ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත තිබූ පාසල් නිල ඇඳුම් ඒකාධිකාරය රට පුරා ව්‍යාපාරිකයන් අතර බෙදා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉසුරුපායේ පැවැති රැස්වීමකදී පැවසීය.
වෙළඳපොළ තරගකාරීත්වය ඇති කිරීම සඳහා සළුසල හා ලක්සල ද නිල ඇඳුම් රෙදි අඩුමිලට විකිණීමට කටයුතු කරනු ඇතැයිද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.
දෙසැම්බර් 4 වැනිදා පාසල් නිවාඩුවට ප්‍රථම නිල ඇඳුම් වවුචර්පත් බෙදාසීම අවසන් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවත් සෙනසුරාදා (28) සිට වවුචර් පළාත් අධ්‍යක්ෂවරුන්ට යවන බවත් අමාත්‍යවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය (ම)
රුපියල් 400 න් ඇදුම් මහන්න පුළුවන් කොහෙන්ද (බ)
ඒක හොඳයි (නි)
හොඳ යෝජනාවක්. ඒකාලේ පිරිවෙන් වලට දුන්න සිව්රු පොරවන්ටම බෑ. දැන් ලැබෙන මුදල සිවුරකට මදිපාඩු නම් අදින්න හැකි අඳනයක්වත් ගන්න පුළුවන්නේ. (බ)
පසුගිය කාලයේ වූ ඒ දූෂණ නවත්වන්න මේ ඇමතිතුමා කටයුතු කර තිබෙනවා... (නි)