IMG-LOGO

නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි

(ඉන්දිකා  රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අරලියගහ මන්දිරය ඉදිරිපිට  විරෝධතාවක   නිරත පිරිසකට ඉකුත්  (9) දින  පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  මොරටුව නගර සභාවේ සේවකයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි 49 පුද්ගලයෙකි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය නිරත පිරිසට මෙම සැකකරු පහරදී කලහකාරී ලෙස හැසිරෙන  අන්දම  වීඩියෝ පට මගින්,  ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . 

 



අදහස් (7)

නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි

SL Sunday, 15 May 2022 03:51 PM

මොකද මේ අප්පා? අරලියගහ මන්දිරේ හිටපු, ගහන්න පොළඹවපු ඇමති, මන්ත්‍රී තක්කඩි ටික අල්ලන්න බයද?

:       16       53

siri Sunday, 15 May 2022 04:26 PM

ඉහල ඇවරිය... අර " ගෝල්ෆේස් සුද්ධ කරපියව් " වගේ කතාවක් කියපු ඉහල ඇවරියේ කට්ටිය.... කවුරුත් හොඳට දැක්කනේ. ඒගොල්ලෝ අල්ලන්න අදහසක් නැද්ද? මේකත් නිකන් අර " පහත් තැනින් යයි ගලා ජලේ" වගේ වැඩක්ද ? තව එක්කෙනෙක් නම් ගම ඇතුව එයාගේ ගේ ගිනිතිබ්බේ දේශපාලන පක්ෂ තුනක කට්ටිය කියල ප්‍රසිද්ධියේ කියල තියෙනවා නේද ? එතකොට මේක අර නිර්පාක්ෂික සාමකාමී අරගල කරුවන්ට හරි ජෙප්පන්ට හරි වෙන කාට හරි බැර කරලා ඇඟ බේරාගන්න බැරි වෙන පාටක් නේද පෙනෙන්නේ.

:       21       17

swene Sunday, 15 May 2022 04:48 PM

අනේ අපොයි, තවම එක්කෙනාද ඇල්ලුවේ...? රටේ අනිත් ප්‍රදේශවල සිදුවෙච්චි දේවල් වලට නම් සිය ගණන් අල්ලලා. පරීක්ෂණ අපක්‍ෂපාතීව සිදුවෙනවද කියල සාධාරණ සැකයක් ගොඩ නැගී ඇත...

:       18       17

ලක්ෂ්මන් Sunday, 15 May 2022 05:10 PM

නගර සභා ආදී පළාත් පාලන ආයතනවල සේවකයින් හරියට රූකඩ වගේමයි. මොකද ඔවුන් වැඩ කරන්නේ තමන්ට රැකියාව දුන්නු මන්ත්‍රීවරයාගේ උපදෙස් හා පෙළඹවීම මත කියලා කියන්නේ මම අත්දැකීම් ඇති අයෙක් නිසා... මෙම සේවකයින් වැටුප් ගත්තත් කීයක් හෝ අදාල දේශපාලුවන්ට දෙන්න ඕනෑ... ඔය කම්කරුවා සේවයට ගත්තු දේශපාලුවා අත්අඩංගුවට ගන්න...

:       12       29

C.K.Lankaputhra Sunday, 15 May 2022 06:43 PM

එතකොට මේ ග්‍රහමන්දිරයේ ඇතුළේ ඉඳගෙන හිටපු මේකෙ මහමොලකාරයා අල්ලන්නේම නැද්ද? මරුනේ එක රටයි, එක නීතියයි සංකල්පේ...

:       20       18

lakvidu Sunday, 15 May 2022 07:38 PM

හත්දෙයියනේ එතකොට මේ මනුස්සයා තනියමද මේ ගම් දෙකටම ගැහැව්වේ? හරිනම් එයාට හමුදාපති කම දෙන්න ඕනෑ.

:       10       16

Palitha pushpa kumara Monday, 16 May 2022 07:43 AM

මොරටුව නගර සභාවේ එකක් නෙමේ තව ඉන්නවා ඒ අය ගන්න එතකොට කුරුණෑගල තංගල්ල

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site