(නිමල කොඩිතුවක්කු)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් උග‍්‍ර පාරිසරික සහ සමාජීය අර්බුදයක් නිර්මාණය කරමින් පවතින බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ගොඩ ගැසෙන අළු කන්ද හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබඳ කළ සොයා බැලීම්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
නිරෝෂන් පෙරේරා මහතා මෙසේද කීය
“පසුගිය රජය නොරොච්චෝලේ බලාගාරය ඉදිකරන සමයේ එක්සත් ජාතික පක්ෂය පුත්තලම් දිස්ත‍්‍රික් ජනතාව සමඟ එක්ව ඊට විරෝධය පල කළා. අද වන විට ගල් අඟුරු භාවිතයෙන් පසු ඉතිරි වන අළු නොරොච්චෝල බලාගාර භුමියේ කන්දක් ලෙස දිනෙන් දින ගොඩ ගැසෙනවා.
මෙම අළු කන්දේ බලපෑම් අවට ගම්වල ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනවා. මෙවැනි බලාගාර පද්ධතියකින් බැහැර කරන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. ශ‍්‍රි ලංකාව වැනි ජනඝනත්වය වැඩි රටක මෙවැනි පද්ධති නිර්මාණය කිරීමේදී පාරිසරික සංවේදීතාවය පිළිබඳව ප‍්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි. විදුලිබල මණ්ඩලය සතුව අපද්‍රව්‍ය කළමනාකරණයේදී විධිමත් වැඩපිළිවෙලක් නොතිබීමේ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මේ ජනතාවටයි.
අද වන විට නොරොච්චෝලේ බලාගාරයේ ගල් අගුරු දහනයෙන් ඉතිරිවන අපද්‍රව්‍ය මීතොටමුල්ල කුණු කන්ද මෙන් පරිසරහානියක් සිදු කරමින් පවතිනවා. මෙලෙස වැඩි අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉතිරි වන්නේ භාවිත කරන ගල් අගුරුවල ප‍්‍රමිතිය පිළිබද ගැටළුකාරී තත්වයක් හේතුවෙන්. මෙම ගැටලූවට විදුලි බල මණ්ඩලය විසදුමක් ලබාදෙන බව පැවසුවත් ප‍්‍රයෝගික විසදුමක් මේ වනතුරු ලබාදී නැහැ.
පෞද්ගලික විදුලි මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් බිලියන ගණන් වැය කිරීම ඊට උදාහරණයක්. පසුගිය වසරේ බිලියන 07ක පමණ හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කර තිබෙනවා. මේ වසර සඳහා ද රුපියල් බිලියන 18ක විදුලි මිලදී ගැනීම් සිදු කිරීමට නියමිතයි.
නොරොච්චෝලේ අළු කන්දදෙන් පීඩාවට පත්ව සිටින ඒ අවට ගම්බිම් වල ජනතාවගේ ජන ජිවිතයට අරුවක්කාඩු කසල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සැක මතු කරන තත්ත්වයක් උද්ගතවෙලා. අළු කන්දට විසඳුම් නොමැතිනම් කුණු කන්දට කුමක් වේදැයි ජනතාව අපෙන් අහනවා.“යැයි ඒ මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අළු අරගෙන ගඩොල් හදන්න ගන්න. සැහැල්ලු කල්පවතින ගඩොලක් හැදිය හැකියි.... නව තාක්ෂණයට අනුව.
එතකොට මේක හදනකොට ඒ දවස්වල අළු එකතු වෙනවා කියලා දැනගෙන හිටියේ නැද්ද මන්ත්‍රීතුමා? එතකොට හොඳ වුණු අළු අද නරක වෙලා වගේ !!!
ප්‍රින්ටර්ස් වලට ටෝනර් හදන්න පුළුවන්...
මේ රජයට තියෙන්නේ පුදුම කුහකකමක්. නොරොච්චෝලේ මෙගා වොට් 300 ක විදුලි සැපයුම තිබ්බේ නැත්නම් අද කොහොමද රට දුවන්නේ? එ්ක තිබිලත් විදුලිය කප්පාදු කරපු රජය ලැජ්ජාවක් නැතිව බනිනවා. ඒ මදිවට සල්ලිවලට ගත්විදුලිය ගැණත් එතනම කියනවා. නොරොච්චෝලේ තිබ්බේ නැත්නම් තව බිලියන කීයක් පෞද්ගලික අංශයට පුදනවද? විදුලිය ගැන කතාවක් නෑ, අළුගොඩ පේනවා. කුමාර් ගල්ෆ් කියනවා වගේ ගඩොල් වගේ දෙයක් හදන්න උත්සාහ නොකර දුක කියනවා මිනිස්සුන්ට. හිඟන්නාගේ සිට මිනිස්සු පාලකයෝ පත් කරන්නේ බදු ගෙවන්නේ ප්‍රශ්න විසඳන්න මිසක් දුක අහන්න නෙවෙයි.
කුමාර්ගේ අදහස නම් ප්‍රායෝගිකයි. අවට ජනතාවට ගෘහ කර්මාන්තයක් හැටියට අදායම් මගක්. එසේ නැතිනම් කර්මාන්ත ශාලාවක් හැටියට. තවත් අදහසක් නම් කුණු දමා අළු තට්ටුවකින් අාවරණය කිරීම. අරුව්ක්කඩු තියෙන්න හුණුගල් ගත්තු වලවල් නිසා පාරිසරික දූෂණයද ටිකක් අඩුවේවි. සමහරවිට භූගත ජලය දූෂණයවිය හැකිමුත් හුණුගල් නිසා අවම විය හැකිය.
මෙම අළු ප්‍රයෝජනයට ගැනීමට නොයෙකුත් ක්‍රම තියෙනවා. මේවායින් නොයෙකුත් දේවල් හදන්න පුළුවන්. පරිසරයට හානි නොවෙන විදියට මෙම අළු භාවිතාවට ගැනීම බොහෝ රට වල කරනවා. කවුරුවත් අළු කන්දක් වගේ ගොඩ ගහ ගන්නේ නැහැ.
එජාප අමාත්‍ය නිරෝෂන් පෙරේරාටත් තියෙන්නේ ඇමෙරිකන් පුරවැසිභාවය නිසා මොහුවත් ගීතා වගේම ගෙදර යැවිය යුතුයි. අනෙක මෙයා අවුරුදු 16 පටන් අවුරුදු 26ක් විතර හිටියේම ඇමෙරිකාවේ.
ජාතික අපරාධ රට ගැන නොහිතා සාක්කු ගැන විතරක් හිතපු නැහැදිච්ච දේශපාලකයෝ මේවාට වග කියන්න ඕනෑ. රටේ බලය ගත්තට පස්සේ මහාජනතාවට හෙණ ගැහැව්වත් ඒ අයට වැඩක් නෑ.
මේස සල්ලි. කව්ද කියන්නේ කුණු කන්දක් කියලා.. මේක සල්ලි කන්දක්...
මේවා සිමෙන්ති දෙනවා සිමෙන්ති හදන්න ගන්නවා....කවුද මේවාට අලු කියන්නේ...