IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිල් කැට හොයා කන්තලේ වැව වනසති

 

කන්තලේ වැව සිඳී යාමත් සමග 2000 ක් පමණ එහි මැණික් ගරති. පොලොන්නරුව, රත්නපුර, අනුරාධපුර පෙදෙස්වලින් පිරිස් පැමිණ වැවේ වළවල් හාරා මැණික් සොයති. අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි. ගැහැණු නෑඹිලි රැගෙන අවුත් මැණික් ගරති. දේශපාලන ගෝල බාලයෝද ඒ අතර වෙති. නිල් කැට වැඩිපුරම ලැබෙතියි කියති.

DSC_0311 DSC_0314 DSC_0315 DSC_0317 DSC_0320 DSC_0321

 

 

 



අදහස් (0)

නිල් කැට හොයා කන්තලේ වැව වනසති

චමි Sunday, 12 October 2014 12:02 PM

කව්ද වැවේ ඉඩම් අල්ලගන ඉන්නේ ? බලධරයෝ නිදගෙනද ඉන්නේ ?(හේ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 12 October 2014 12:06 PM

දුප්පත් මිනිසුන් කීයක් හරි ජීවිතේ ගැට ගහගන්න උත්සහ කරන එක හොඳයි. ඒත්, වැවේ ඉතුරු අක්කර අඩි ලක්ෂයට මොකද වුනේ? ඇවිදින්න ගිහින්ද? නැත්නම් නෑයෝ ඇවිත් පදිංචි වෙලාද? (නදී)

:       0       0

දිමුතු Monday, 13 October 2014 10:28 AM

කියක් හරි හොයා ගන්නනේ පොළවට යටවෙලා තියෙන සම්පත් නේ කමක් නෑ.(හේ)

:       0       0

තාරක Sunday, 12 October 2014 12:18 PM

"අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි." මාර හිනා මේවා දැක්කාම ආසියාවේ අශ්චර්යයේ යන ගමනේ අපිට දකින්න ලැබෙන දේවල් (නදී)

:       0       0

හිරෝෂ් Monday, 13 October 2014 03:54 AM

වැව ගොඩවුණාම කෝටි ගානක් යනවා හාරන්න. මොළයක් ඇත්නම් කරන්න තියෙන්නේ මේ මිනිසුන්ට ඉඩදෙන්න ගොඩ වූ පස් යම් ප්‍රමාණයක් පාලනයක් ඇතුව ඉවත් කරගෙන යන්න. රජයට ලාබයි. (නි)

:       0       0

සත්‍යපාල Monday, 13 October 2014 03:59 AM

ජීවිතය ගැටගහගන්න තිබෙන වැව මේ ආකාරයට විනාශ කරන්න මේ මිනිසුන්ට දුක නැද්ද ?සල්ලි ලැබෙනවා නම් අම්මා අප්පා හරි විකුණන්න අපේ අය සුදානම් කියලා කියන්නේ නිකමට නොවෙයිනේ. (නි)

:       0       0

පද්මිණි Monday, 13 October 2014 04:25 AM

ඉල්ලම දැක්කම ඕක තව තව හාරන්න තමයි හිත. දේශපාලකයෝ වගේ (නි)

:       0       0

බුද්ධි Sunday, 12 October 2014 02:31 PM

අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි යනු නියගය නිසා වතුර අඩු වී තිබෙන ප්‍රමානය බව අවබෝද කර ගැනීම වටී. (හේ)

:       0       1

ගාමිණී Sunday, 12 October 2014 03:40 PM

වැස්ස නැතුව වෙච්ච දෙයක්.(හේ)

:       0       0

තිලක් Sunday, 12 October 2014 03:43 PM

වැස්සේ නැත්තම් මුළු වැවම ඉවරයි.(හේ)

:       0       0

චන්ද්‍රා Sunday, 12 October 2014 05:49 PM

දැන් ඉතින් පොලිසිය දාල මිනිස්සුන්ව පන්නල වැව හාරන්න පටන් ගනීවි. (අ)

:       0       0

ගුණවර්ධණ Sunday, 12 October 2014 09:24 PM

අපේ මිනිස්සු හාරන්නට හරිම දක්ෂයි .(අ)

:       0       0

චානක. Sunday, 12 October 2014 10:35 PM

නීති හදන එවුන්ම නීති කඩන ..බුදුන් තුන් වරක් වැඩිය...ආඩම්බර කාර පියෙක්ගේ චින්තනයෙන් ආස්චර්යමත් වෙන ලෝකයේ අති උතුම් රට....(අ)

:       0       0

උපාලි Monday, 13 October 2014 12:54 AM

වතුර පිරුනහම ඔය හරිය යටවෙලා යනවා. ඊටකලින් මෙහෙම දෙයක් කරගත්තට කමක් නැහැ. (නි)

:       0       1

සුජානි Monday, 13 October 2014 02:04 AM

තමන් රැකියාවක් කරලා ජීවත්වෙන්න උත්සාහ ගන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න මිනිසුන් ඕනෑ දෙයක් කරනවා (නි)

:       0       0

විරාජ් Monday, 13 October 2014 02:19 AM

වැව පිරිලා ගිය දවසක මාළු අල්ලන්න සහ නාන්න යන කට්ටිය ඔය වළවල් වල වැටිලා ගිලුනහම මැණික් හාරපු කට්ටියට රඟ දැනේවි (නි)

:       0       0

ඉරෝෂා Monday, 13 October 2014 09:44 AM

ඔය හාරන වළවල් නිසා වැවේ වතුර පිරුනහම ජීවිතහානි තමයි වැඩිවෙන්නේ (නි)

:       0       0

රොෂාන් Monday, 13 October 2014 09:50 AM

පස් කපාගෙන වැවෙන් එළියට ගෙනිහින් ගරාගන්න කිව්වා නම් හරි (නි)

:       0       0

චමින්ද Sunday, 12 October 2014 11:50 AM

දේශපාලන ගෝල බාලයොත් වැඩේට බැහැලා ඉන්නවා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ. පොලිසියෙන් පැත්ත පළාතේ එන එකක් නැහැ. කට්ටියට තියෙන්නේ දිගටම ගරාගෙන යන්නයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site