
(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කළේය.
ජයවර්ධන මහතා දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද (18) රැස්වී මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ගේ අවශ්‍යතාවන්ට නැටවෙන සියලු නිලධාරීන්ට මෙය හොඳ පාඩමක්... අපරාදේ ජ්‍යෙෂ්ඨ නි පොලිස්පති කෙනෙක් ලෙස හෝ පොලිස්පතිවරයෙකු ලෙස නම්බුකාර ලෙස විශ්‍රාම යාමට තිබුණු අවස්ථාව කාලකන්ණි දේශපාලකයෙක් නිසා මෙම නිලධාරියාට නැති වුණා. ඊට අමතරව විශාල වන්දියකුත් ගෙවන්න සිදු වුණා. කපටි දේශපාලුවෝ මේ අහිංසක මනුස්සයාව පාවිච්චි කළා. දැන් කවුරුවත් නැහැ මොහුව බේරාගන්න. ඇත්තටම කණගාටුයි. මේ මනුස්සයත් කාගේ හෝ මැද පංතියේ පවුලකින් ආව කෙනෙක් නේ. ඔය කියන කාලකන්නි දේශපාලුවාම අර නාලක සිල්වා කියන නිලධාරියාවත් නිකරුනේ හිරේ විලංගුවේ දැම්මා. මොවුන්ට වැහි නැති හෙනම ගහපල්ලා. රජයේ නිලධාරීන් හැම කෙනාම දැනගනිල්ලා නීතියට අනුවම වැඩ කරන්න. නැති නම් උඹලාගේ දරු මල්ලෝ පවා විඳවනවා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුමයි .අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කිරීමට දායක වූ හැම එකාටම සාප වේවා ,ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා .
ඉස්සර ඡන්ද ළංවෙනකොට අපරාධ සිද්දි උඩට එනවා.. දැන් ඡන්දය ළඟ නිසා පාස්කු ප්‍රහාරෙ පරීක්ෂා.. හැබැයි මෙවන් දුක්විඳපු කිසිම මනුස්සයෙක්ට සාධාරණයක් නම් ඉටු කරන්නේ නෑ මේ පාලකයෝ, මේ දේවල් හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්න එක කරන්නේ... !
මේ මනුස්සයාව ජොබ් එකෙන් පන්නලා හිරේ දාන්න තිබුනේ සෑහෙන කාලෙකට ඉස්සර... එතකොට පාස්කු ප්‍රහාරය ගැන පොලිස්පති දේශබන්ධුට තිබෙන චෝදනා වලට පරීක්ෂණ නැතිද? ඇයි මේ හදිස්සියේම පරීක්ෂණ? බොරු පරීක්ෂණ මවාපාලා ඡන්ද ගුණ්ඩුවක් ගිල්ලන්නද හදන්නේ ජනතාවට? වැරැදිලා !!! පොලිස් කොමිසමේ ලොකු මහත්තයෝ, කටුවාපිටිය පැත්තෙන් ඡන්ද නම් නැහැ කියලා රනිල්ට කිව්වොත් හොඳයි.
එතකොට දේශබන්දුව පොලිස් කොමිසම මගින් නිදොස්කොට නිදහස් කෙරුවාද?
තම වෘත්තිය, සේවය ගණිකා වෘත්තියේ යොදවන රාජ්‍ය නිලධාරින්ට මේක හොඳ පාඩමක්. මේක ආරම්භය පමණයි. නඩු සමග දඬුවම් පස්සට. දැන් ඉතිං එයි රාජපස්සලා උඩ දාගෙන ඔහෙව බේරා ගන්න.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...
හිරේ ඉන්න ඕනේ නිවාඩු යනවා...
අනීතිකව ගත්තු වැටුප් අයකරගන්නවාද? පහසුකම් වලට අයකිරිමක්වත් නැතිද?