අම්පාරේ ලාහුගල හැඩඔයට නුදුරින් මහ වන මැද පිහිටි නිලගිරි චෛත්‍ය පුරාණයේ කුලබරිය චෛත්‍ය විය හැකි යැයි එහි ඊසාන දෙසින් හමු වු ගිරි ලිපියක සඳහන් වෙතියි නීල ගිරි ස්ථානභාර පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී සංජීව සම්පත් ගුරුසිංහ මහතා කියයි.
නීලගිරි සෑයේ කැණිම් 2011 දී ඇරැඹිණි.නීලගිරියට මීටර් පන්සීයක් ඊසාන දිගින් හමුවු ගිරි ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර වලින් පැවසෙනුයේ කුලබරිය මහා විහාර යනුවෙන් දා ගැබක් එහි තිබු බව යැයි ඔහු කියයි.
කි.ව තුන්වැනි සියවසේ පමණ එම සෙල්ලිපිය ලියන්නට ඇතැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිස්තු වර්ෂ තෙවන ශත වර්ෂයේදී ලංකාව අයිතිව තිබුනේ ඉන්දියාවට බව දැන්වත් පිළිගත යුතුයි,නැත්නම් කොහෙන්ද එතනට බ්‍රාහ්මණ අක්ෂර? (නි)
සෙන්තිල්, ලංකාවට වෙලා ඉන්න කැමතිද? නැත්නම් ඉන්දියාවට යනවද? (නි)
නැගෙනහිර පළාතේ ඉතිහසය ගැන අපි දන්නෙ ටිකයි. තාම කිසිම අයුරකන් නිවැරදි තොරතුරු අනාවරණය කරගෙන නෑ .මේ පළාත ගැන ඇත්ත තොරතුරු ගැන අපි දැන ගත්ත දවසට ඉතිහසයේ ලියවුන දේ වෙනස් වෙන්න පුළුවන්. මහා රාජධානියක පෙර නිමිති නටබුන් අතර තියෙනවා.මේ පළාතේ අනුරාධපුර යුගයේ මහා ජනාවාසයක් තියෙන්න පුළුවන්.මිහිදු මහා රහතන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලා හදපු චෛත්‍ය තියෙන්නේ අම්පාර රජගල තැන්නේ බව කියනවනේ. (ස)
පුරා විද්‍යා කැනීම් කරන නිලදාරීන් උගත් බුද්ධිමත් පිරිසක්. ඔවුන් කරන්නේ වෙහෙසකර රැකියාවක්. ඇගයීමට ලක්කළයුතු පිරිසක්. (නි)
දැන් ඉතින් ඔය ගැන හෙව්වා කියලා වැඩක් වෙයිද? (නි)
ක්‍රි.ව. තෙවන සියවසේදී නීලගිරි වැනි නමක් අම්පාර ප්‍රදේශයේ තිබිය නොහැකි බව ඉතාමත් තර්කානුකූලයි. එහි තිබෙන්නට ඇත්තේ 'කුලබරිය' නමින් විහාරයක්. බ්‍රාහ්මී අක්ෂර ලේඛනයේ ඡායාරූපයක් මෙහි පලවුණා නම් තවත් අගෙයි. (නි)
නීල් රනා, මෙය ඔබගේ යටිසිතේ ඇති පීඩනය,වෛර සිතකින් පිට කීරීමට යොදා ගත් නිෂ්ඵල, හිස්වචන හරඹයක් පමණි. (නි)
නීල් රනා, 'නීල' කියන වචනෙත්, 'ගිරි' කියන වචනෙත් ඇයි ඒ කාලේ තියෙන්න බැරි? මීටත් කලින් 2 වැනි සියවසේ රජකළ ගජබා රජතුමාගේ 'නීල' මහා යෝධයා ගැනත් 'මහා කළු සිංහලයා පලායනවෝ' කියලා කෑ ගහපු 'ගිරි නිඝන්ටයා' ගැනත් ඔබ අහලා නැද්ද? (නි)
අපේ පුරාණ දේ ගැන අපි මීටවඩා සැළකිළිමත් වියයුතුයි (නි)
මමත් ළගදි ගියා. යන්න බැරිතරමට අලි (නි)
නීල් රනා, ඔබ කියනවා නම් 5 වැනි සියවසේ මහාවංශය ලියු මහානාම හිමි ඉන්දියානුවෙක් කියලා. පසුකාලීන ඉතිහාසකාරයෝ මහාවංශය පමණක් බලාගෙන ලංකා ඉතිහාසය ලිව්වා කියලා. සියලුම වංශකතා 'ගජබින්න' කියලා. ඉන් එහාට ඔබ සමග කතාකිරීමෙන් වැඩක් නැහැ. මහානාම හිමියන්ට මුලාශ්‍ර වූ බව කියවෙන්නේ ක්‍රි.පු. 3 සියවසේ මහාවිහාර භික්ෂුන් ලියා තිබුන පොත්. ඕනෑම රටක ලිඛිත ඉතිහාසය පැරණි පොත්පත්, ශිලාලේඛන, වෙනත් රටවල තිබෙන මුලාශ්‍ර ආදිය උපයෝගී කරගෙනයි හැදෙන්නේ. නැතූව එක පොතක් බලාගෙන නෙමෙයි. ඔබ ගජබා රජු ගැන නෙමෙයි අපේ රටේ ඉතිහාසය ගැන මොකුත් අහලා නැතිබවයි මට හැඟෙන්නේ. (නි)
උපාලි, ඉන්දියානු භික්ෂූන් විසින් පසුකලෙක ප්‍රබන්ද කළ මහා වංශය වැනි ගජබින්නාලංකාර පරිශීලනය කර ලක්දිව ඉතිහාසය ගොඩනැගීම තරම් විහිළුවක් ලෝකයේ තවත් නැහැ. මෑතකදී ඉංග්‍රීසි පාලකයන් විසින් අපේ ඉතිහාසය වාර්තා කිරීමට 1700 අග භාගයේදී ලියැවුණු මහා වංශ පුස්කොලපොත් භාවිතා කිරීම නිසා ලංකාවම අන්තෝ ජටා-බහි ජටා ඉතිහාස උගුලක පැටලිලා. ඉන්දියානුවන්වත්, ඉංග්‍රීසින්වත් ලියාදුන්නු ව්‍යාජ වංශ කතා අපිට අවශ්‍ය නැහැ. අරිසෙන් අහුබුදු හිටියානම් කැමැත්තෙන්ම නීල ගිරි වචනය ගැන ඔබට පහදයි. මම මෙහි කියන්නේ අත්‍යාවශ්‍ය මූලික කරුණු පමණයි. (දී)
නීල් රනා සහ පිටිගල මිලානෝ දෙන්නම නිවුන්නු. ඒ විතරක් නෙමෙයි මන්ද බුද්ධික නිවුන්නු (නි)
හොයල බලන්න වටිනා කාරණයක් (දී)
සෙන්තිල්, මෙතන කියන්නේ මොකක්ද කියලවත් තේරිලාද ඔයා කියවන්නේ? "බ්‍රාහ්මණ අක්ෂර" නෙමෙයි සෙන්තිල්, "බ්‍රාහ්මී අක්ෂර". ඒ අක්ෂර ක්‍රමය තමයි ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ලංකාව ආදී ප්‍රදේශවල ඒ කාලේ භාවිතා වුනේ. සිංහල භාෂාවේ මුලය වන ප්‍රකෘත භාෂාව ලිව්වේ 'බ්‍රාහ්මී' අක්ෂර වලින්. ඉන්දියාවෙත් ඒ කාලේ භාවිතා වුනා භාෂා ලියන්න වැඩිපුර පාවිච්චි වුනේ 'බ්‍රාහ්මී අකුරු'. හරියට 'රෝමන්' අකුරු යුරෝපීය භාෂාවල අදත් පාවිච්චි වෙනවා වගේ. ඒකෙන් කියවෙන්නේ නැහැ රෝමයට මුළු යුරෝපයම අයිති වෙලා තිබුනා කියලා. ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ සෙල්ලිපි ලිව්වේ බ්‍රාහ්මී අක්ෂරවලින් ඒ කාලෙම ලංකාවේ ලෙන් විහාර ආදියේ ලිව්වේත් එහෙමයි. ඒ ලංකාව ඉන්දියාවට අයිති වෙලා තිබුන හින්දා නෙමෙයි, ඒ අකුරු ක්‍රමය ආසියාකරයේ ප්‍රචලිතව තිබුන නිසයි. (ස)
සෙන්තිල්, මෙසේ අදහස් දක්වන මමත් සිංහල, සිංහල රජුන් දවස සිටම මේ රටට හිසරදයක් වූ දකුණු ඉන්දියානු හැඩි දෙමළුන්ගෙන් මේ රට ආරක්ෂා කිරීම සඳ හා, උතුරු ඉන්දියාවෙන් පැමිණි අයගෙන් පැවත් එන බැව් පැවසෙන්නේ.නමුත් එදා හේවායන් වශයෙන් මෙහි පැමිණි අයත් මේ රට සිටි ජාතියට අනුගත වී සිංහලයා පිළිගත්තා.එදා ඉඳලම ඔය දෙමල බස කතා කරන අය තමා මේ රටට පිළිලයක් උනේ.ඔබට හැම තිස්සෙම මතක් වෙන්නේ ඉන්දියවම.මෙහේ සිටින්නේ නැතුව ඉන්දියාවට ගියහම. (ස)
සෙන්තිල්, ඔතන වැඩේ පොසිලයක් තිබ්බා නම් පිලිගන්න තිබ්බා. ඉස්සර දෙමල කියලා හා හා හා... (ස)
සෙන්තිල් , මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. (ස)
සෙන්තිල්, නෑවා ඇති ගොඩට එන්න. බ්‍රාහ්මණ අක්ෂර මොනවගේද? (නි)
ලංකාවේ පරණ වංශ කබල් ගගා ඉන්නේ නැතිව රටේ යහගුණ වපුරවන්න සියලු දෙනා මහන්සි ගත්තොත් හොඳ නැද්ද? පිළිනොපදින බණ කිය කියා ලංකාවේ ඔක්කොම මිනිස්සු කරන්නේ එකිනෙකාට ගරහා ගන්න එක විතරයි, දේශපාලන, ජාති හා ආගම් යන හැම ඉසව්වකම දකින්නේ මේ දේ විතරයි. (නි)
ලක්දිවට ඉන්දියානු බුදු සසුන ගෙන ඒමට අවසරදුන් සුමන ගැමුණු මහරජු පිළිබඳ ද්වේශයෙන් කටයුතු කර අද දක්වාත් එසේ කරන්නේ බෞද්ධයින් බව ඔප්පු වී හමාරයි. 1798 දී ඉංග්‍රීසින්ටත් මේ රට පාවාදුන්නේ බෞද්ධයින් බවත් සනාථ වී ඉවරයි. හින්දූන් දිවයිනේ පැතිරුනත් ඔවුන් මේ රට විදේශිකයන්ට පාවාදීමට ඉදිරිපත් වුණේ නැහැ. එනිසා දැනටමත් විනිශ්යය ලබාදී හමාරයි. අවශ්‍යය වන්නේ දඬුවම් ක්‍රියාත්මක කිරීමයි. (නි)
රත්න, උපාලි, වංශ කතා බොරු බේගල් තමයි. ලෝකෙටම විවිධ ආගම් හඳුන්වා දුන් අපිට, ඒ ආගම් අනුගාමිකයෝ ආපසු මෙහෙට ඇවිල්ලා, අපේ ඉතිහාසය කියලා දෙන්නවත් ලියලා දෙන්නවත් ඕනෑ නැහැ. අපේ රජ පරපුරේ ඉතිහාසය වසර 40000 කට වඩා පැරණියි. (නි)
සුමන ගැමුණු රජතුමා අශෝක ඉන්දියාව සමග දේශපාලන, ආගමික සම්බන්දතා ගොඩනැගුවේ කිසිවෙකුටත් අපේ පැරණි ප්‍රෞඩ ඉතිහාසය කාබාසිනියා කරන්න බැරි ආකාරයටයි. සුමන ගැමුණු සූර්ය දේව පිළිම බෝසත් කිරීමෙන් මෝඩයින් බවට පත්වී තිබෙන්නේ ඉන්දියානු බෞද්ධයින්මයි. (නි)
බ්‍රාහ්මී අක්ෂර තමයි ඒ කාලේ මේ ප්‍රදේශයේ සෑම රටකම පාහේ භාවිතා කළේ. දැන් ඉංග්‍රීසි භාවිතා කළා කියලා එංගලන්තයට හරි ඇමරිකාවට හරි අයිති වෙනවාද. මේ දෙමළ අය මොකට මේ රටේ ඉපදුනාද මන්දා. තමන් ඉපදුනු රටට මවුබිම හැටියට සලකන්න බැරි. මෙහේ ඉපදිලා, මෙහේ හැදිලා, ඉන්දියාව මවුබිම හැටියට හිතනවා. යනවලකො ඉන්දියාවට මොන මගුලකට මෙහේ ඉන්නවාද??? (ස)
පසුකලෙක ප්‍රබන්ද කළ මහා වංශය වැනි ග්‍රන්ථ පරිශීලනය කර ලක්දිව ඉතිහාසය ගොඩනැගීම තරම් විහිළුවක් ලෝකයේ තවත් නැහැ. මෑතකදී ඉංග්‍රීසි පාලකයන් විසින් අපේ ඉතිහාසය වාර්තා කිරීමට 1700 අග භාගයේදී ලියැවුණු මහා වංශ පුස්කොල පොත් භාවිතා කිරීම නිසා ලංකාවම අන්තෝ ජටා-බහි ජටා ඉතිහාස උගුලක පැටලිලා. (නි)
මට මතක් වුණේ කොලවරි... (නි)
දීපවංශය, මහාවංශය, චුලවංශය අපගේ ඉතිහාසය සදහන් ග්‍රන්ථයන් වෙති. මහාවංශය බුද්ධ පරිනිර්වාණයට පසු වර්‍ෂ 218 කට පසු ලියන ලද ග්‍රන්තයකි. අසෝක අධිරාජයගේ රාජාභිෂේකය පිලිබඳ විශේෂ විස්තරයක් සදහන්වේ. බ්‍රහ්මී අක්‍ෂර වලින් ලියන ලද ශිලා ලිපි මධ්‍යම ආසියව තුල ප්‍රචලිත අක්‍ෂර වෙති. මේ අක්‍ෂර ප්‍රාණාක්‍ෂර පමණක් තිබීම නිසා අක්‍ෂර කීපයකින් යම් අදහසක් කෙටියෙන්ම සදහන් කර ඇත. අද අපේ පෞඪ ඉතිහාසය සදහන් මහාවංශයට ඊර්‍ෂීයා ,වෛර , අවමන් කරන ඉතිහාසය විකෘති කරන පිරිස කවුරුන්ද? ඔවුන්ගේ බලාපොරොත්තුව කුමක්ද? අප එය තේරුම් ගෙන කටයුතු කළ යුතය. ඉතිහාසයක් ආගමක් නැති ඒ වෙනුවට ඉර, හඳ, ගිරි, සුලග, වැස්ස, දෙවින් ලෙස සැලකුවෝය.ඒවා අදහන අයට ඉතිහාසයක් යනු විහිලුවක් වීම පුදමයක් නොවෙනු ඇත. (ස)
සම්පත්, මේවා හොයලා වැඩක් තියනවද කියල අහන එක හරියට ඉපදුනයින් පස්සේ අම්මා තාත්තා ගැන කතා කරලා වැඩක් තියනවද කියලා අහනවා වගේ කතාවක්. අපි අපේ ආගම් පැත්තෙන් (මම කියන්නේ හැම ආගමකම) බැලුවොත්, මේ හැම දෙයක්කම පලක් නැති දේවල් තමයි. මොකද, දවසක අපිත් මැරිලා පස් වලට මිශ්‍ර වෙලා යනවා. එතකොට අපි මේ කරන හැම දෙයක්ම නිස්සාරයි. නමුත් අපි ජීවත් වෙලා ඉන්නකම්, අපිට පැවැත්මක්, මෙතෙක් කල් පැවතුනේ කොහොමද කියල දැනගෙන ඉන්න එක ජීවිතේ ගෙනියගන්න පිටිවහලක් වෙනවා. එච්චරයි. සෙන්තිල්, මෙතන ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැවත එනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මුලාශ්‍රයන් ගැන කතා කලොත්, ආගමිකව හෝ ඩාවින්චි සිද්ධාන්තය අනුව, අපි ඔක්කොම පැවත එන්නේ එකම මුලාශ්‍රයකින්. කාලයත් සමග අපි වෙන වෙන භාෂා කතා කලත්, වෙන වෙන ආගම් ඇදහුවත්, නොයෙක් සංස්කෘතීන් වලට අයත් වුවත්, අපි ඔක්කොම එකම පවුලක් නේද? ඉතින් දෙය්යනේ මොකක්ද අපිට මේ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් පුළුල්ව හිතන්න උත්සාහ කරන්න. (ස)