නිරෝධායන නීති උල්ලංගණය කරමින් කටුගස්තොට රණවන පාරේ ළමයින් 50ක් පමණ නේවාසිකව තබාගත් දේශන පැවැත් වූ අධ්‍යාපන අයාතනයක දින 14කට මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළේය.
එහි සිටි වයස අවුරුදු 17 - 19 අතර පසුවන ගැහැණු පිරිසි දෙපක්ෂයේ ම දරුවන් එම ආයතනය තුළ නිරෝධායනය කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
අපොස සාමාන්‍ය පෙළ අසමත් වූ මෙම සිසුනට ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබා දී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
මවුපියන්ගේ අවසරයෙන් මෙම දරුවන් එම ආයතනයට එවා ඇතැයි ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මේ පාර පාස් වුන එක.
මේක හරිම වැරදි ක්‍රමයක්. මෙවැනි ක්‍රියා වලට කියන්නේ "Harrasment' කියලා. නවාතැන් ගැනීමට නුසුදුසු ස්ථානයක මෙසේ රදවා හිරිහැර කරන්න නීතියෙන් ප්‍රතිපාදන නෑ. අධිකරණයේ නඩු පැවරිය හැකි දරුණු අපරාධයක් මේ දේ.
වයස 17-19 වයසේ ගැහැණු-පිරිමි ළමයි එක තැන නිරෝධායනය වෙනකොට හොඳට තියෙයි. එක්කෙනෙකුට කොරෝනා තිබුණොත් ඔක්කෝටම යනවා. ආයතනයට නඩු දාන්නේ නැත්තේ දේශපාලන බලපෑම්ද?
එතකොට ඇයි එහෙනම් පියුමි හංසමාලිලාව බණ්ඩාරවෙල යැව්වේ.. එයාලවත් ෂැංග්‍රිලා හෝටලේම නිරෝධායනය කරන්න තිබ්බනේ...
අරුණ, ඔයාගේ ගෙදර දෙන්න.
පවත්නා තත්වයෙන් ප්‍රයෝජන ගන්න බොහෝමයක් දෙනා ඉන්නවා. ඔන්ලයින් ටියුෂන් හොඳට සල්ලි ගරනවා. සාමාන්‍ය පන්ති පවත්වනවාට වඩා 50%ට වඩා වියදම අඩුයි ඔවුන්ගේ... ලාභය තුන්ගුණයක් විතර වෙලා. මෙයාලගේ ගිණුම්වලට බැරවෙන මුදල දැක්කා නම් ඒක තේරෙයි. පුදුම ගසාකෑමක්...