හිටපු ඇමැති නිර්මල කොතලාවල මහතා දේශපාලනයෙන් සමුගන්නා බව අද (12) ප්‍රකාශ කළේය.
තමාට වත්මන් දේශපාලන තත්ත්වය ගැන කලකිරීමක් ඇති බවත් හෘද සාක්කියට එකඟව තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය නොහැකි බවත් කොතලාවල මහතා පවසයි.
මෙවර මැතිවරණයට තරග කිරීමට හෝ ජාතික ලැයිස්තුවෙන් පවා පැමිණීමට තමාට හැකියාව තිබුණද එයට එකඟ නොවන බවත් නිර්මල කොතලාවල මහතා කීවේය.
ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි කෙළින් මනුස්සයෙක්. මට මතකයි එක දවසක් රිය අනතුරක් වෙලාවේ ඇවිල්ලා අසරණ මිනිසෙකුට නාගොඩදී උදව් කළා. දැන් ඡන්දෙ දෙන්න නිර්මල නැහැ (නි)
ඔබ ගැන හරිම ආඩම්බරයි . සැබවින්ම ඔබ නිමල බව ඔප්පුවෙනවා .මේ දේශපාලනය මහත්වරුන්ට හරියන්නේ නැහැ.ඔබට ජය පතනවා (බ)
මම ඔබට ගෞරව කරන පාඨකයෙක්. දේශපාලනයට ඔබ අවංක සහ හොඳ වැඩියි.ඔබේ කලා හැකියාව තුලින් ලෝකයට හරවත් සේවයක් කරන්න පුළුවන්. සුබ පැතුම් (බ)
ඔබ වැනි මහත්මා ගති ඇති නිහතමානී පුද්ගලයන් තමයි අපේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු .රටේ අවාසනාවට අනවශ්‍ය අය රැදිලා හොද අය ගෙදර යනවා (බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙයි කියල මෙතුමාට දැනිල ) (බ)
හම්බ කර ගත්තා ඇති වෙන්න ඇති.(නදී)
ඔබ ගැන ආඩම්බරයි මහත්මයා. සමහරුන්ට මේක තේරෙන්නේ නැතිකම තමයි අවාසනාව.පේනවනේ බල තණ්හාව ඔලුවට ගහපුවාම වෙනදේ.. (නි)
නිහතමානී දේශපාලකයෙක්. මේ වගේ අය රටට අත්‍යවශ්‍යයි (නි)
මම ඔබේ තීරු ලිපි කියවන පාඨකයෙක් වශයෙන් මට හිතුන දෙයක් තමයි දැන උගත් මහත්මා ගති පැවතුම් ඇති ඔබට මේ දේශපාලන ක්‍රමය ගැලපෙන්නෙ නෑ කියල. හැබැයි එතකොට මේ රටට වෙන්නෙ මොනවද. එතකොට අපේ අනාගත දරුවන්ට මොකද වෙන්නෙ. කොහොම වුණත් මම ඔබට සුබ පතනවා. (නදී)
දැන් ඔබතුමා විවේක ගන්න (නි)
නිර්මල මහතා නැත්නම් මම මගේ ඡන්දය දෙන්නෙ නැහැ කාටවත් (නි)
ඔහු හොඳ දේශපාලඥයෙක් (නි)
ඔබතුමා වැනි අය මේ රටේ තවත් බලයේ සිටින්න ඕනෑ (නි)
හරිම කණගාටුයි මට (නි)
අවංක දේශපාලකයෙක්. කලාතුරකින් දැකිය හැකි දෙයක් (නි)
ඇත්තටම හිතට එකඟව ගියානම් අපි ඔබට ආචාර කරන්නෙමු.(ම)
එපා ඔබ වගේ අය ගියොත් කළුතර දිස්ත්‍රික්කය අපට විශාල පාඩුවක් (නදී)
වගකීමෙන් කියන්නේ. ඔහු ගිය එකට මම අවංකව ස්තූති කරනවා (නි)
පක්ෂය තුල අර්බුද ඇති බව මෙයින් ගම්‍ය වෙනවා.(ම)
ඔබ ගත් තීරණය සැමටම ආදර්ශයක් (නි)
ඔරුව පෙරලුන පැත්ත හොදයි කීවාලු (නදී)
ඔබතුමාට අපේ ආචාරය! (නි)
ඔබතුමා සහ රෙජිනෝල්ඩ් කුරේ මහතා ගත් තීරණය වැඩ නිවැරදියි. අද පවතින දේශපාලන සංස්කෘතිය වැදගත් මහතුන්ට කෙසේවත් නොගැළපේ. ඔබ දෙපළ සියල්ලන්ටම ආදර්ශයක්ම වේවා! (නි)