(ගයාන් සූරියආරච්චි)
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති හයවැනි ආසියා පැසිපික් තරුණ විද්‍යා සමුළුවේදී බකිනි ගසේ පලතුරු මදයෙන් ගර්භාෂ බිත්ති පිළිකා ප‍්‍රභේදයක් විනාශ කළ හැකි බව ඉදිරිපත් කළ කොළඹ නාලන්ද විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන රකිඳු රන්දිව් වික‍්‍රමරත්න ජීව විද්‍යා අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර් සමරකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විද්‍යාඥ කැලූම් රත්නායක, නුවන්කා අබේසිංහ යන මහත්ම මහත්මීන්ගේ මඟ පෙන්වීම යටතේ රකිඳු මෙම පර්යේෂණය සිදුකළේය.
මෙම සමුළුවට රුසියාව, චීනය, ඉන්දියාව, තුර්කිය, ස්ලෝවෙනියාව, මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, නේපාලය ඇතුළු රටවල් රාශියක තරුණ විද්‍යාඥයන් 200 ක් පමණ පර්යේෂණ ඉදිරිපත් කර තිබිණි.
අප කළ විමසීමකදී රකිඳු රන්දිව් අදහස් දැක්වූයේ මෙසේය.
‘‘මෙම පර්යේෂණයට මා බකිනි ශාකයේ පලතුරු මදය තෝරාගැනීමට හේතු වුණේ මා කුඩා කාලයේ මගේ මවගේ ගම වන ගාල්ලේදී බකිනි ශාකය දැක තිබුණා. එම ශාකයේ මල්වල ඇති හැඩය හා විකසනය අනුව මට හිතුණා බකිනි පලතුර මෙම පර්යේෂණය සඳහා යොදා ගැනීම සුදුසු බව. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර. ආර්. සමරකෝන් මහතා සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඔහුගේ අධීක්‍ෂණය යටතේ මෙම පර්යේෂණය සිදුකළා.
බකිනි ගසේ පලතුරු මදය නිස්සාරණය කර ලබාගත් විශේෂිත රසායනික ද්‍රව්‍ය ගර්භාෂ බිත්ති ආශ‍්‍රිතව ඇතිවන පිළිකා තත්ත්ව විනාශ කිරීමට හැකියාව තිබෙන බව සොයාගැනීමට මට හැකිවුණා. එමෙන්ම මෙම පිළිකා වර්ගය රසායනික ප‍්‍රතිකාර මගින් සුව කිරීමට හැකියාවක් නෑ. නුදුරේදීම මෙම පලතුරේ අඩංගු රසායනිකය වෙන්කරගෙන සැබෑ මිනිස් ශරීරයක ගර්භාෂ බිත්ති ආශ‍්‍රිත පිළිකා සමඟ ප‍්‍රතික‍්‍රියා කරවීමට සලස්වා ඉදිරි පර්යේෂණ සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.
පාසල් සිසුවකු හැටියට මෙම ජයග‍්‍රහණය පිළිබඳව සැබැවින්ම සතුටු වෙනවා. මෙම තරගාවලියට ලංකාවෙන් තරුණ විද්‍යාඥයකු ඉදිරිපත්වූයේ ප‍්‍රථම වතාවටයි. ඒ ප‍්‍රථම අවස්ථාවේදීම දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට හැකිවීම ලොකු ජයග‍්‍රහණයක් හැටියටයි මා දකින්නේ. මෙය ආසියා පැසිපික් තරගාවලියක් වුවද රුසියාව, ස්ලෝවේනියාව වැනි යුරෝපා රටවල්ද සහභාවී තිබුණා.
පසුගිය අපේ‍්‍රල් මාසයේ ජර්මනියේ සටුට්ගාට්හිදී පැවැති 24
වැනි ජාත්‍යන්තර තරුණ විද්‍යා සමුළුවේදී ලොව ලාබාලම තරුණ විද්‍යාඥයා ලෙසත්, මැලේසියාවේ ක්වාලලම්පූර්හිදී පැවැති ජාත්‍යන්තර ආර්.එම්.සී. තරුණ විද්‍යා සමුළුවේදී රිදී පදක්කමක් දිනාගැනීමටත් හැකි වුණා. මේවන විට මා රිදී පදක්කම් 3 ක් දිනා සිටිනවා.
මෙම තරගාවලියට සහභාගිවීමට ගුවන් ටිකත්පත් ලබාදුන් රේණුකා ජයසුන්දර මහත්මියට මේ අවස්ථාවේදී මා ස්තූතිය පළකරනවා. එමෙන්ම කොළඹ නාලන්දා විද්‍යාලයේ ළුිදුහල්පති තිලක් වත්තුහේවා, පන්තිභාර ගුරුතුමිය වන ප‍්‍රමිතා ගලප්පත්ති, පර්යේෂණ සංසඳය භාර උපේක්‍ෂා අබේසේකර යන මහත්ම මහත්මීන්ට මා කෘතඥතාව පළකරනවා. එමෙන්ම නිතරම මා පසුපසින් සිටන මගේ දෙමව්පියන් සිහිපත් කරන්නේ හද පිරි ගෞරවයෙනි. ’’






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි, ඔබ වැනි දක්ෂ දරුවන් රටට සම්පතක්, රටේ ප්‍රශ්න වලට බහුශ්‍රැත කොමෙන්ට් දාන අය මේ වගේ දක්ෂකමක් අගයන්න නැති එක ගැන කණගාටුයි.
නව පර්යේෂකයින්ගේ අාශ්චර්යයන්ගෙන් යුත් අනාගතයට ඔබව සාදරයෙන් පිළිගන්නා අතර, ඔබ වැනි දුවා දරුවන් තව තවත් වැඩි වැඩියෙන් මේ රටේ බිහිවෙලා මේ රට බුද්ධිමත් තෝතැන්නක් වේවායි පතමි...!!!
රකින්න දූ පුතුනි ඔබ තරු අතර දිදුලන තරුවකි. ලක්මව රනින් සැරසීමට තෙරුවන් සරණ පතමි.
ඉදිරියටම යමු පුතේ ..
ගුඩ් ලක් !!! ජයක්ම වේවා !!!
මෙවැනි ළමයෙක් මෙවැන්නක් හොයා ගත්තාය කීම විස්වාස කල නොහැකි ය
අපට හරි ආඩම්බරයි පුතා ගැන