2016-04-11-ent-61 

විනෝදාංශයක් ලෙස නිරූපණය ක්ෂේත්‍රය පිළිබඳ සොයා බලන ඇය සජීකා උදයංගනී වේ. ඇය පෞද්ගලික බැංකුවක සේවය කරන අතර, නිවාඩුවක් ලැබෙන වේලාවක නිරූපණය සඳහා දායක වෙනු ලබයි. ඇයගේ වෘත්තීය පිළිබඳව සහ ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.

"මම නිරූපණයට ගොඩක් ආසයි. ඒක නිසා තමයි මේ ක්ෂේත්‍රයට පැමිණියේ. මම නිරූපණය ගැන හැදෑරුවෝ රොසෑන් ඩයස් මහත්මිය යටතේ. දැනට පෞද්ගලික බැංකුව සේවය කරනවා. මට නිවාඩුවක් ලැබෙන ඕනෑම අවස්ථාවකදී නිරූපණ වැඩකටයුතු සඳහා දායක වෙනවා. මට දැනට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. නමුත් ඒ සඳහා දායක වුණේ නැහැ. මම ආසයි මේ ක්ෂේත්‍රය පිළිබඳව තව දුරටත් හදාරලා ඉදිරියට යන්න."

2016-04-11-ent-60
2016-04-11-ent-59