කන්තලේ වැව සිඳී යාමත් සමග 2000 ක් පමණ එහි මැණික් ගරති. පොලොන්නරුව, රත්නපුර, අනුරාධපුර පෙදෙස්වලින් පිරිස් පැමිණ වැවේ වළවල් හාරා මැණික් සොයති. අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි. ගැහැණු නෑඹිලි රැගෙන අවුත් මැණික් ගරති. දේශපාලන ගෝල බාලයෝද ඒ අතර වෙති. නිල් කැට වැඩිපුරම ලැබෙතියි කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද වැවේ ඉඩම් අල්ලගන ඉන්නේ ? බලධරයෝ නිදගෙනද ඉන්නේ ?(හේ)
දුප්පත් මිනිසුන් කීයක් හරි ජීවිතේ ගැට ගහගන්න උත්සහ කරන එක හොඳයි. ඒත්, වැවේ ඉතුරු අක්කර අඩි ලක්ෂයට මොකද වුනේ? ඇවිදින්න ගිහින්ද? නැත්නම් නෑයෝ ඇවිත් පදිංචි වෙලාද? (නදී)
කියක් හරි හොයා ගන්නනේ පොළවට යටවෙලා තියෙන සම්පත් නේ කමක් නෑ.(හේ)
"අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි." මාර හිනා මේවා දැක්කාම ආසියාවේ අශ්චර්යයේ යන ගමනේ අපිට දකින්න ලැබෙන දේවල් (නදී)
වැව ගොඩවුණාම කෝටි ගානක් යනවා හාරන්න. මොළයක් ඇත්නම් කරන්න තියෙන්නේ මේ මිනිසුන්ට ඉඩදෙන්න ගොඩ වූ පස් යම් ප්‍රමාණයක් පාලනයක් ඇතුව ඉවත් කරගෙන යන්න. රජයට ලාබයි. (නි)
ජීවිතය ගැටගහගන්න තිබෙන වැව මේ ආකාරයට විනාශ කරන්න මේ මිනිසුන්ට දුක නැද්ද ?සල්ලි ලැබෙනවා නම් අම්මා අප්පා හරි විකුණන්න අපේ අය සුදානම් කියලා කියන්නේ නිකමට නොවෙයිනේ. (නි)
ඉල්ලම දැක්කම ඕක තව තව හාරන්න තමයි හිත. දේශපාලකයෝ වගේ (නි)
අක්කර අඩි එක්ලක්ෂ දස දහසක් තිබිය යුතු වැවේ දැන් ඇත්තේ අක්කර අඩි දස දහසකටත් අඩු ප්‍රමාණයකි යනු නියගය නිසා වතුර අඩු වී තිබෙන ප්‍රමානය බව අවබෝද කර ගැනීම වටී. (හේ)
වැස්ස නැතුව වෙච්ච දෙයක්.(හේ)
වැස්සේ නැත්තම් මුළු වැවම ඉවරයි.(හේ)
දැන් ඉතින් පොලිසිය දාල මිනිස්සුන්ව පන්නල වැව හාරන්න පටන් ගනීවි. (අ)
අපේ මිනිස්සු හාරන්නට හරිම දක්ෂයි .(අ)
නීති හදන එවුන්ම නීති කඩන ..බුදුන් තුන් වරක් වැඩිය...ආඩම්බර කාර පියෙක්ගේ චින්තනයෙන් ආස්චර්යමත් වෙන ලෝකයේ අති උතුම් රට....(අ)
වතුර පිරුනහම ඔය හරිය යටවෙලා යනවා. ඊටකලින් මෙහෙම දෙයක් කරගත්තට කමක් නැහැ. (නි)
තමන් රැකියාවක් කරලා ජීවත්වෙන්න උත්සාහ ගන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න මිනිසුන් ඕනෑ දෙයක් කරනවා (නි)
වැව පිරිලා ගිය දවසක මාළු අල්ලන්න සහ නාන්න යන කට්ටිය ඔය වළවල් වල වැටිලා ගිලුනහම මැණික් හාරපු කට්ටියට රඟ දැනේවි (නි)
ඔය හාරන වළවල් නිසා වැවේ වතුර පිරුනහම ජීවිතහානි තමයි වැඩිවෙන්නේ (නි)
පස් කපාගෙන වැවෙන් එළියට ගෙනිහින් ගරාගන්න කිව්වා නම් හරි (නි)
දේශපාලන ගෝල බාලයොත් වැඩේට බැහැලා ඉන්නවා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ. පොලිසියෙන් පැත්ත පළාතේ එන එකක් නැහැ. කට්ටියට තියෙන්නේ දිගටම ගරාගෙන යන්නයි. (නදී)