පියුමි ප්‍රනාන්දු යනු නිරූපණ ක්‍ෂේත්‍රයට නැවුම් මුහුණකි. විනෝදාංශයක් වශයෙන් නිරූපණයේ නියැළෙන ඇය සමග "සාරවිට" යෙදුණු කතාබහකි මේ.
මගේ නම පියුමි ප්‍රනාන්දු. දැනට වයස 23යි. මම විශේෂයෙන් කියලා මුකුත් කරන්නේ නැහැ. ගෙදර තමයි ඉන්නේ.
නිරූපණයට එකතු වුණේ කොහොමද?
2013 වර්ෂයේදී තමයි මුලින්ම ෆොටෝ ෂූට් එකක් සඳහා සහභාගී වුණේ. බ්‍රයිඩල් ෂූට් සඳහා දායක වුණා. නමුත් ලොකුවට මේ දේවල් සඳහා දායක වුණේ නැහැ.
පොඩිකාලේ තිබුණ ආසාවක්ද නිරූපණය කියන්නේ?
ඔව්, මම පොඩිකාලේ ඉඳන්ම නිරූපණය සඳහා ආසාවක් තියෙනවා.
මේ පිළිබඳව හදාරන්නේ නැද්ද?
නිරූපණය පිළිබඳව ඉගෙන ගැනීමේ ආසාවක් තියෙනවා. ඒ සඳහා ඉදිරියේදී දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
නිරූපණයෙත් පැතිකඩයන් තියෙනවා නේද?
ඔව්, මම වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ බ්‍රයිඩල් සහ ෆැෂන් පැත්තටයි.
රංගනයට යොමු වෙන්න ආසාවක් නැද්ද?
රංගනයටත් කැමැත්තක් තියෙනවා. නමුත් ඒ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ.
නිරූපණ සඳහා යොමුවුණේ වෘත්තීයක් විදිහට කරන්න බලාගෙනද?
අනේ නැහැ. මම නිරූපණය සඳහා යොමුවුණේ විනෝදාංශයක් විදිහටයි.
දෙමාපියන්ගෙන් අකමැත්තක් නැද්ද නිරූපණ සඳහා යොමුවෙනවාට?
ලොකු ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ගැළපෙන දෙයක් තිබ්බොත් කැමැත්ත දෙනවා.
තරුණියක් සඳහා අද නිරූපණය හොඳයි කියලා හිතනවාද?
ඕනෑම දෙයක් තෝරාගෙන බේරාගෙන කළොත් තමයි හොඳ. හැමදේම ගැළපෙන්නෙ නැහැ.
නිරූපණය තුළින් අද ධනාත්මක දෙයක් දකින්න බැහැනේද?
නිරූපණය හොඳයි. නමුත් නරක පැත්තෙන් යන්නේ නැතුව තමන්ට හොඳ විදිහට යනවානම් නිරූපණය හොඳයි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නිරූපණයට නවකයෙක් වන 'පියුමි'