තම නිල රථය අවමංගල රථයක් කරන බවට දේශපාලන වේදිකාවේදී ජනතාවට පොරොන්දුවක් දී එය ඉටුකළ අපුරු දේශපාලකයෙක් ලංකාදීප එසැණට පසුගියදා හමුවිය. මල්හාමිගේ විජේසිංහ, පදවිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි. 1997 සිට 2002 වර්ෂය තෙක් පදවි ප්‍රාදේශීය සභාවේ සභාපති වූ විජේසිංහ මහතා 2002 වර්ෂයෙන් පසු දේශපාලනයෙන් ඉවත්ව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජනපද නිලධාරියෙකු වශයෙන් කටයුතු කරයි.
ප්‍රශ්නය, ඇයි ඔබ ඒවගේ පොරොන්දුවක් පදවිය ජනතාවට ලබා දුන්නේ.
පිළිතුර, ඔය නිල රථයේ ඉඳගෙන සභාපතිවරයෙක් යන්නේ හරිම තේජාන්විතව. බස් නැවතුමක ඉන්න කිසිම මගියෙක් දාගෙන යන්නේ නැහැ. පදවිය, පරාක්‍රමපුර,අලිවන්ගුව, වැලිඔය යන ප්‍රදේශ වලට ඒ දවස්වල පොදු ප්‍රවාහනය ගොඩක් අඩුයි. නමුත් කිසිම දවසක සභාපතිගේ වාහනේ අහිංසක මනුස්සයෙක් දාගෙන යනවා මම දැක තිබුණේ නැහැ.
ප්‍රශ්නය, ඔබ දිනුවට පස්සේ නිල රථය අවමංගල රථයක් කරන්න ඔබට පුළුවන් වුණාද?
පිළිතුර, ඇයි නැත්තේ මම මෘතදේහ 157ක් අවුරුදු පහ තුළ ප්‍රවාහනය කරලා තියෙනවා. අනුරාධපුර රෝහලේ මියගිය තම පවුලේ සාමාජිකයා පදවියට පරාක්‍රමපුරට අලිවංගුවට ගෙන්න ගන්න වත්කමක් නැති අසරණ මිනිස්සු මට ඇවිත් කිව්වාම කිලෝමීටර් 140ක් දුරගෙවලා මම මිනිය පදවියට ගෙනාවා. එතැනදී සභාපතිත් මම රියදුරත් මම. ඒ දවස්වල කොටි ගහපු තැනට බය නැතිව මම යනවා. ඒ ගිහින් තුවාල කරුවන් අරගෙන පදවි රෝහලට එනවා. නිල රථයට අලුත් ටයර් ගන්න ප්‍රාදේශීය සභාවේ සල්ලි තිබ්බේ නැහැ. පදවි රෝහලේ ගිලන් රියෙන් ඉවත් කරන ටයර් දාගෙන තමයි මම වාහනය පාවිච්චි කළේ.
ප්‍රශ්නය, ඇයි ඔබ දේශපාලනයෙන් ඉවත් වුණේ?
පිළිතුර, පරම්පරාවට අදින ඉහළ අපේක්ෂකත්වයක් ගන්න ලොක්කන් ඉදිරියේ හොටු පෙරන්න ඕනෑ මේ ජරා දේශපාලන රටාව මට එපා වුණා. බලන්න මේ දේශපාලකයන් මොනතරම් මිනිස්සු රවටනවද කියලා? පසුගිය මැතිවරණයේ මම දැකපු අප්‍රසන්නම දෙයක් මම ඔබට කියන්නම්. එදා පරාක්‍රමපුර පන්සලේ මිනිස්සු පිරිලා හිටියා. ඇතැම් අය හිටියේ උදේ දහයේ ඉඳලා. විපරම් කර බැලුවාම මොනවද බෙදනවාලු. ඔන්න හවස හතරට විතර ආරක්ෂක රථ පිරිවරාගෙන ලයිට් දාගෙන ගිනි විදගෙන උතුරු මැද පළාතේ හිටපු ප්‍රධානියෙක් එනවා. ඇවිත් බෙදාගෙන බෙදාගෙන ගියා. බෙදපු දේ මට ඔබට කියන්නත් ලැජ්ජයි. අල කිලෝ 4ක් . අනේ දෙයියනේ අල කිලෝ හතරක් බෙදන්න ආපු දුරක්.මම සභාපති වී හිටියෙත් ඒ පක්ෂයෙන්ම තමයි. බලන්න මිනිස්සු රවටන තරමක්. ඒ වගේම රැවටෙන තරමක්.
ප්‍රශ්නය, නැවත දේශපාලනයට එන්න අදහසක් නැතිද?
පිළිතුර, අවංක කමට තැන දෙනවානම් අවංක කම පිළිගන්නවා නම් නැවත සලකා බලන්න පුළුවන්. එහෙම නැතිව පාද නමස්කාර දේශපාලනයට මම කැමති නැහැ. මම පදවිය පරාක්‍රමපුරට ගිය හැටියේ මිනිස්සු මාව වට කරගෙන කියන්නේ දේශපාලනයට එන්න කියලා. ඒ මිනිස්සුන්ගේ ආදරය කරුණාව හැමදාම මට ඕනෑ නිසා මේ විදියට මම ඉන්නවා. දේශපාලනය කරන්නම ඕනෑ නැහැ සමාජයට සේවයක් කරන්න. අපි එකතු වෙලා අහිංසක මිනිස්සුන්ට පිරිසිදු වතුර ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කරතියෙනවා. මේ වෙනකොට පවුල් 750කට වතුර ලබා දෙන්න අපිට හැකි වුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමනක් පටන්ගෙන මගක් ගොස් මහා ධන සම්භාරයක් එක්රැස් කළ පතාක යෝදයෙක්. ඔබ එක්රැස් කළ මිනිස් ධනය කිසිවෙකුටත් සොරකම් කළ නොහැකිය.මැරෙන තුරු ඔබ ධනවතෙක්. ඒ සතුට කිසිදා ඔබ දුගියෙක් නොකරයි.ඔබට දිගායුස.(බ)
කරල්ලියද්දට බඩු හම්බවෙයි වගෙයි පෙන්නේ (බ)
මිනිසුන් අතෙර දෙවියෙක් (ම)
මහත්මයණනි ඔබ හැකි තරමින් ඉහළින් මහත්මා දේශපාලනයක් කිරීම ගැන ඔබට පින්.ස්තුති .අද තුමාලා කරන වැඩ නිසා එවැනි වචනයකින් ඔබ වැනි මහත්මයෙකු ඇමතීමට සිත ඉඩ දෙන්නේ නැහැ. (බ)
දුප්පත් ජනතාවට නිහඩ සේවයක් කළ මහතෙක්. අගමැති කමට හෝ ජනාධිපති කමට සුදුසුයි. දේශපාලනේ කරලා නිකන් ඇමතිලා පලා බබාලා වෙලා වැඩක් නැහැ. (බ)
මේ වගේ මිනිස්සුන්ට තැනක් දෙන්න කිසිම පක්ෂයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔක්කොම රට කන අය (බ)
ඔයවගේ උඩුගම් බලා පිහිනන දේශපාලඥයන් පිළිගන්න බොහෝ නායකයන් අකමැතියි. ඔවුන්ට ඕනෑ එහෙයියන්...(බ)
පුදුමයි (බ)
මෙවන් දේශපාලකයින් රටට ආඩම්බරයකි. අවංකවම ඔහු මෙවන් දේ ඉටු කර ඇත්නම් මෙතුවක් කල් මෙවන් උතුම් පුද්ගලයෙක් පිළිබඳව මාධ්‍ය වාර්තා නොකළේ මන්ද? සත්‍ය එය නම් ලංකාදීපේ තවත් එක් සැබෑ මාධ්‍ය මෙහෙවරක්. (බ)
මේ වගේ අය තමයි රටකට ඕනේ.(ම)
අවංක වටින මිනිහෙක් (බ)
මහත්මයාණෙනි ඔබ ඉතාම යහපත් අයෙක් (බ)
පහුගිය කාලයේ මෙවැනි අවංක අය හිටියද කියා හිතන්නවත් පුලුවන්ද?පහුගිය කාලයේ හිටපූ පාදඞ දේසපාලුවන්ගේ පාදඞ වැඩ ගැන මෙතුමට කලකිරෙන්න ඇති. (බ)
මම පුදුමවෙනවා දුක් ගන්න රාළලාගේ ප්‍රතිචාර නැත්තෙ කියල. (බ)
තනතුරු තානාන්තර වල රජයන අය අතර මිනිසුන්ගේ හදවතේ රජයන ඔබ විශිෂ්ටයි (නි)
ඔබට තුති! (නි)
මම ඔබට කැමතියි (බ)
ඔබ සියලුම දේශපාලුවන්ට ආදර්ශයක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි! (නි)
ජාතියේ උපහාරය !!! (ස)
මෙන්න මේ වගේ මහත්මා ගති තියෙන මිනිසුන් තමයි දේශපාලනය කරන්න ඕන. ජනතා සේවකයෙක් වෙන්න ඕන.එ්ත් අපෙත් රටෙත් අවාසනාවට අද රට කරන්නේ රටට ජාතියට ආදරයක් ඇති නායකයෝ නොවේ . (බ)
මෙම පුද්ගල ඇගයීම සමාජගත වීම අනර්ඝ කාර්යක්. හැකිපමනින් අනෙකාගේ අර්ථය උදෙසා වැඩ කරන ශ්‍රේෂ්ඨයින්, මතුකර පෙන්වීම සමාජ විඥානය ගොඩ නැඟීමට ලේඛකයා කරන මහඟු කාර්යක්.. එතකොටයි පාඨක සමාජයේ ගෞරවයක් සැබෑ ලේඛකයා කෙරේ ඇති වෙන්නේ.. මට දැනෙනවා අප සමාජය අලුත් දිශානතියක් තෝරා ගැනීමේ සලකුණු පෙන්වන බව..(ස)
විශිෂ්ඨයි මහත්මයා. (ස)
ඔන්න ඕක තමයි මෛත්‍රී ජනාධිපතිවරණයට ඉල්ලුවේ. (ස)
විශිෂ්ටයි! (නි)
බඩගෝස්තරය වෙනුවෙන් කටට එන ඕනෑම දෙයක් කියලා තමන් විතරක් රැකෙන්න ඕනෑ කියලා වැඩකරන දේශපාලන වටපිටාවක , කෝටි ගණන් වංචාකරලා යටිමඩි ගහලා පරම්පරා ගානකට හරිහම්බ කරගෙන රටටම කරදරයක් වෙලා පණයනතුරු රටම කන්න දඟලන , කුමන හෝ බොරුවක් කරලා බලයම රැකගන්න දඟලන දේශපාලකයන්ට, මේ ප්‍රතිපත්තිගරුක මනුස්සයාගෙන් ඉගෙනගන්න මොනතරම් දේ තියෙනවද? (නි)
කවුරු හරි දන්නවනම් කියන්නකෝ මේ මහත්මයාගේ නම මොකක්ද කියල. මේ වගේ අයව අපි අගේ කරන්න ඕන (බ)
ඔබ වෙනුවෙන් ලියන්න මට කිසිවක් නැත. පුවත කියවනවිට මෙගේ ඇසින් ගලායන කඳුළු ඔබ වැනි උතුම් මිනිසුන් වෙනුවෙන් දහසක් දේ ලෝකයට පවසනු ඇත. (නි)
අනුරාධ -මෙල්බර්න්, මහත්මාණෙනි, මෙවැනි උතුමන් තවත් සියයක්වත් හිටියා නම්, ඉන්නවා නම් අපේ රට කොතනද? වර්තමානයේ සිටින අයගේ දෙනෙතට දිස්වේවා! (නි)
කතා දෙකක් නැහැ. හොඳ දේශපාලකයෙක් (නි)