
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි .
දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් .පී. සත්සරණී චාමින්දි(16) නැමති බාලවයස්කාර දැරිය මෙසේ මියගිය බවද පොලිසිය කීය .
මේ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වනදින පැවත්විණ .
එහිදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙසේ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටි එක මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර ඉකුත් අප්‍රේල් මස 21 සිදුවිය.
එම අනතුරින් එදින අවුරුදු 8 ක් වයසැති සිගිති දැරියක ඇතුලු හත්දෙනෙක් මියගොස් 21 දෙනෙක් තුවාල ලදහ
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය නැරඹීමට ගොස් සිදුවු මාරක මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ලාබාල තරුණිය මෙසේ මියගිය බවද පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නරියාකන්ද අනතුරේ තවත් දැරියක් මරුට
Muthu Thursday, 16 May 2024 08:03 AM
මේවා සහගහන අපරාද. කවුද මේවට වග කියන්නේ, වන්දි දෙන්නේ. පාරේ දුවන්නවත් හොඳ නැති කබල් වාහන් දාගෙන රේස් යනවා. අපේ මොංගල් ගොන්නු මේවා බලන්න යනවා. ඒ වීඩියෝ බලනකොට ආරකෂාව අන්තිමයි. පලවෙනි වාහනේ වැදුනට පස්සේ වත් ආරක්ෂක ක්‍රමවේදයක් තිබුනේ නෑ. මහපාරක උනා නම් මිනිස්සු හරි දුවන් එනවා. අනිවාර්යෙන් නීති ක්‍රියාමාර්ග අරගෙන මේ මිනිස්සුන්ට වන්දි ලබා දිය යුතුයි.
පිටිගල මිලානෝ Thursday, 16 May 2024 10:36 AM
මේ සමූහ ඝාතනයට තවම කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මෙය මෙලෙස අපරික්ෂාකාරී ලෙස සංවිධානය කල හමුදාපති ඇතුළු සියල්ල වහා අත්අඩංගුවට ගන්න.