පුනර්ජනනී බලශක්ති ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වුවත් තෙල් සමාගම්වලට දරදිය ඇද්ද ඇතැම් නිලධාරීන් ගල් අඟුරු වෙතට ම රට ඇදගෙන යාමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කීහ.
රතන හිමියන් මේ බව කීවේ පාර්ලිමේන්තුවේ දී අද පැවති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන බව. ජනතාව බලය දුන්නේ ඒ ප්‍රතිපත්තිවලට බව මේ නිලධාරීන් දැනගත යුතුයි. මුහුදු රළ, සුළං බලය හා හිරු එළිය යොදාගෙන මේ රටට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කළ හැකියි. විදුලියෙන් ධාවනය වන මෝටර් රථවල බදු ඉහළ නැංවීම හොඳ තීරණයක් නොවෙයි.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘නිලධාරින් රට ගල් අඟුරුවලට තල්ලු කරනවා“
මුණසිංහ Saturday, 12 December 2015 11:59 AM
කණගාටුයි හාමුදුරුවනේ, රට අඟුරු කරලා ඉවරයි. (නි)
පුලාරා Sunday, 13 December 2015 11:57 AM
රණසිංහ දන්නා දෙයක් නැහැ. සුළං බලශක්තිය, සුර්ය බලශක්තිය ඕනෑතරම්. (නි)
දහම් Saturday, 12 December 2015 02:16 PM
සමහරු නම් නින්දෙන් අවදිවෙලාද කොහෙද? (නි)
ඩිල්ෂාන් Sunday, 13 December 2015 02:10 PM
බලාගාර පැත්තක තියන්නකෝ. අපේ අර්ථසාධක මුදල් වලට නම් අත තියන්න එපා (නි)
විජිත් Saturday, 12 December 2015 04:27 PM
ගරුතර ස්වාමින් වහන්ස, ඔබවහන්සේගේ අදහසට මම 100% එකඟයි. නමුත් මෙරට තුළ ප්‍රභල ගල්අඟුරු මාෆියාවක් තිබෙනවා. දැන් එංගලන්තයත් ඒ අයගේ ඉතිරි ගල්අඟුරු බලාගාර ටික වසාදමන්න උත්සාහ කරමින් ඉන්නේ. ලෝකෙට දසඅතේ ණයව ඉන්න දුප්පත් රටක් වන අපේ රටට හඳුන්වාදුන් තවත් මර උගුලක් තමයි මේ ගල් අඟුරු බලාගාර. කවුරු කෙසේ කිවුවත් සාම්පුර් බලාගාරය ලංකාවේ ඉදිකළේ ඉන්දියාවේ බලකිරීමට බව ප්‍රසිද්ධ රහසක්. මේ ප්‍රශ්නය ගැන අදහස් දැන්වීම ගැන ඔබවහන්සේට බොහොම පින්. (නි)
රණසිංහ Saturday, 12 December 2015 11:07 PM
මේවා ඉතාම වියදම් අධිකයි. ඒ නිසා යථාර්ථය හමුවේ කටයුතු කළයුතුයි. උදාහරණ ලෙස මුහුදු රළෙන් විදුලිය ගන්න රටවල් ඇත්තෙම නැති තරම් (නි)
නිමල් ලාලිත Sunday, 13 December 2015 02:41 AM
මදැයි සිංහල උරුමය ගැන හිතලා මුලින්ම මේගොල්ලන්ව පාර්ලිමේන්තු යවන්න දරදිය ඇදලා අපි කරගත් දෙයක්? (නි)
අනුර Sunday, 13 December 2015 06:35 AM
හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරුණු ගැන හරියට නොදැන කතා කිරීම ජාතික අපරාධයක් .නොදන්නා පරාසයක් ගැන කතා කිරීම විහිළුවක් . බුදු දහම ගැන සසුන රැක ගැනීම වගේ දේවල් ගැන තමා ඔබවහන්සේ කටයුතු කළ යුත්තේ (බ) .