ඔබ කොහොම කෙනෙක්ද?
මම ගොඩක් සරල චරිතයක්
දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ රැකියාවක් කරනවාද? නැත්නම් ෆුල් ටයිම් මොඩලින් කරනවාද?
රැකියාවක් නම් දැනට කරන්නේ නැහැ. මොඩ්ලින් කරනවා. එත් ෆුල් ටයිම් කරනවාමත් නෙවෙයි. මට එන වැඩ බලලා හොඳ දෙයක් නම් කරනවා. මං ගොඩක් කැමති මොඩ්ලින් පැත්තට වඩා රංගනය පැත්තෙන් ඉස්සරහට යන්නයි.
රංගනයෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?
අවස්ථා කිහිපයක්ම ලැබුණා.
ඇයි ඒ සඳහා දායක වුණේ නැත්තේ?
නැහැ මං ටෙලිනාට්‍ය 2 කට දායක වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කළා.
ඒ ගැන කිව්වොත් ඒ මොනාද කියලා?
සිරස tv ඔස්සේ විකාශනය වුණ 'උතුම් පැතුම්' සහ 'ආදරේ ගින්දරක්' ටෙලිනාට්‍ය සඳහා දායක වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් නම් කිහිපයක්ම කරනු ලැබුවා.
ඒ වෙළෙඳ දැන්වීම් මොනවාද?
මෑතකදී කරපු වෙළෙඳ දැන්වීමක් කිව්වොත් TVS Metro bike වෙළෙඳ දැන්වීමට දායක වුණා.
නිරූපණයටද, රංගනයටද වැඩිපුර කැමැත්තක් තියෙන්නේ?
නිරූපණයට වඩා රංගනයට කැමතියි.
ලොකු බලාපොරොත්තු නම් මගේ ජීවිතයේ නැහැ. නිරූපණයෙන් සහ රංගනයෙන් ඉස්සරහට යන්න කැමති.
රංගනය පිළිබඳව හදාරන්න ආසාවක් තියෙනවාද?
ඔව්. රංගනය පිළිබඳ හදාරන්න කැමති. ඉදිරියේදී මං රංගනයට පිළිබඳ හදාරනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව් මගෙත් එක්ක හැම තිස්සෙම ඉඳගෙන මට උදවු කරන මගේ දෙමාපියන්වත්, තව මොඩ්ලින්වලදී, රංගනයෙදී මට උදව් කරපු හැම කෙනෙක්වම මතක් කරනවා සහ ස්තුතියි කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිරූපණයට වඩා රංගනයෙන් ඉදිරියට යන්න කැමතියි