ඉතා කෙටිකාලයකින් ජනප්‍රිය දැන්වීම් කිහිපයකටම දායක වීමට වාසනාවන්ත වූ රුවත්තිය නිරූපණය හා රැකියාව සමබරව කරගෙන යන්නීය. නමින් ප්‍රමෝදි වත්සලා වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.
ඔයාගේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද? නැත්නම් අධ්‍යාපන කටයුතුද?
මං රැකියාවක් කරනවා.
නිරූපණය කරන්නේ එතකොට?
මොඩ්ලින් කරන්න ගොඩක් කැමතියි. ඉතිං දෙකම බැලන්ස් කරන් කරගෙන යනවා.
රැකියාවත් එක්ක කාලය තියෙනවාද?
ඔව්. රැකියාව ප්‍රශ්නයක් නැහැ.
නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?
දැනට අවුරුදු දෙකකට කලින්.
නිරූපණයෙන් දායක වූ වැඩ ගැන කිව්වොත්?
ෆැෂන් ෂෝ, බ්‍රයිඩල් ෂෝ, ෂොප්වලට ෆොටෝ ෂූට් සහ වෙළෙඳ දැන්වීම සඳහායි.
කරපු කොමර්ෂල් ගැන කිව්වොත්?
එලිෆන්ට් හවුස් සහ මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහායි.
මොකද නිරූපණ ගැන හිතෙන්නේ?
නිරූපණය ගැන හිතෙන්නේ මෙහෙමයි. කෙනෙක්ගේ දක්ෂතාවක් තියෙනවානම් ඒක පෙන්නන්න පුළුවන් හොඳ තැනක්. හරි විදිහට භාවිතා කරන්නේ නැති එකයි ප්‍රශ්නෙ.
අද නිරූපිකාවකට තැනක් තියෙනවාද?
එහෙම හරියටම කියන්න බැහැ. මොකද හරි විදිහට කරගෙන යන අය ඉන්නවා. ඒත් අද ගොඩක් අය දවසකින් දෙකකින් ජනප්‍රිය වෙලා යන්න යනවා.
ඉදිරි බලාපොරොත්තු කිව්වොත්?
රැකියාවත් කරගෙන නිරූපණය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නයි මගේ ලොකුම බලාපොරොත්තුව
ගෙදරින් කැමැතිද නිරූපණයට එකතු වුණාට?
මුලදී ගෙදරින් ප්‍රශ්න ආවා. නමුත් දැන් එහෙම නැහැ.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද? ඔයාට උදවු කරපු?
ඔව් ඉන්නවා. මං මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ snazy shop මගින්. එහි සමන්ත ද සේරම් අයියට ගොඩක් ස්තූති කරනවා. ඒ වගේම මේ තරම් දුරට උදවු කරපු සියලුම දෙනාට ස්තූති කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නිරූපණය නියම විදිහට භාවිත කරනැති එකයි ගැටලුව