IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිරූපණයට කැමැත්තක් තිබුණත් කරන්න බෑ

20160315-Amadiනිරන්තරයෙන් වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා තුළින් දකින්නට නොලැබුණත්, නිවේදනය තුළින් රසිකයන් අතරට පැමිණෙන ඇය අමාදි උපේක්ෂාය. ඇයගේ වෘත්තීමය පැතිකඩ සහ අනෙකුත් තොරතුරු පිළිබඳව ඇය මෙසේ පැවසුවාය.

"මම රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් දැනට අවුරුදු 03ක් තිස්සෙ වැඩ කරනවා. මේ දවස්වල ජාතික රූපවාහිනි නාළිකාවේ හැමදාම දහවල් 1.00ට විකාශනය වන "හිරු උයන" සංගීතමය වැඩසටහන ඉදිරිපත් කරනවා. මුලින්ම කරනු ලැබුවේ රූපවාහිනි නාළිකාවේ පුවත් ඉදිරිපත් කිරීමයි. ඊටපස්සෙ, සංගීත ඒකකයට දැම්මා. එහිදී "සිත් ගත් ගී", "ත්‍රී තාල්" සහ "හිරු උයන" ඉදිරිපත් කරනු ලැබුවා. මේ වෙනකන්ම වැඩි වශයෙන්ම සංගීත වැඩසටහන් තමයි ඉදිරිපත් කරනු ලැබුවේ. රූපවාහිනි නාළිකාව සඳහා එන්න කලින් මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 'විදුල ළමා' ගුවන් විදුලියේ  අවුරුදු 05ක පමණ කාලයක් 'දැයට පිපෙන මල්', 'විදුල ස්වර දැහැන' කියන සංගීත වැඩසටහන්වල 'ළමා නිවේදිකාවක' විදිහට වැඩ කළා."

"තවම මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳව උපාධිය හදාරනවා. නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව ආසාවක් තියෙනවා. ලොකුවට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා නැහැ. නමුත් මංගල ප්‍රදර්ශනවල විලාසිතා දැක්මවල් සඳහා නිරූපණයෙන් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව විවිධ පුවත්පත්වලට, සඟරාවල මුල්කවර සඳහා සහ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ගැනීම සඳහා මට කතාකරලා තියෙනවා. ඒ දේවල් සඳහා දායක වෙලා තියෙනවා. නමුත් නිරූපණයට සම්පූර්ණ වශයෙන් දායක වෙනවා කියන්න බැහැ."

ඡායාරූප අනුග්‍රහය - Studio Tharoo / FB

20160315-Amadi-220160315-Amadi-1



අදහස් (0)

නිරූපණයට කැමැත්තක් තිබුණත් කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site