නිල්ගල වනයේ තුවාල වී ඔත්පලව සිටි කැලෑ බළලකු අල්ලාගත් ගැමියෝ එම සතා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළහ. අම්පාර වනජීවී ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා මේ බළලාට ප්‍රතිකාර ලබා දුන්නේය. තුවාල සුවවූ පසු බළලා කැලයට මුදාහරින බව පුෂ්පකුමාර මහතා කියයි.
ජන්ගල් කැට් නමින් හඳුන්වන මේ බළල් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික නොවූව ද ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ඇතැම් වනාන්තරවල පමණක් කලාතුරකින් දැකිය හැකි සත්ත්ව විශේෂයකි.
සාමාන්‍ය බළලකුට වඩා ප්‍රමාණයෙන් විශාල මොවුන් ඕනෑම සතකුට පහර දීමට නොබියව ඉදිරිපත් වෙයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුර්ලබ සතුන් නිල්ගල කලේ ඉන්නවා. ඔවුන් ආරක්ෂා කිරීමෙන් ඔබ සියලු දෙන කලේ උතුම් වැඩක්. මෙම කැලේ කෑම්ප් කරන්න ලස්සන තැන් තියෙනවා. දවසක ගිහිම් බලන්න. මකරේ ගෙන අහල තියෙනවද ? එක තියෙන්නේ මේ කැලේ ඇතුලේ. (කෞ)
කැලෑ බළලෙක් උනතං හොදට දත් මදින පුසෙක් වගේ (කෞ)
උපහාරය ..! මේ අසරණයා බේරාගත්තාට නිල්ගල ගැමියනි ඔබට..! මාංශ රසයට ලොල් වී කම්බි මදු ,හක්ක පටස් ,විදුලි උගුල් යොදා අසරණ වනසතුනට වින කටින නොමිසුන් අතර සිටිනාවූ.(කෞ)
බලු බැල්මටම නම් ඒ තරම් නපුරු පාටක් පෙනෙන්න නැහැ. (නි)