කොළඹ නාලන්දා විද්‍යාලයයේ සිසුන් පිරිසකගෙන් පහර කෑ බව කියන ගුරුවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙසට ඉල්ලන ලිපියක් එම පාසලේ විදුහල්පතිට පක්ෂපාත බව කියන ගුරුවරුන් පිරිසක් විසින් අද (11) සෙසු ගුරුවරුන් ලවා අත්සන් කරගෙන ඇතැයි කියමිල් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළේය.
ගුරුවරුන් කිහිප දෙනකුගේ පමණක් රැස්වීමක් අද (11) උදේ වරුවේ කැඳවා ඇති බවත්, ඔවුන් විසින් සකස් කරන ලද පෙත්සම අත්සන් කරන ලෙසට ගුරුවරුන්ට ලබා දී ඇති බවත්, අත්සන් නොකළහොත් ගැටළු ඇතිවේයැයි බියෙන් ඇතැම් ගුරුවරුන් අත්සන් තබා ඇති බවත් ස්ටාලින් මහතා කීවේය.
මෙම විද්‍යාලයයේ විදුහල්පතිට එරෙහිව අල්ලස් කොමිසමට ගිය ඊ එන් සුසන්ත හේරත් නම් ගුරුවරයා විද්‍යාලයයේ සිසුන් පිරිසකගේ පහර කෑමකට ලක්ව පසුගිය සිකුරාදා රෝහල් ගත කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
ගුරුවරුන් පිරිසක් ඉවත් කරන ලෙස පෙත්සමක් අත්සන් කරවීමේ සිද්ධිය ගැන නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එවැනි පෙත්සමක් අත්සන් කළාදැයි තමා නොදන්නා බවයි. තමන් ඊට සම්බන්ධ නැති බවත් ඔහු කීවේය.
විදුහල්පති කාර්යාලයයේදී ගුරුවරයකුට පහර දීම ගැන විමසූවිට විදුහල්පතිවරයා කීවේ ඒ සම්බන්ධයෙන් තමා අඟහරුවාදා (12) අධ්‍යාපන ලේකම්ගේද අවසරය ඇතිව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ නාලන්දා විද්‍යාලයයේ සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන තවම තීරණයක් නැති බවයි. විදුහල්පතිට මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට අවසර දුන්නාදැයි අධ්‍යාපන ලේකම්වරයාගෙන් විමසන බව ද ඇමැතිවරයා කීවේය.
මේ ගැන විමසීමට අධ්‍යාපන ලේකම් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
COMMENTS
එතකොට ගුරුවරයාට පහර දුන් ළමයින්ට දඩුවමක් නැද්ද. (බ)
මුළු අධ්‍යාපනේම යහපාලනේ වගේ වෙලා. හැමදේම මඩු වලිගෙන් තලලාවත් හදන්න බැහැ වගේ (බ)
පහර දීපු සිසුන්ට කිසි ප්‍රශ්නයක් නැත, හරි පුදුමයි (අ)
පළමුවෙන්ම මේ විදුහල්පතිවරයා ඔය ස්ථානයෙන් ඉවත් කල යුතුයි. ඔහු ගුරුවරුන් භේද භින්න කර ඔහුගේ ජිල්මාර්ට් කෙලි සඳහා සපෝර්ට් දෙන අයගේ බලයෙන් අනිත් කල්ලිය පීඩාවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ගෙන යන බව පෙනේ. (අ)
ස්ටාලින් නොදන්නා දේටත් කතාකරන්න ගිහින් නිකන් අනාගන්නව ඔය ගුරුවරයා ගුටිකන්න. තිබුනේ මීට ගොඩක් කලින් (අ)
ලංකාවේ අධ්‍යාපනය මේ තරම් වංචා කාර ගුරු හොරුන්ගෙන් පිරිලද ? පගාවට විරුද්ධ එක්කෙනයි නැත්නම් දෙන්නයි විතරද ඉන්නේ එක පාසලකට ?යහපාලනයටවත් මේක නවත්වන්න බැරිද නැත්නම් වුවමනාවක් නැත්ද. අකිල විරාජ් ඔබට බැරිනම් ෆීල්ඩ් මාර්ෂල් ගෙන්වත් අහන්න මේකට විසඳුමක් මොකද ලංකාවේ නීතිය අනුව වැඩ කලොත් හොරු හැමදාම රජකරාවි !! (අ)
මහින්ද නාලන්දාවේ ළමයින්ට උගන්වන්නේ ප්‍රශ්ණ ගුටියෙන් විසදන්න ද? (බ)
ලංකාවේ බලවත්ම ආදි ශිෂ්‍ය සංගමය තියෙන්නේ නාලන්දේ කියලා කියනවා. එයාලත් නිදි වගේ (නි)
නාලන්දය යනු සිංහල බෞද්ධ සිසුන් ඉගෙනගන්නා පාසලකි. එහි කීර්ති නාමය ඉතා ඉහළින් පවතින්නේය. සිසුන් ලබන ජයග්‍රහණ බොහෝය. එය කෙළෙසීමට සමහරු තැත් දරයි. (නි)
1988 කාලයේ සිට මම මේ විදුහල්පතිවරයාව දන්නවා (නි)
හොරකමයි පගාවයි වහගන්න අනුන්ට ගස්සවන එකද කරන්නේ. ඔය ශිෂ්‍යයෝ කලින් ගන්න ඇත්තෙත් පගාවට වෙන්න ඇති. මේ ගැන හොයලා බැලුවොත් නරකද. අදහසක් පමණයි. මෙය පුරවැසි බලයට බාරයි. (නි)