නාමල් රාජපක්ෂගේ තාරුන්‍යයට හෙටක් සංවිධානය ගැන ප්‍රචාරය කිරීමට එම සංවිධානයට රුපියල් ලක්ෂ 50ක් මුදල් දීමෙන් වංචාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තිදෙනා ලබන 23 වන තුරු යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහින්සක දුප්පත් ජනතාවගේ සල්ලි ටිකට ඇරලා හිනා වෙවී යන හැටි .අනේ අනේ!! (අ)
ඔය හිනාවෙන්නේ අඩන්න බැරි කමට. (ර)
හිරේ විලංගුවේ වැටෙනවා කියන්නෙත් තවත් බුදු සැප විදිනවා කියන එකයි.ඒ කියන්නේ හොරකම රුපියල් කෝටිය ඉක්මවන හොරෙක් වෙන්න ඕනේ.ලංකාව තරම් කම්බා හොරුන්ට බුදු සැප දෙන රටක් ලෝකයේ කොහෙවත් නැතිව ඇති. (අ)
ආචාර්ය නාලක ගොඩහේවා, ඔබව දන්නා කෙනෙක් ඔබට හොරෙක් යැයි නොකියනු ඇති. (ර)
මහානාම මහතාත් තාරුණ්‍යයට හෙටක් පැත්තේ ගැවසෙන්න ඇති කියලා මට හිතෙනවා (නි)
උසස් තනතුරැ සහ ඉක්මනින් දියුණු වෙන්න හිතාගෙන දේශපාලයන්ට කඩේ යන උගත් වැදගත් මිනිසුන්ට අනාගතයෙවත් හැදෙන්නට හොඳ පාඩම්. (ර)
නාලක ගොඩහේවා යනු මගේ සමකාලින ඉංජිනේරුවරයෙකි ( 1986 ඇතුළුවූ කාණ්ඩය ) . එතුමා හොරකම්කරාද නැද්ද කියන්න මම දන්නේ නැහැ , හොරකම් කරානම් දඩුවම් ලබා දිය යුතුයි , අදහස් දැමීමේදී දන්නා උදවිය වැරදි අදහස් දමා , නොදන්නා උදවිය නොමග යැවීම සදාචාරාත්මක නැහැ නේද ? නාලක හිනා වේගෙන ඉන්නේ , සතුටට නොවේ , බිය නැති කමටද ? මොකද අන්කෙන් උදවිය මුහුණ කළු කරගෙන හැංගිලා යන්නේ.? (ර)
කොහොම උනත් ලංකාවේ නම් ෆොටෝ වලට ඉන්නේ හිනා වෙලා තමයි.. පෙන්නේ නැද්ද ඡන්දෙ කාලෙට තියෙන පින්තුර. (ර)
මිනියක් මරල වුනත් පෝරකයට හිනා වේවි යන එකම ජන කොට්ටාසය ඉන්න රට ශ්‍රී ලංකාවයි. මේ ජාන හරි වටිනවා (බ)
මේ මහත්තය ඉන්නේ හරියට මගුල් ගෙදරක ගිහිල්ල වගේ මේ වගේ අහිංසකයන්ට වද දෙන උන්ට හොඳක් වෙන්න එපා (බ)
නියම මොලයක්...(අ)
රොබට් නොක්ස් ඒ කාලෙත් කියල තිබුණා මේ ගැන. ගංවතුරේ යට වෙලා හිටියත් හිනා වෙලා තමයි ෆොටෝ වල ඉන්නේ. (ම)
මාර සතුටකින් ඉන්නේ. සතුට වැඩි කරන්න දිගටම එහෙ තියන්න එතුමාව. (බ)
ඔය ඉන්නේ ෂපාන් එකේ නිකන් ගෙදර ඉන්නවා වගේ...දන්නවනේ අන්තිමට බේරාගන්නවා කියල....රජයේ සාක්කි කාරයෙක් කරලා හරි (බ)
හිනාවෙන්ම හිතේ තියන වහන්න ඕන මොකක්ද පේනවා...(බ)
පාර්ලිමේන්තුවේ වැඩිහරියක් ඉන්නේ නූගත් බොරුවට කෑගහන අය, ලෝකයක් වටිනා මේ වගේ උගත් , දක්ෂයින්ගේ සේවාව ලබාගන්න අපේ රටට වාසනාවක් නැත්තේ ඇයි? ජනතාවට රටේ සිදුවන දෙය ගැන ඇත්ත තේරුම් කිරීම නිසා බොරු චෝදනා කරමින් මොහුට වදහිංසා කරන සැමදෙනාටම ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබේවා ......(බ)