දැරණියගල නූරිය වතු යායේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සිදම්බරම් පලනි අණ්ඩි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුශ්ක සෙනවිරත්න මහතා ඉදිරියේ පෙරදින සවස රහස් ප්‍රකාශයක් කළේය.
ඒ සඳහා ඔහුට පැයක් පමණ ගත විය.
පලනි අණිඩි සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඔහු ද, දැරණියගල හිටපු ප්‍රාදේශීය සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු සෙසු සැකකරුවෝ ද ලබන දෙවැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යක්කු දැරනියගලට පුදුම සාපයක් වෙලා ඉඳලා තියෙන්නේ, මරණ දඬුවම දෙන්න ඕන ඔක්කොටම... (ස)
මොනවා වුනත් පරීක්ෂණ පවත්වන නිලධාරින්ගේ මොළය නම් නියමයි. චාටුවෙන් ඕනෑ දෙයක් අහගන්න මෙයාලා දන්නවා,ඔහොම යමු (නි)
වරුණ, මේ දේශපාලකයන්ට ඉහල අයගෙන් රැකවල් ලැබෙනවා ඇති. ඒ උනාට මෙයාලට ඇත්තෙන්ම ජවය දෙන්නේ මේ අයව ඔය තැනට යවන අපම තමයි. මේ දේවල් කලාට ලබන පාරත් අප මේ අයව ඔතනට යවන්නේ නැතිද බලන්න. (දී)
හොද හොද දේවල් එළිවෙන ජාමෙට කිව්වලු (අ)
මේ අපරාධ වලට උදව් කල මහා අපරාධ කාරයින්ගේ නම් කියවුනා නම් ප්‍රසිද්ධ කරන්න. රටට මහා සාපයක් වෙලා තියෙනවා මේ දෙන්නා. විසේශයෙන් සබරගමුවට. ජනතාව නොදැන නොවෙයි ඉන්නේ ඒ උනත් ප්‍රසිද්ධ උනා නම් රට වෙනුවෙන් කරන මහා පුණ්‍ය කර්මයක්. (දී)
ඇත්තටම හොදයි පරීෂණ ඒත් තවත් කොට්ඨාශයක් නිදැල්ලෙ. මිනිසුන්ගෙ දේපල ගස්කොළන් කපපු කල්ලිය ගැනත් හොයන්න. ඒ මිනිස්සු දැන් ගම් වැදිලා. හොර ලී ජාවාරමත් නවත්වනවා නම් ගොඩක් හොඳයි. පරීක්ෂණ තව පුලුල් කරන්න. (ස)
ඒ අනුව වරද කරුවන් අල්ලා ගන්න (දී)
මේ ගොල්ලන්ට ආරක්ෂාව සපයපු දේශපාලකයන් දෙන්නගේ නමුත් උසාවියේදී කිව්වා නම් හොදයි සමාජයටම දැනගන්න. මේ වගේ තිරිසන්නු සමාජය විනාශ කරන්න ජවය ගන්නේ කාගේ බලයෙන්ද කියලා දැනගනියි එතකොට. (නි)
එහෙනම් දැන් ඔක්කොම අල්ල ගන්න පුළුවන්නේ.අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. මේවා වැරදි වැඩ කියලා දැන දැනම මේවා කරලා නිකන් හිරේ ලගිනවා.පව්කාරකම තමා. (ස)