පුනර්ජනනී බලශක්ති ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වුවත් තෙල් සමාගම්වලට දරදිය ඇද්ද ඇතැම් නිලධාරීන් ගල් අඟුරු වෙතට ම රට ඇදගෙන යාමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කීහ.
රතන හිමියන් මේ බව කීවේ පාර්ලිමේන්තුවේ දී අද පැවති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන බව. ජනතාව බලය දුන්නේ ඒ ප්‍රතිපත්තිවලට බව මේ නිලධාරීන් දැනගත යුතුයි. මුහුදු රළ, සුළං බලය හා හිරු එළිය යොදාගෙන මේ රටට අවශ්‍ය බලශක්තිය උත්පාදනය කළ හැකියි. විදුලියෙන් ධාවනය වන මෝටර් රථවල බදු ඉහළ නැංවීම හොඳ තීරණයක් නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි හාමුදුරුවනේ, රට අඟුරු කරලා ඉවරයි. (නි)
රණසිංහ දන්නා දෙයක් නැහැ. සුළං බලශක්තිය, සුර්ය බලශක්තිය ඕනෑතරම්. (නි)
සමහරු නම් නින්දෙන් අවදිවෙලාද කොහෙද? (නි)
බලාගාර පැත්තක තියන්නකෝ. අපේ අර්ථසාධක මුදල් වලට නම් අත තියන්න එපා (නි)
ගරුතර ස්වාමින් වහන්ස, ඔබවහන්සේගේ අදහසට මම 100% එකඟයි. නමුත් මෙරට තුළ ප්‍රභල ගල්අඟුරු මාෆියාවක් තිබෙනවා. දැන් එංගලන්තයත් ඒ අයගේ ඉතිරි ගල්අඟුරු බලාගාර ටික වසාදමන්න උත්සාහ කරමින් ඉන්නේ. ලෝකෙට දසඅතේ ණයව ඉන්න දුප්පත් රටක් වන අපේ රටට හඳුන්වාදුන් තවත් මර උගුලක් තමයි මේ ගල් අඟුරු බලාගාර. කවුරු කෙසේ කිවුවත් සාම්පුර් බලාගාරය ලංකාවේ ඉදිකළේ ඉන්දියාවේ බලකිරීමට බව ප්‍රසිද්ධ රහසක්. මේ ප්‍රශ්නය ගැන අදහස් දැන්වීම ගැන ඔබවහන්සේට බොහොම පින්. (නි)
මේවා ඉතාම වියදම් අධිකයි. ඒ නිසා යථාර්ථය හමුවේ කටයුතු කළයුතුයි. උදාහරණ ලෙස මුහුදු රළෙන් විදුලිය ගන්න රටවල් ඇත්තෙම නැති තරම් (නි)
මදැයි සිංහල උරුමය ගැන හිතලා මුලින්ම මේගොල්ලන්ව පාර්ලිමේන්තු යවන්න දරදිය ඇදලා අපි කරගත් දෙයක්? (නි)
හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරුණු ගැන හරියට නොදැන කතා කිරීම ජාතික අපරාධයක් .නොදන්නා පරාසයක් ගැන කතා කිරීම විහිළුවක් . බුදු දහම ගැන සසුන රැක ගැනීම වගේ දේවල් ගැන තමා ඔබවහන්සේ කටයුතු කළ යුත්තේ (බ) .