IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී

දියතලාව යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව 20 වැනි වරටත් සංවිධානය කරන නරියාකන්ද (ෆොක්ස්හිල් සුපර් ක්‍රොස්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය මේ මස 21 වැනිදා දියතලාවේදී පැවැත්වේ. යුද හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා පැවැත්වීම සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලබා ගැනීමේ අරමුදලට ආධාර පිණිස 1993 වසරේ දී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ. වන ගහණයෙන් යුත් පරිසරයක අන්තර්ජාතික මට්ටමින් ඉදි කර ඇති නරියා කන්ද ධාවන පථයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර දෙකකි. පේ‍්‍රක්‍ෂකයන්ට එකම ස්ථානයක සිට ධාවන පථය සම්පුර්ණයෙන්ම නැරඹීමට හැකිවන පරිදි මෙම ධාවන පථය සකස් කර තිබීම මෙම ධාවන පථයේ විශේෂත්වයවේ. පේ‍්‍රක්‍ෂකයන් 100,000 කට වැඩි පිරිසකට තරගය නැරඹීමට හැකි වීම මෙම ධාවන පථයේ තවත් විශේෂත්වයකි. මෙවර තරගාවලියට මෝටර් රථ ඉසව් 12 ක් සහ යතුරු පැදි ඉසව් 14 ක් ඇතුළත් වේ. ඒ සඳහා ධාවකයෝ 175 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටිති. මෝටර් රථ ඉසව්වන්ගෙන් කාගේත් අවධානය දිනා ගන්නා ඉසව්ව වන්නේ සුපර් කාර් ඉසව්වයි. ෆොක්ස්හිල් ධාවන පථයේ 10 වරක් දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන දිනා සිටින අරවින්ද පේ‍්‍රමදාසට මෙවර ද පසුගිය වසරේ පැවැති තරගාවලියේ දක්‍ෂතම ධාවකයා වු පසිඳු පීරිස් ගෙන් අභියෝගයක් විය හැකිය. අශාන් සිල්වා, දිනේෂ් දෙහෙරගොඩ, රියාස් ෆාරොක්, ජනක ඩයස් මෙන්ම ප‍්‍රදීප් ජයවර්ධන ද සුපර් කාර් ඉසව්වේ නම ගිය ධාවකයෝ වෙති. මෝටර්ක්‍රොස් යතුරු පැදි ශුර ගයාන් සඳරුවන් රේසිං 125 සී.සී සහ 250 සී.සී ඉසව් නියෝජනය කරයි. ගයාන්ට අභියෝගයක් වෙමින් ඉන්දීය යතුරු පැදි ධාවකයෝ ද මෙවර තරගාවලියට සහභාගිවෙති. ෂෙහාන් සී. අධිකාරී යොවුන් යතුරුපැදි ධාවකයා ද පසුගිය වසරේ ෆොක්සිල් ධාවන පථයේ දස්කම් අතර සිටියේය. ප‍්‍රවීණ තරගකරුවකු වන ආනන්ද වෙඩිසිංහ 1994 සිට 1999 දක්වා ශූරතා දිනා නරියා කන්ද ධාවන පථයේ විශිෂ්ට වාර්තාවක් තැබූ මෝටර් ක්‍රොස් ධාවකයෙකි. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සියැට් - ස්ලාඩාර්’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ (2012) තෙවැනි තරගාවලිය මෙය වේ. 20 වැනි සංවත්සරය නිමිත්තෙන් තරගාවලිය නැරැඹීමට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයන්ට විනෝද විය හැකි අංග රැසක් ද එදින පැවැත්වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0112769734 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය. තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා වන බ‍්‍රවුන්ස් සමාගමේ පණ්ඩුක වීරසිංහ මහතා විසින් යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක හා තරගාවලියේ සංවිධායක කමිටු සභාපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත ජයසුන්දර මහතාට අනුග‍්‍රහකත්වය පිරිනමන ලද අයුරු. (ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

නරියාකන්ද මෝටර් රථ-යතුරු පැදි තරගාවලිය 21 දා දියතලාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site