
(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා ඇති බවත් ඒ නිසා දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය.
දෛනික විදුලි කප්පාදු කාලසටහන හැකි ඉක්මණින් නිකුත් කරන බව ද ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
මේ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමය සභාපති අනිල් ඉඳුවර මහතා කීයා සිටියේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ එක් යන්ත්‍රයක් පමණි.
මෙම බලාගාරයේ සියලු යන්ත්‍ර පසුගිය 2020 දී මුළුමනින්ම අක්‍රීය කර නඩත්තු කිරීමට නියමිතව තිබුණා මේ දක්වා එය සිදු කිරීමට නොහැකි වී ඇති බව ද ඔහු කීය.
ඊයේ රාත්‍රියේ අකර්මණ්‍ය වූ යන්ත්‍රයේ බොයිලරයට ජලය සපයන මාර්ගයේ යම් දෝෂයක් නිසා යන්ත්‍ර අකර්මණ්‍ය වී ඇති බවද ඉංජිනේරු ඉඳුවර මහතා කීය. මෙම යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ද අනිල් ඉඳුවර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංජිනේරුවො වැඩේට බැහැල ඉන්නෙ .ප්‍රතිවියුහගත කිරීමෙන් කෙලවෙයි කියල.
මේ මිනිහට විදුලි කප්පාදුව හීනෙනුත් පෙනෙනවා ඇති. ඒ තරම් විදුලියට පිළිලයක් මේ මිනිහ.
මෙ මිනිහගෙ රස්සාව මොකද? වගකීම් මොනවද? මගෙ විදිහට මෙ වගෙ තනතුරක් වැඩක් නැහැ. ඔය කියන ටික එම අයතන මගින් කලහැකි දෙයක්.