුණෙ නැති හින්දනේ ඔය බෑඟිරිය. ඌට පොඩි තනතුරක් දීලා ඔන්න ඔහෙ පැත්තකින් තියන්න. එතකොට ඌ ෂේප් එකේ ගොං කතාවක් දෙකක් බුකියේ කියාගෙන ඉඳියි ඉස්සර වගේ.
මිනිස්සු බනින්න ගත්තාම තාලේ හිමීට වෙනස්කරගෙන විවේචනය කරපු අයටම බනිනවා, මාලිමාවේ දේශපාලනේ හැටි! අපි ආණ්ඩුවේ ලියැවිල්ලක් දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණු ලියැවිල්ලක්, එහි තිබ්බේ ඉතිහාසය ඔප්ෂනල් කියලා, ඕන නම් කරන්න! ඔන්න ඔහොම තිබ්බේ...
ඉතිහාසය කන්නද කියලා ඇහුව නායකයෝ ඉන්න රටක, ඒ කාලයේ මීක් නැතුව හිටිය තාත්තාලාගේ පුතාලාට දැන් ඉතිහාසය ප්‍රේමය දෝරේ ගලනවා.
1971 1988 1989 වගේ වර්ෂ ඉතිහාසයෙන් ඉවත් කළොත් හොදටම අ ැති......