IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නීරෝධායන නීති කැඩු 373ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

නිරෝධායන නිති උල්ලංඝනය කරමින් මුඛ ආවරණ භාවිත නොකිරීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම පිළිබද වැරදි සිදුකළ 373ක පිරිසක් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කයන් හි පැවැති ඇදිරි නිතිය ඉවත් කර දෛනික කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සමඟාමීව බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114ක පොලිස් නිලධාරීන් කුඩා කණ්ඩායම් වශයෙන් යෙදවා සිදුකළ පරීක්ෂාවලින් මෙම පිරිස් අත්අඩංගුවට ගනු ලැබූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

මෙහිදී, මුඛ ආවරණ භාවිත නොකිරීම සම්බන්ධයෙන් 327 දෙනකු සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් 46 දෙනකු වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් නිරෝධායන නීතීන් උල්ලංඝනය කිරීම යටතේ ඉදිරියේදී අධිකරණ කි‍්‍රයා මාර්ග ගැනීමට නියමිතව ඇති බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කොන් මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

නීරෝධායන නීති කැඩු 373ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14138 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11117 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site