අම්පාර ලාහුගල සෑය සංරක්ෂණය සිදුකිරිමේ දී උතුරු දෙසින් කරඩුවක් හා මැටි පහනක් සොයා ගත් බව නැගෙනහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂ නිල්මල් ගොඩ මහතා කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරිපිට දී එම පුරා වස්තුවලට මුද්‍රා තැබු බව ඔහු පවසයි. නිලගිරි සෑයේ කැණිම් දෙවසරට පෙර ඇරඹිණි.
ලාහුගල වන රක්ෂිතයක තිස් වසරක් තිස්සේ ම අනතුරුදායක පෙදෙසක් විය. කොටි ත්‍රස්තවාදි එහි ගැවසිම එයට හේතුවයි. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ දී කාවන්තිස්ස රජු හා ඉන් පසු රජකළ භාතිකාභය රජු විසින් මහ සෑය කරවන ලදැයි පැවසේ.
![12[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/121.png)
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/11.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/41.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/51.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/61.png)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/71.png)
COMMENTS
තිලක් මහතාගේ ඔය දශකය කොයි කාල වකවානුවේද කියා දන්නෙ නැහැ. හැබැයි 2005 සිට 2015 දක්වා දශකය තුල නම් ත්‍රස්තවාදය පරාජය කිරීම සහ සීඝ්‍ර සංවර්ධනය තුල අපට රැකගැනීමට සහ ලබාගැනීමට හැකිවූ වටිනා කියන දේ බොහෝයි. (ර)
අපේ ජාතියත් , ආගමත් රටත් අපිට නැතිවෙන්නේ කොහොමද කියල තිලක් මහතාට තව ටික දවසකින් බලාගන්න පුළුවන් . වෙනරටවලට වෙලා ඉන්න අයට ඕව තීරෙන්න කල් යි . එදාට ප්‍රමාද වැඩේ වෙලා තියේවි . (ම)
මේ රට අයිති සිංහල බෞද්දයට, එත් කිසිම පෞරණික අයිතිවාසිකමක් නැති මිනිස්සු තමයි දැන් අපේ පෞරණීක වස්තු විනාස කරල රටට අයිතිවාසිකම් කියන්න එන්නේ (ම)
සත්තකින්ම රංග. කෞතුකාගාරේ තිබුන පුරා වස්තු සමහරකට වෙච්ච දේ මතකනේ... (නි)
පසුගිය දශක වලදී අපිට අහිමිවුණ දේවල් කොතෙක්ද? පුංචි පවුල රත්තරන් යැයි ජාතිය විනාශ කිරීම, හමුදා අකර්මන්‍ය කර බුද්ධි අංශ විනාශය, මත්ද්‍රව්‍ය මත්පැන් දේශපාලකයන් විසින්ම සමාජගත කිරීම, 1977 විවෘත ආර්ථිකයේ සිටම ජනතා මුදල් ප්‍රකෝටි ගණන් වංචා කිරීම, මහජන මුදලින් ඩුබායි රටේ සුවිසල් මන්දිර හෝටල් ඉදිකිරීම... තව කොතෙක්ද? (නි)
සිංහලයන් අතරත් සොළී , කාලිංග මාග පිරිසක් සමාජගත වෙලා. පරාජයෙන් පසුව වුවත් ඔවුන් මේ රටින් ගියේ නැහැ. සිංහලයන් සමග මිශ්‍ර වී ඇත (නි)
වැළලුණු අපේ උරුමය තව කොපමණ ඇද්ද? (නි)
සුනා,රංග ඔයාල සිංහල බෞද්ධ නෙවෙිද...? තමන් විසින් තමන්ටම ගරහන්න එපා. හැම සිංහල බෞද්ධයම නිධන් හොරු නොවේනෙ. (බ)
කරුණාකර මේවා සිංහල බෞද්ධයන්ගෙන් පරිස්සම් කරගන්න(රේ)
අනිවාර්යෙන්ම සුනා...!!! බ්‍රිතාන්‍යයෝ අපෙන් පැහැරගෙන එහත් පරිස්සම් කරගෙන ආපසු දීපු රාජකීය ඔටුන්න වත් පරිස්සම් කරගන්න බැරි වුන ජාතියක් අපි...!!!(රේ)
සුනා සහ රංග, සිංහල බෞද්ධයන් හැම දෙනාටම මෙලෙස ගරහන්න එපා. ඉතාමත් අහිංසක සිංහල බෞද්ධයන් අතර පවා දේශපාලන බලපුළුවන්කාරයින් සිටින බව හිතට ගන්න (නි)
මේ වටිනා දේවල් අපි දිවි දෙවෙනිකොට රැකිය යුතුයි (නි)
වනචර දශකයේදී මොන තරම් වටිනා කියල දේ රටට අහිමි වුණාද? අපේ සම්පත් දැන්වත් ආරක්ෂා කර ගැනිම කළ යුතුයි (ම)