පරිසර දූෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ශබ්ද දූෂණය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු විය යුතු බව පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා පවසයි.
විශේෂයෙන්ම රථවාහන ගමනාගමනයේදී අධික නලා හඬ හේතුවෙන් බොහෝ පිරිසකට ශ්‍රවණාබාධ ඇතිවි හැකි යැයි ඒ මහතා පෙන්වා දෙයි.
එමෙන්ම ජංගම දුරකථන භාවිතයේදී යොදා ගැනෙන නවීන තාක්ෂණික ශ්‍රව්‍ය උපකරණවල අධික ශබ්දය හේතුවෙන්ද විවිධ ශ්‍රවණාබාධ ඇතිවීමේ ඉඩකඩ ඇතැයි ඇතුල්ගම මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ රටවල් වලදී පාරේ තමන්ට ඉදිරියෙන් යන රියදුරු වරදක් කළහම ඔහු කළේ වරදක් කියල හඟවන්න තමයි උපහාසාත්මකව නලාව ශබ්ද කරන්නේ. (බ)
ඔව් ඔව් නලාවට පය තියාගෙන ගියාම කනට හොදට වියායාම ලැබෙයි කල් යනකොට (කෞ).
ත්‍රීරෝද රථ ඉවත් කළා නම් පුළුවන්. (නි)
කෝසල, මේ ඉතා වඅදගත් පණිවුඩය අවමානයට ලක් කරන්ඩ එපා (ම)
පිටරටක ඉඳල ලංකාවට ගියහම වෙනස තේරෙනවා. කොළඹ ගිහින් පැයක් හිටියම ඔලුව කැක්කුම හැදෙනවා වාහනවල හෝන් සද්දෙට. අපේ බස් කාරයෝ හෝන් එකෙන් තමයි එලවන්නේ, සෙනග ලෝඩ් කරන්නේ, හෝල්ට් එකේ ඉන්න අනිත් බස් කාරයෝ පනන්නේ. පොලිසියත් අහක බලන් ඉන්නවා මිසක් අවවාදයක්වත් දෙන්නේ නැහැ. (ම)
කට්ටියම ලංකාවේ නලා හඬට බනිනවා. අපි ඉන්න බංගලාදේශයේ නලාව නැතුව එලවනවා තියා හිතන්නවත් බැහැ. සුක්කානම නැතුව එලවන්න පුළුවන්, නලාව නැතුව බැහැ (නි)
දියුණු රටකට ගිහිල්ල ඩ්රයිව් කරන්න.. හෝන් එක ගැහුවොත් ඉස්සරහ එක බැහැල ඇවිල්ල වෙඩි තියාවි.. මම සිංගපූරුවේ වසර 4ක් හිටිය.. ඇත්තම හෝන් ගහනවා කියන දේ අහලත් නැහැ. ඒ තරමටම එහෙ රියදුරන් විනීතයි .. (කෞ)
ගොඩක්ම කරදරේ ලොරි, බස්, ත්‍රීවිල් වලින් තමයි.(හේ)
නලාව අඩුවෙන් පාවිච්චි කරනවා නම් හොඳයි. වාහන වල දුම් බට වල සද්දයත් ප්‍රශ්නයක්. පාන් විකුණන ත්‍රීරෝද වල සද්දයත් ඒ වගේම තමයි. විශාල ප්‍රමාණයේ බල්ලන්ගේ නිතර බිරිමත් කරදරයක් මේ දවස් වල. රැය පහන්වනතුරු සංගීත සංදර්ශන ඉතාම කරදරකාරී දෙයක්. මේ ඔක්කොටම විසඳුම් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. (නි)
ලංකාව ත්‍රී වීල් නැති රටක් කරමු ප්‍රශ්නය සියට 90 ක් ඉවරයි
ජංගම දුරකථන භාවිතයේදී එය පාවිච්චි කරන්නා තමා ගැන හිතන්නේ නැති එක අපට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට පාරට බැස්සහම වාහන වලින් ඇහෙන නලා සද්දය මහා මාර්ග පාවිච්චි කරන අයට මහා වදයක්. බස් එකකට නැග්ගත් අල්ලපු අසුනේ ඉන්න එක්කෙනා සමඟවත් කතාකිරීමට බැරි අන්දමට රියදුරු සහ කොන්දොස්තර ආශා කරන “චුන් පෙට්ටිත්“ බස් වලින් ඉවත් කළයුතුයි. (නි)
ඉතාම වැදගත් අදහසක්, දක්ෂ රියදුරකුට හෝන් එක අවශ්‍ය වෙන්නේ නැත. සමහර රියදුරන් රිය පදවන්නේ හෝන් එකමත ඉඳගෙනයි. අනෙක් මිනිසුන්ට ඇතිවෙන අපහසුතාවය ගැන මොහොතකටවත් හිතන්නේ නැත. මෙම අදහස ගැන මම සතුටට පත්වෙමි. (ර)
නලා ශබ්ද ඇසෙන්නේ විටින් විට නමුත් ලංකාවේ පාසල් ක්‍රීඩා පිට්ටනිවල නිවාඩු දවස්වලට මහා ගෝෂා දාගෙන කරන ක්‍රිකට් ක්‍රීඩා විස්තර සහ සංගීත සාජ්ජ නිසා අහල පහල මිනිසුන්ට පැය ගණනක් සිදුවන පිඩාව ගැන හොයල බලන්න, මේ අකටයුත්ත නවත්වන්න කෙනෙක් නැහැ .(ර)
ශ්‍රවණ ආබාධ විතරක් නොවේ වාහනයක් පදවන කෙනෙකුගේ මානසීක ඒකාග්‍රතාව පවා නැතිවෙනවා මෙහෙම නලා සද්ද කරන්න ගියාම. පුදුම ආත්මාර්ථකාමී විදියට තම ඇතැම් අය ලංකාවේ වාහන එලවන්නේ. (ම)
ඕවා කරන්න කලින් ලංකාවේ රියදුරන්ටයි පදිකයින්ටයි පාරේ විනයානුකූලව ගමන් කරන හැටි උගන්වන්න. දියුණු රටවල් වල මේ දෙගොල්ලම ඉතාමත් නීතිගරුකව විනයක් ඇතුව තමයි පාරවල් වල යන්නේ. ඒ නිසා තමයි ඒ රටවල් වල වාහන නලා ශබ්ද කිරීමට උවමනා නැත්තේ. (ර)
නිවාඩුවට ලංකාවට ආ මම කීපදවසක් බස් වල යන්න යොදා ගත්තා, හෝන් සබ්දය විතරක් නොවේ ඇතුලේ දමාගෙන යන සින්දු වල සබ්දය අහලා මගේ කන විතරක් නෙවේ ඔලු කට්ටත් ගල්වෙලා, ඒක විතරක් විතරක් නෙවේ ,බසයේ වේගය සිග්-සැග් ක්‍රමයට පදවපු හැටි දැකල මට පුදුම බයක් ඇති උනා. ජීවත් වෙයි කියලා හිතුනේ නැහැ. බැරිම තැන රියදුරු ගෙන් මම ඉල්ලීමක් කලා මේ විදියට පදවන්නේ ඇයි කියලා, ඔහුන්ට ඒක සමාන්‍ය දෙයක් කිව්වා. අපේ ලංකාවේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි, වෙන කිය යුතු දෙයක් නැත. (ර)
තණකොළ කපන යන්ත්‍ර , පාවිච්චිය ගැනත් හිතලා බැලුවොත් හොඳයි නේද ? (ර)
ඔය බොරු කනට ගොඩක් හොදයි. ඒක කනට ව්‍යායාමයක්. (කෞ)
ලංකාවට ආපුවාම, නලාකාරයන්ගේ ඝෝෂාකාරී රිද්මයන් ගැන ලියන්නට ගියොත් කියාවි මේක එංගලන්තය නොවෙයි ලංකාව කියලා.එම නිසා මොකුත් කියන්නට යන්නේ නැහැ...වෛද්‍ය සිසිර ඇතුල්ගම මහතා හෝ මේවා ගැන උනන්දුවීම ගැන ඒ මහතාට අප සැවොම ස්තුති වන්ත විය යුතු වෙනවා.(ම)
අදහස නරක නැහැ. නමුත් ඒ උපදේශය බීරි අලින්ට වීනා වාදනය කරන්නා හා සාමානය (නි)