ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.
අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම්දුන් අමාත්‍යවරයා ඉන්දීය අගමැති 13 වැනිදා පැමිණ 15 වැනිදා තෙක් මෙරට රැඳීසිටීමට නියමිත බවද පැවසීය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසළ කියන කෙනා හිතන්නේ එයාගේ හිටපු ලොක්කට ඕන හැටියට තමයි මේ කල්ප ලක්ෂය ඉවර වෙනකනුත් ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්තන්න ඕන කියලා. අපි ජාත්‍යන්තරයේ පිචන් වෙලා ඉවරයි . ඉන්දියාව ඔලුව උඩ තියාගන්නේ නැතිව පරිස්සමෙන් හායි හලෝ කියන මට්ටමෙන් තියාගන්න ඕන බව ඇසළ වගේ මැද මුලන මොලෙන් ලෝකය දිහා බලන උදවියට තේරෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහා තරහ කරගත්තම ,අපි පවුල පිටින් වන්දනාවේ යනකොට ගෙදරට හොර හතුරෙක් පනින්න ගියොත් ඒකවත් වලක්වන්න කෙනෙක් නැති බව තේරුම් ගන්න මොලයක් නැහැ (අ)
උතුම් අසල්වැසිය මුළු හදවතින් පිළිගමු.(හේ)
බොහොම හොඳයි. ගිය ආණ්ඩුව ලංකරගත්තේ ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල්. (නදී)
මොන උතුම් අසල්වැසියෙක්ද ? ඇවිල්ල කියන්නේ බලය බෙදන්න. එක්සත් රටක් වෙන්න. 13 ක්‍රියාත්මක කරන්න. පොලිස් ඉඩම් බලතල ලබා දෙන්න කියලනේ. සිංහලයා මෝඩය කැවුන් කන්න යෝදයා.(නදී)
ඔබතුමාව අපි සාදරයෙන් පිලිගනිමු.(නදී)
අසල් වැසියා හිතවත් විය යුතුයි. නැති නම් කිසිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිියාවලියක් ශක්තිමත් වෙන්නේ නෑ. මෛත්‍රි ගේ ආණ්ඩුව නිසි ක්‍රමය අවබෝධ කර ගැනීමම රටට යහපත්. රනිල් වැනි විශිෂ්ට ඉවසිලිවන්ත දේශපාලන උගතකු අගමැති වීම මෙයට පිටු බලයකි. (නදී)
ඉන්දියන් අය හැකි තරම් ඈතින් තියාගන්න. ජපානය, චීනය වගේ රටවල් ලං කරගන්න ජය නියතයි. පිට රටවල්වල ඉන්න අය දන්නවා ඉන්දියන් කාරයන්ගේ හැටි. (නදී)
දුල්වින් ඔය වහින වෙලාවට එලියට යන්න එපා ඔයාගේ වටිනා මොලේ තෙමුනොත් අපරාදේ. (නදී)
මැට්ටන්ට ඉතින් උතුම් තමයි. රට කෑලිවලට කැඩිලා බැරි නම් නැතුව ගියත් කමක් නැහැ. ඉන්දියාවට එදා ඉදන් ඕනේ උනේ උතුර වෙන්කර දෙන්න. එතකොට තමිල් නාඩුව කරදරයක් නැතුව තියා ගන්න පුළුවන්. (නදී)
අපි යුද්දේ නිසා දුක් විඳිනකොට මල යකා වගේ හිටපු අය දැන්නම් ඔක්කොම යාළුවො..අපි දන්නවා කව්ද අපිට උදව් කලේ කියල.ලංකාවට එන ඔක්කොමල අපි එක සේ පිලිගන්නවා මිසක් කාටවත් විශේෂත්වයක් නැත. රෝ කාරයෝ එක්ක එන්න නම් එපෝ (අ)
ඇසල,ඔබේ කතාව වැරදිය,උතුර වෙන්කරලා දුන්නොත් වෙන්නේ තමිල්නාඩුවටත් එම දෙයමය.ඒ නිසා ඉන්දියාව එවැනි දෙයක් කරන්නේ නැත. (අ)
ලංකාවේ වෛරී දේශපාලනය මිනිසුන්ව මුලාකරලා.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මුල සිටම ඔහොම තමයි. මම කිවුවේ 1956 සිටම.හොරකම,විරුද්ධ පාක්ෂිකයින්ගේ වත්කම් පවරා ගන්න, පලිගන්න වගේ දේවලට වෛරය,ජාතිවාදය වපුරනවා. දැන්වත් ඇත්ත තේරුම් ගන්න. (අ)
ඉන්දියාවේ මහා ආණ්ඩුවත් කැමති නැහැ ලංකාවේ උතුරේ අලුත් ද්‍රවිඩ රාජ්‍යයක් ඇති වෙනවට එතකොට තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩිලා යන්න පුළුවන් බව මේ ගොල්ල දන්නවා , දැන් කරන්න තිබෙන්නේ ඉවසීමෙන් මහා ආණ්ඩුවත් එක්ක කතාකර මේ ප්‍රශ්නය බේරා ගැනීම (අ)
හිතවත් වුණාම ඇති වැඩි සම්බන්දකම් අනවශ්‍යයි ඉන්දියන් කාරයෝ අපේ දියුණුවට කැමති ජාතියක් නෙමේ. අපේ රටේ දියුණුවට ඉරිසියා කරන එපා කරපු ජාතියක්. අශෝක අධිරාජයාගෙන් පස්සේ මේ අයගෙන් අපිට ලැබුණ කිසිම හොඳ දෙයක් මේ වනතුර මම නම් දනුවත්වෙලා නෑ (අ)
ඉන්දියාව සමඟ හොද මිතු දමක් අපි ගොඩ නගා ගැනීමෙන් අප රටට විශාල ලාභ ලැබෙන ඇත.(හේ)
ලොව බලවත් රටක නායකයෙක් ලංකාවට එන්නේ.කිසි අඩු පාඩුවක් නැතුව එතුමාව අපි පිළිගත යුතුයි.(හේ)
අපේ රටේ හොද ආගන්තුක සත්කාර තිබෙන බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්න ඕනේ.(හේ)
මෝදිව සාධරණයෙන් පිළිගත යුතුයි.(හේ)
ලොව සියලුම ජාතීන් එක්ක අත්වැල් බැද ගැන එක ගොඩක් හොදයි. නමුත් ඉන්දියාව කියන්නේ ලංකාවට කවදාවත් ආදරය කරපු රටක් නොවේ. එ්ක රාම රාවනා කාලයේ ඉදලා තියෙන දෙයක් ඔවුන් කැමති නෑ අපි එයාලට වැඩ උඩින් ඉන්නවා දකින්න. (හේ)
ලොව සියලුම ජාතීන් එක්ක අත්වැල් බැද ගැන එක ගොඩක් හොදයි. නමුත් ඉන්දියාව කියනේ ලංකාවට කවදාවත් ආදරය කරපු රටක් නොවේ එක රාම රාවණා කාලයේ ඉදලා තියෙන දෙයක් (දිල්)
ලංකාව ඉන්දියාවට වඩා දියුණු වෙනවාට ඉන්දියාව කවදාවත් කැමති වුනේ නැහැ. (හේ)