IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නිරෝධායනයට නොයන ආසාදිතයන්ට බ්‍රිතාන්‍යයෙන් සිර දඬුවම්

නිරෝධායන කාලයක් ගතකිරීමට යොමුවීම ප්‍රතික්ෂේප කරන කොරෝනා වයිරසය ආසාදිතයන්ට සිර දඬුවම් හෝ ස්ටර්ලින් පවුම් 1000ක(රුපියල් 228, 830) දඩ මුදලක් නියම කිරීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇත.

වයිරසය ආසාදනය වීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ එය පාලනය කිරීමේ පියවරක් වශයෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් මෙම පියවර ගෙන තිබේ.

එංගලන්තයේ හෝ වේල්සයේ වයිරසය බවට සැකකෙරෙන පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් පෙනී සිටීම හෝ නිරෝධායනයට යොමුවීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පොලිසියට ඔවුන් ඒ සඳහා යොමුකරලීම අවසර දී තිබේ.

වයිරසය ආසාදනය වූවන් දින 14ක කාලයකට රෝහලක හෝ සුරක්ෂිත ස්ථානයක නිරෝධායනයට යොමුවිය යුතු බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

දඩය ගෙවීමට අපොහොසත් වන පිරිස ද සිරගත කිරීමට නියම කර ඇත.

ආසාදිතයන් රුධිර පරීක්ෂාවක් කළ යුතු අතර සංචාරය කළ ස්ථාන, මෑතකදී හමු වූවන් සම්බන්ධයෙන් ලැයිස්තුවක් ලබාදිය යුතුය.



අදහස් (1)

නිරෝධායනයට නොයන ආසාදිතයන්ට බ්‍රිතාන්‍යයෙන් සිර දඬුවම්

Charitha Monday, 16 March 2020 08:11 AM

මෙන්න නීතිගරුක රටවල්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site