IMG-LOGO

නිරූපණයට මෙන්ම රංගනයට ආදරයක් දක්වන රීම් රවීනා

2016-07-11-ent-37

නිරූපණ ක්‍ෂේත්‍රයේ ලොකු ගමනක් යමින් නිරූපණයට මෙන්ම රංගනයට දක්ෂතාවක් සහ ආදරයක් දක්වන රීම් රවීනා "සාරවිට" සමඟ එක්කාසු වූ සොඳුරු මොහොතකි මේ.

 

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

2016-07-11-ent-42මේ දවස්වල Siyatha Miss Sri Lanka සහ Miss Skuba තරග සඳහා සහභාගි වෙනවා. Miss Skuba තරගයේ අවසාන 10 දෙනාට තේරුණා. ඒ තරග සඳහා අවශ්‍ය වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම Photo shootවලට අරාධනා ලැබිලා තියනවා. මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන හෙමින් ගමනක් යනවා.

 

ඇයි හෙමින් ගමනක් යනවා කිව්වේ?

මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. ඇත්තටම මට හදිස්සියක් නෑ. කියමනක් තියනවනේ ඉක්මන් කොටයි කියලා. මට ඕනේ හොඳ දෙයක් කරන්න. මං හිතන්නෙ හෙමින් යන ගමන සාර්ථකයි කියලා.

 

Miss Skuba තරගයේ අවසන් 10 දෙනාට තේරුන එක ගැන මොකද හිතන්නේ?

Miss Skuba තරගයේ අවසන් 10ට එන්න ලැබීම මගේ වාසනාවක් කියලා මම හිතනවා. මොකද Miss Skuba තරගාවලිය ලංකාවේ පැවත්වෙන පළවැනි වතාව. ඒ පළවැනි තරගාවලියේ පළමු 10 දෙනාට එන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා.

 

මේ ගමනට අඩිතාලම වැටුණේ කොහොමද?

මට පොඩි කාලෙ ඉඳලා ආසාවක් තිබුණා Actress කෙනෙක් වෙන්න. මගේ පාසල් කාලෙදීත් මම වේදිකා නාට්‍යවලට සහභාගි වෙලා තියනවා. වේදිකා නාට්‍යකදී මට පළවෙනි ස්ථානයට හිමි සම්මානය මම ගත්තා. ඒ සම්මානේ ලැබීමත් එක්ක මගේ ගමන ගැන තිබුණ හීනය ආසාව තවත් වැඩි වුණා. එතැන තමයි මගේ මේ ගමනට මුල්ම අඩිතාලම වුණේ.

 

මේ ආපු ගමනත් එක්ක හිතන්නේ මොනවද සහ මේ ගමනට උදව් කළ අය කවුද?

ඇත්තටම මම ඇවිත් තියන ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා. මුලින්ම මගේ අම්මට විශේෂ ස්තූතියක් කරන්න ඕනේ. මොකද මගේ අම්මා හැම දේකටම මගේ ළඟින් ඉන්නවා. එයා ඉන්න නිසා තමයි මට මේ ගමන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සෙ කියන්න ඕනේ මගේ හොඳම යාළුවා. එයා මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නෙමේ. ඒත් එයා ගොඩක් දේවල්වලින් මට උදව් කරනවා. එයා වන්දනා දිල්රුක්ෂි. මේ වෙලාවේ එයාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මම මේ ආපු ගමනේදී මට වචනෙකින් හරි උදවු කළ අයට මම මේ වෙලාවේ ගොඩක් ස්තූති කරනවා.

 

සටහන සහ ඡයරූප - ඉෂාන් සංජීව

 

2016-07-11-ent-38
2016-07-11-ent-41
2016-07-11-ent-40
2016-07-11-ent-39



අදහස් (0)

නිරූපණයට මෙන්ම රංගනයට ආදරයක් දක්වන රීම් රවීනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site