උතුරේ යුද්ධය දැඩිව පැවැති ප්‍රදේශයන් වලට ඇතුළුවීමට අපේක්ෂා කරන විදෙස් සංචාරකයින් හා සංවිධානයන් ඒ සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු බව රජය නිවේදනය කරයි.
ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසූයේ උතුරේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයන් හා සංචාරය සඳහා පැමිණ සිටින ඇතැම් විදෙස් සංචාරකයින් ජනතාව අතර දුර්මතයන් පැතිරවීමට උත්සාහ කරමින් සිටින බවට තොරතුරු ලැබීම නිසා මෙම පියවර ගත් බවයි.
ඒ අනුව තමන් උතුරේ සංචාරයේ යෙදීමට අපෙක්ෂා කරන ප්‍රදේශයත්,තම සංචාරයේ අරමුණත් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය දැනුම්වත් කිරීමටත් එම කරුණු සළකා බලා අමාත්‍යංශය දෙනු ලබන තීරණය පිළිගැනීමටත් විදෙස් සංචාරකයින්ට සිදුවනු ඇත.
මෙම සතිය මුල යෙදී තිබුණු ජනපතිවරයාගේ යාපනයේ තෙදින නිල සංචාරය අතරතුරදීද විදෙස් සංචාරකයින්ට උතුරට ඇතුල්වීමට ඉඩ නොදී ඕමන්තෙයි හමුදා මුරපොලෙන් ආපසු හරවා යැවීමට ආරක්ෂක අංශ කටයුතු කළහ.
තාවකාලික ආරක්ෂක පියවරක් ලෙස එසේ කටයුතු කළ බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ වුවත් ඉදිරියේදී විදේශිකයින්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ලබා ගෙන මිස උතුරට ඇතුල්වීමට ඉඩ නොලැබෙන බව අවධාරණය කළේය.
එල්.ටී.ටී.ය නැවත නැගිටුවීමට තවමත් ඇතැම් කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බැවින් ඉදිරියටත් ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ආරක්ෂක අංශ වල අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ තීරණයක්.ලාංකික පුරවැසියෝ වන අපට කොන්ද කෙළින් තිබෙන නායකයින් තවදුරටත් බලයේ රඳවාගැනීමේ වගකීම ඇත. (නි)
රට දෙකඩවෙලා කියලා නොරටුන්ට හිතෙයිද දන්නෙ නැහැ (නි)
ඔව් එන්.ජී.ඕ කියන්නේ කුදෙල්ලෝ වගේ අය. අනුන්ගේ ලේ බොන ගමන් ගරහන අට. ලංකාවෙන් එලවන්න ඕනා. ඒ අය නිසා තමයි ලංකාවේ යුද්දේ වවාගෙන කෑවේ. මේක හොඳ වැඩක් හරියට කරනවා නම් (නදී)
ගාමිණී සිරිවර්ධනගේ සහ බණ්ඩාරගේ අදහස හරි.(දිල්)
ඉතා හොද තීරණයක් ඒ වගේම එන් ජී ඕ තහනම් කරන්න ඕන. (ස)
ප්‍රමාද වෙලා හරි ගත්තේ හොඳ තීරණයක්. මේක කරන්න තිබ්බේ යුද්ධය ඉවර වුණ ගමන්.(හේ)
රටේ ආරක්ෂාවට ගන්නා ලද වැදගත් තීරණයක් .(හේ)
ඒකනම් හොදයි.(හේ)
ගත්ත තීරණේ හොඳයි.(හේ)
පරක්කු වෙලා හරි ගත්ත මේ තීරණය අගය කරනවා.(හේ)
ඉතා හොද තීරණයක් .(හේ)
කතාවෙත් ඇත්තක් තියෙනවා. මේ වැඩ වලට හවුල් නැති නියම සංචාරකයාද අසීරු තත්වයට පත්වෙන අතර, සංචාරක ප්‍රවර්ධනයට බාධාවක් නොවන ලෙස වගබලා ගන්නේ නම්ද මැනවි ! (නදී)
මේක හොඳ වැඩක් (නි)
අපි අවුරුදු ගණනාවක් ගුටිකෑවේ ඕනෑම විදේශිකයෙකුට හිස පහත්කොට උතුරට යන්න දුන් නිසයි. නමුත් අදටත් ඒදේම කරනවා. හොඳ අදහස් තියෙනවා. ක්‍රියාත්මක කිරීම තමයි උදාසීන. (නි)
ලාංකිකයෝ වශයෙන් අප ඍජුව වැඩ කළයුතුයි (නි)
මමත් මෙය අනුමත කරනවා. ලංකාවේ ප්‍රතිරූපය වෙනස්කර වැරදි ප්‍රතිරූප ලොවට දීමට මෙම විදේශික සමහර සංචාරකයන් සහ රාජ්‍ය නොවන විදෙස් සංවිධාන කටයුතු කරනවා. මේවට උල්පන්දම් දීමට යුරෝ වලට හෝ ඩොලර් වලට හෝ විදේශ සංචාරයක් නොමිලේ ගන්නට ලොබින් අපේම අය අතළොස්සක් ක්‍රියාකරනවා (නි)