IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිලධාරීන් චක්‍රලේඛ අල්ලගෙන දඟලනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදල්  අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

චක්‍රලේඛයකට සහ නිවේදනයකට ව්‍යවස්ථාව අභිබවා යන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ කිරිඇල්ල මහතා සියලු චක්‍රලේඛ ව්‍යවස්ථාවට යට බව කීය.

ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවද මැතිවරණ කොමිසමේ කකුලෙන් අදිනවා යනු මූලික මිනිස් අයිතිවාසිකම් වලට පහරක් එල්ල කිරීම බවද කිරිඇල්ල මහතා පැවසීය.



අදහස් (1)

නිලධාරීන් චක්‍රලේඛ අල්ලගෙන දඟලනවා

අප්පුහාමි Wednesday, 22 February 2023 12:59 PM

ඇයි මන්ත්‍රිතුමා අහල‍ා නැද්ද නටන්න බැරි එකා නටන්න බැහැ නොකියා පොළව ඇදයි කියනවා. වර්තමානයේ අමාත්‍යාංශ ලේකම්ලා සිට පහළට සිටින සියලු නිලධාරින් පොළව ඇදයි කියන අයම තමයි හැමතැනම ලිපියක් ලැබුණොත් උපදෙස් සඳහා ඉදිරිපත් කරමි කියලා ලොක්කා ළඟට යවනවා... ඉස්සර නම් කළේ ලිපියක් ලැබුණාම නිලධාරින් එයට පිළිතුරු ලිපියක් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට ඉදිරිපත් කිරීම තමයි. මෙම තත්වය වෙනස්වීම පළාත් සභා ඇතිකිරීම සමග තරමක් ඇතිවූ අතර 2005 ආසනයේ බඳවාගත් උගතුන් නිසා තවත් ඉතාමත් උග්‍රලෙසට වර්ධනය වුණා. මේ නිසා ඊළඟට එනවා කියා අපි බලාපොරොත්තුව තබාගෙන සිටින ඔබලාගේ ආණ්ඩුව යටතේ නැවතත් රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වීමට අතීත පුරුදු ලබාදෙන්න...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site