කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා හට ගීතයක රූප රචනයකට පෙනී සිටීමට ආරාධනා ලැබී තිබේ. ගීතය ගයන්නේ නිරෝෂා විරාජිනී හා කසුන් කල්හාරය. මේ ගීතයේ රූප රචනාව රඟපෑම සඳහා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක තමන්ට අවස්ථාවක් ලබාදීමට කැමති වූ බව ඔෂිනි පවසන්නීය. රන්ජන් රාමනායක වැනි ප්‍රවීණයෙකු සමග ගීතයක රූප රචනාවක රඟපෑම සිහිනයක් සැබෑවීමක් බවද ඇය පවසයි.
විජේමුණි ඔෂිනි අල්ලේග්‍රා නිළියක වීමේ අරමුණින් ඉතාලියේ අධ්‍යාපනය ලබන යුවතියකි. ඔෂිණි ඉපදුණේ ඉතාලියේය. ඇයට දැනට ඔස්ට්‍රේලියාවේ මොනෑෂ්හි මෝස්තර නිරූපණය පිළිබඳ උසස් අධ්‍යාපන ආයනයක නිරූපණ ශිල්පය හදාරන්න අවස්ථාව උදා වී තිබේ. ඔෂිනිට රූප රැජින තරග කිහිපයකට සහභාගි වීම සඳහා ආරාධනා ලැබුණද ඊට අවස්ථාව නොලැබෙන්නේ වයස සම්පූර්ණ නොවීම නිසාය.
“අපේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. අම්මයි, තාත්තයි ලංකාවේ. ඒත් මම ඉපදුණේ ඉතාලියේ. මම කැමති නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වීමටයි. ඒ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලබන්න මම සූදානම්. තවම වයස සම්පූර්ණ නැති නිසා බොහෝ අවස්ථා මගහැරෙනවා. ඒ ගැන දුකයි. ඒත් මම ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වීමේ බලාපොරොත්තුව, ආශාව අත්හරින්නේ නෑ. අම්මයි, තාත්තයි කැමතියි මම මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යනවාට. ඉතාලියේ අධ්‍යාපන කටයුතු කරන අතරේ මම රංගන කටයුතු වෙනුවෙන් කාලය වෙන්කර ගන්න බලාපොරොත්තු වෙනවා" යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නිරූපණයට උපන් හපන්කම් දක්වන ඉතාලියේ උපන් ඔෂිනි