අද (17) සිට විදුලි කප්පාදුව නවත්වා සුපුරුදු පරිදි විදුලිය ලබා දෙන බවට දුන් පොරොන්දුව තාක්ෂණික කාරණා නිසා ඉටු කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පැවසීය.
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් පමණත් වැඩ කරන බවත්, තවත් යන්ත්‍රයක් අද ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, එලෙස ක්‍රියාත්මක වුවොහොත් දිගටම විදුලිය දිය හැකි බවත් පෙරේරා මහතා කීවේය.
මෙය කාගේ හෝ කුමන්ත්‍රණයක්දැයි මාධ්‍යෙව්දීන් ප්‍රශ්න කරද්දී ඇමති කීවේ එය ඕනෑම ආකාරයකට අර්ථ දැක්විය හැකි වුවත් තීන්දුවක් දිය යුත්තේ දේශපාලනඥයන් නොව පොලිසිය හා අදාළ අංශ බවයි.
විදුලි පද්ධතියේ ආරක්ෂාවට යුද හමුදාව යෙදවා ඇත්තේ ඇයිදැයි ඇසූ විට ඇමතිවරයා කීවේ ජනපතිට ලද තොරතුරු මත හා යමක් වීමට පෙර වළක්වා ගැනීමේ පදනම මත යුද හමුදාව යෙදවා ඇති බවයි.
‘මෙය නොසිතූ දෙයක්. හරියට සුනාමියක් වගෙයි. මුලින්ම අපි විදුලි පද්ධතිය යතාවත් කරන්න වෙහෙසෙනවා. ඉන් පසු මේ සිදුවීමට වගකිවයුත්තේ කවුද කියා හොයනවා.
නොරොච්චෝලේ බලාගාරේ කියන්නේ අපට ලැබුණු ආබාධිත දරුවෙක්. අඩුපාඩු ගොඩස් සමගයි ලැබුනේ. නමුත් ඒ ළමයා අපි කොහොම හරි හදා වඩා ගන්නවා. අපි ඒ ළමයාත් ආදරෙන් රැක බලා ගන්නවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධ හොද කරන්න කියලනේ ආණ්ඩුව ගත්තේ. අපිට පේන විදියට නම් දැන් ලෙඩා මැරෙන්න හදන්නේ (බ)
හැබැයි ඒ ආබාධිත දරුවා ගෙන් තමයි රටට මෙගාවොට් 900ක විදුලියක් ලැබෙන්නේ, ඒ දරුවා නැත්නම් රටෙන් බාගයක් හැමදාමත් අදුරේ..(කෞ)
කොහොම හරි ඉතින් මහින්ද හිටපු ජනාදිපති තුමාට වැරැද්ද පටවන්නේ නැතිව කිව්වා කතාව නම් හොඳයි.(කෞ)
ඒ කියන්නේ මේ ආබාධිත දරුවා නැත්නම් එකදිගට විදුලිය දෙන්න විදියක් නැහැ! (නි)
විදුලිය කපනවා නම් ලංකාවේ හැම ප්‍රදේශයකටම කළයුතුයි. දැන් සිදුකරන්නේ එකම පළාතට හැමදාම කපලා දාන එක. (නි)
ආබාධිත කියන්න කවුද? පැය 71/2ක් කපන්න සිදුවෙනවා නම් කවුද ඇත්තටම ආබාධිත? (නි)
ලොකු කතා නැතුව ඕක ඉක්මනට හදාගත්තා නම් හොඳයි (නි)
නොරෙච්චෝලේ කියන්නෙ ආබාධිත දරුවෙක් කිව්වත් ඒ දරුවා නොහිටින්න අපේ රටේ දවසට පැය හතක් විදුලිය කපනවා. දැන් මේගොල්ලො වැඩේ අනාගත්තට නොරෙච්චෝලෙ පළි නැහැ. එහෙම බලනකොට මේ ආණ්ඩුව ආබාධිත දරුවෙකුටත් අන්තයි නේද? (නි)
"කතාව දෝලාවෙන් ගමන පයින් ". විදුලි බල ඇමතිතුමායි කණගාටුව ප්‍රකාශ කළයුත්තේ. අපිට නම් තේරුණා එතුමා කිවුවට වැඩේ ගොඩදාන්න කල් යනබව... (නි)
මෙය වීනයෙන් ගෙනවිත් සවිකළ දා සිට කීපාරක් කැඩුනද? (නි)
නොරොච්චෝලේ නැත්තම් රට හැමදාම අදුරේ තමයි. මහින්ද මහත්තය හදපු නිසා මේ ගොල්ලෝ බනිනව නැත්තම් යහපාලනයට කරුවලේ තමයි ඉන්න වන්නේ (කෞ)
අනේ මන්දා නොරොච්චෝලේ නොතිබුනා නම් මුළු රටටම ඉන්න වෙන්නේ කළුවරේ. ඒක කොච්චර වැදගත්ද කියලා පේනවා නේද(කෞ)
ගල් අඟුරු බලාගාරය එකවිට ක්‍රියාත්මක කරන්න බෑ ඒවා එකදිගට දිවිය යුතුයි (කෞ)
මේ ඉන්න ඇමති වරයාගේ කතා කීපයක් මම ඇහැව්වා. එ්වයින් තේරුණා මොහුට දේශපාලනය කරන්න තරම් ලොකු අවබෝධයක් නැති බව (බ)
නොරොච්චෝලේ කැඩුන නෙවේ. එ්ක ඉබේම නැවතුන පද්ධතිය අස්ථාවර වුණ නිසා. හැම බලාගාරයම නැවතුණා. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ ඕනෑම ගල් අගුරු හෝ න්‍යෂ්ටික බලාගාරයක් නැවතුනාම ආයේ ජනනය අරඹන්න දවස් දෙක තුනක් යනවා. මේක වුනේ බලාගාරයේ ප්‍රශ්නයක් නිසා නෙවේ. කලින් එහෙම ඒවා තිබ්බ එ්ත් මේපාර එහෙම එකක් නෙවෙයි (බ)
ආබාධිත දරුවෙක් යන වචනය කරුණාකර ඉල්ලා අස්ස්කරගන්න . මට ඔබ ගැන ලැජ්ජායි. (බ)
නොරෙච්චෝලේ ගැනම කිය කියා ඉන්නේ නැතිව පටන්ගන්නකො සාම්පුර් බලාගාරය. අලුත් ආණ්ඩුවේ වැඩ අපිට පෙන්නන්නකො. හැබැයි උදේ 8 හවස 5 වගේ වැඩ කරලා නම් තේරුමක් නැහැ. දැන් පාරවල් හදන්නේ එහෙමනේ.(බ)
නන්දලාල්, ප්‍රංශයටත් විදුලිය නැතිවුණාද ? නැත්නම් ඉන්න තැන අමතක වුණාද? (බ)
නොරොච්චෝලේ කරච්චලේ ඉවර නැතිවුණාට විදුලි බලය නැති නිසා අල්ලපු ගෙදරින් ඇහෙන ටීවී කරච්චලේ, දවසෙන් වැඩි වෙලාවක් ඇහෙන තුට්ටු දෙකේ ඉන්දියන් බජව් කරච්චලේ එහෙම ඉවර වෙලා තියෙන එක නම් කන් වලට මීපැණි වත්කරන්නා වගේ හොඳ දෙයක්. (නි)
මම ජීවත්වෙන්නේ ජර්මනියේ. මේ රටට ලැබෙන හිරු එළිය අඩුවුණත් මේ රට වසර ගණනාවක් පුරා හිරු එළියෙන් විදුලිය ලබා ගන්නවා වගේම තව තව මේ සඳහා වියදම් කරමින් වැඩිම බලය ගන්න උත්සාහ ගන්නවා. නමුත් වසර පුරාම හොඳට හිරු එළිය ලැබෙන අපේ රටේ මෙතෙක් හරි පිළිවෙලකට හිරු එළියෙන් විදුලි බලය ලබාගන්න කිසිම දෙයක් කර නැහැ (නි)
අනේ නන්දලාල් අපි නොදන්නේ ප්‍රංශය.බොරුවට නිකන් බයිලා ගහන්නේ නැතුව ඉන්නවද. රෑට වැඩ ඇරිලා ඇවිත් නිදා ගන්න නැතුව අල්ලපු කාමරවල ඉන්න අරාබි , ඇෆ්රිකන් අය, ප්‍රංශ කෙල්ලෝ කොල්ලෝ රෑ ඉදල එලි වෙනකම් කෑ ගහන කොට,පාටි දානකොට බිත්තියට ගහ ගහ ,119 ට කතා කර කර කන පරිප්පුව සැප ඇති.(බ)
දීපු පොරොන්දු ඉටු කරන්න බැරිවෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ ලංකාවේ නේද?? (හේ)
දේශපාලුවො කවදද ඇත්ත කිව්වෙ ජනතාව රවට්ටන්න බෑ (හේ)
කුණුකසල යොදා ජීව වායුව නිපදවා ඉන් විදුලි බලය සහ කාබනික පොහොර හදමු (නි)
වැඩ බැරි තොම්සන් කට අරී (බ)
ඔහොම කියයි කියල අපි හිතුවා....(බ)
මේක නම් කවදාවත් ඉවරවෙන කරච්චලයක් නෙමෙයි (නි)