(සුජිත් හේවාජුලිගේ )
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.
විවාදයට සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ කබීර් හෂීම් යන ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
තමා මේ අභියෝගය කරන්නේ හත්වැනි වතාවට බව පැවසූ මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය තමාගේ අභියෝගය මෙතෙක් බාරගෙන නැතැයිද සඳහන් කළේය.
විවාදයකට ආරාධනා කරන විට ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර හැංගෙන බවත් තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවක මුහුණ දිය නොහැකි යැයි ඔවුන් හොඳින්ම දන්නා හෙයින් මෙසේ කටයුතු කරන බව බවත් බණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා හත්වෙනි වතාවට නොවෙයි... 17 වන වතාවට ආරාධනය කළත් අපි දන්නවා ඔය ගමේ මොනවද කියලා... ඒක නිසා අපි නම් එන්නේ නැහැ....
තාම බටහිර IMF ආර්ථික ක්‍රමයට හැරීම ඉවර නැති නිසා දැන්ම විවාද කරන්න බැරි වෙයි.
රා බිව්ව මීයන් එක්ක මොන විවාදද, අභියෝග කළ හාදයා විවාදයට නැහැ. ඒකට වෙනම ටීම් එකක් දාලා මිනිහා විවාදය මග හරිනවා. හර්ෂට, එරාන්ට, කබීර්ට ජාතික ජන බලවේග සමග විවාදයක් කරන්න අවශ්‍ය නම් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඒ අභියෝගය කරන්න පුළුවන්... ඒකට වෙන ඇම්බැට්ටයෙක් වුවමනා නැහැ. ඒ නිසා මේක ඒ තුන්දෙනාගේ වුවමනාවට ඉල්ලන විවාදයක් නොවෙයි කියලා හොඳටම පැහැදිලියි, සමහර විට කරණමක් ගහලා ස.ජ.බෙ.ට පැන ගත්තු නාලක ගොඩහේවා මැතිඳුන්ගේ සංකල්පයකට අනුව සජිත් ප්‍රේමදාස මැතිඳුන්ගේ අනුග්‍රහයෙන් කෙරෙන අභියෝගයක් වෙන්න ඕනෑ.
පිස්සුද අනුර,ඔයා ඔය ගැට වලට අහුවෙන්න එපා.
නලින් මහත්මයාණෙනි, මම මෙහෙම අහන්නේ ඔය ජවිපෙයක් වෙනුවෙන් නොවෙයි. ඔබත් ඔබේ නයකයානනුත් නිතරම කියන දෙයක් තමයි ඉදිරියේදී හොරකම වංචාව කල අයට නිතිය ක්‍රියාත්මක කරන බව. යහ පාලන කාලයේ මහා බැංකු බැඳුම්කර වංචාව කල අයට දඬුවම් කරන බව ඔබලා නිතර කියනවා. ඒ වුනාට මහා බැංකු බැඳුම්කර වංචාව කියලා දෙයක් වුනේ නැහැ,, ඒ වැඩේ වෙන්න ඕනි විදියට තමයි ඒ වුනේ කියලා කියලා පස්සේ පොත් පවා ලියවලා පල කරපු අය ඔබ පක්ෂයේ දැන් බොහොම ඉහලින් ලොකු කතා කියනවා. එතකොට ඔය මිනිස්සු ඉස්සර කරගෙන ඔබලා කොහොමද දුෂණ වංචා වලින් තොර පාලනයක් රටේ ඇතිකරන්නේ? අනික කබීර් හෂීම් මහතා අර ගුවන් යානා දෙකක් ගන්න තිබිච්ච ඇනවුම අවලංගු කරන්න ගිහින් අන්තිමට ඔක්කොටම වැඩි මුදලක් ගෙවලා අන්තිමට ගුවන් යානාත් නැතුව තවත් විගඩමක් කාලා නේද?
මහබැංකුව කපු කණ්ඩායමේ උන්දලා නේද මේ .අනුන්ට අභියෝග කරන්න කලින් තමන්ගේ උන් ටික හදාගෙන වරෙන් පුතා
අනේ ගඳයෝ , අනිත් උන්ගේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට කතා කරන්න ඉස්සෙල්ල බලපන් හර්ෂ ද සි්ල්වා කියන ගොබ්බ කතාව. ඌ තනිකරම කියන්නේ රනිල් කරනදේ හරි කියල. ඒ විතරක් නෙමෙයි ඌ කියනවා කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ කියලත්. තොපිට අසූචි ගහල එලවන්න ඕන කාලකන්ණි.
ඔය කියන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ කබීර් හෂීම් හිටපු "යහපාලන" ආණ්ඩු තමයි රටට දරන්න බැරි විදියට විදේශ ණය අරගෙන මේ රට බංකොලොත් කළේ. දැන් ඒ ගොල්ලෝ ආර්ථික ඔස්තාර්ලා වෙලා...
නලින් මොන පඟර නැට්ටෙක්ද? NPP එකට චැලෙන්ජ් කරන්න.. දැන් බයවෙලා ඉන්නේ කට්ටියම NPP එකට...
බලු වසුරු ගොඩක කොතනත් එකම අපුලයි වගේ නලින් බන්ඩාරලා අනුර දිසානායකලා කවුරුත් එකයි. දෙපිලම ගැන දන්නෝ දනිති...!
ඔබලා වගේ ගොබ්බයින් එක්ක මොන විවාදද?
විවාද කරන්න දැන්මම බෑ. දැන් තමයි ජෙප්පෝ බටහිර අයි. එෆ්. ආර්ථික ක්‍රමය වැළඳ ගනිමින් සිටින්නේ...!
අවුරුදු 75ම රට කාබාසිනියා කරලා නැත්තටම නැතිකරපු අසික්කිත හොරුත් එක්ක මොන තර්කද? ඔය කියන අයට වැඩ බැරිවුණු නිසා තමයි අපේ රට බන්කොලොත් වුනේ !!! රටේ මිනිසුන් මේ තත්වය හොඳට වටහාගෙන ඉන්නේ. ඡන්දෙන් පස්සේ ඔය කියන අය කී දෙනෙක් එදා කරපු හොරකම් වලට හිරේ වැටෙයිද කියලා කවුද දන්නේ. මාලිමාවට ජයවේවා..!
1977 සිට අද දක්වා ඔයාලා මාරුවෙන් මාරුවට විවිඩ නම්වලින්, ලාංඡනවලින් සහ සන්ධාන ගත වෙමින්, මේ රට විනාශ කරලා, දැන් ජාතික ජන බල වේගයට අභියෝග කරනවා රට ගොඩ දාන්න ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදය කරන්න. ඔයාලගේ අර ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා ළඟදී කියා තිබුණා කවුරු බලයට ආවුත්, හොරකම නවත්තන්න බැහැ කියලා. එහෙම කණ්ඩායමත් එක්ක ජාතික ජන බල වේගය කිසිසේත්ම විවාදයට නොයා යුතුයි. අනික ඔයාලා දැනටමත් දූෂණ චෝදනා එල්ල වී තිබෙන නාලක ගොඩහේවා, ජාතිවාදී අවුස්සපු චන්න ජයසුමන වගේ අයත් පක්ෂයට සම්බන්ධ කරගෙන ඉන්නේ. එවැනි තත්වය උඩ ඔයාලාත් එක්ක ජාතික ජන බල වේගයත් කිසිසේත්ම විවාදය සුදුසු නැහැ.
අපි නොදන්නා ඕගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල. අවුරුදු 76කම රටකාපු වැඩපිළිවෙල. ඡන්දෙ ගන්න බලාපොරොත්තුවෙන් හිඟන්නන් රැසක් බිහිකළ ආර්ථික ලොක්කන්ගේ වැඩ අපි දන්නවා. නිධන් කැඩීම, හොරසල්ලි අච්චු ගැසීම, හාල් බෙදීම, පච වැපිරීම... අපි ඕවාට නැහැ හලෝ. අපේ ගමම ජාතික ජනබලවේගයට ඡන්දෙ දෙන්නේ. වෙනත් පක්ෂවලට පක්කලිකම් කරන බත් බැලයින්ට අපේ ගමත් තහනම්. කාලකන්නි හැත්ත, අපේ රට විනාශ කරලා.. දැන් තර්ක කරන්නත් එන්නලු...
මුලන්ම. අභියෝග කළේ සජිත්නෙ. සජිත් සහ අනුරගෙ විවාදය මුලින් තියල ඉමු. සුළු සුළු මුලාදෑනින්ගෙ එව්වා පස්සෙ තියමු. හාද ?